IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිශ්‍ර-අවශේෂ කසළ කරදියානට බැහැර කිරිම හෙට සිට තහනම්

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

පළාත් පාලන ආයතන හතක කසළ බැහැරලන කරදියාන කුණු කන්දේ  භූමි ස්ථායීතාව පිළිබඳව ඇති වූ බරපතළ ආපදා තත්ත්වයක් හේතුවෙන් හෙට (1) සිට ක්‍රියාත්මක වන පරිදි මිශ්‍ර කසළ සහ අවශේෂ කසළ කුණු කන්දට බැහැරලීම තහනම් කර පළාත් පාලන ආයතනයන දැනුවත් කිරීම කළ බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසයි.

කරදියාන කුණු කන්දට මහ නගර සභා තුනකින් නගර සභා තුනකින් සහ ප්‍රාදේශීය සභාවකින් කසළ මුදාහැරෙන අතර ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව,මොරටුව මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සහ කැස්බෑව නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, මහරගම නගර සභාව මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභාවට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතාගෙන් විමසීමේ දී  පැවසුවේ බස්නාහිර පළාතේ ඇති කුණු කඳු 21  එකක් වන කරදියාන කුණු කන්දට කසළ මුදාහැරීම අවසන් සීමාවට පැමිණ තිබෙන බැවින් මෙය ආපදා තත්වයක් ලෙස සළකා කටයුතු නොකළහොත් කුණු කඳු කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බවයි.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ ඛේදවාචකය පූර්වාදර්ශයක් කර ගනිමින්  2019 දෙසැම්බර් මාසයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් කරදියාන කුණු කන්ද භූමි ස්ථායිතා පරීක්ෂණ තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළ බව මාන්නප්පෙරුම මහතා කීය.

තවද ස්ථායිතාවයේ මෙම තත්ත්වය උදාවීමට හේතු ලෙස අධිකාරිය මගින් පෞද්ගලික ආයතනයක්  සමග සම්බන්ධ වෙමින් 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ වාණිජ මෙහෙයුම් කටයුතු ඇරඹීමට සැලසුම් කර තිබු දිනකට මෙට්‍රික් ටොන් 500 ධාරිතාවයෙන් යුතු විදුලි  ව්‍යාපෘතිය ප්‍රමාදවීම දැඩි බලපෑම් එල්ල කර ඇති බව ද  වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපෘතිය ප්‍රමාද වීමට හේතුව කුමක්දැයි විමසා සිටි අතර එහිදී ඔහු පැවසූවේ රජයේ පාර්ශවයන්ගේ ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසියාකාරයෙන් ඉටු කිරීම ප්‍රමාද කිරීම සහ මන්දගාමී වීමෙන් විදුලි ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වු බවයි.

නිසි කලට මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට හැකි වූයේ නම් කරදියාන කුණූ කන්දේ  භූමිය ස්ථායිතාව පිළිබඳ ගැටලු මතු නොවන බව පෙන්වා දෙන ඒ මහතා වර්තමාන රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය නිලධාරීන් කාර්‍යක්ෂම කිරීමේ නව වැඩපිළිවෙළ සමග මෙම ව්‍යාපෘතිය කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසීය.

විදුලි ව්‍යාපෘතිය බලගැන්වෙන්නේ නම් කසල කරදියට මුදාහැරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව සඳහන් කළ ඒ මහතා දැනට මෙම ක්‍රියාත්මක වීම සිදු කළ යුතුව ඇති බව කීය.

ඒ සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා මෙන්ම මෙම වාර්තාව පැමිණි දින සිටම පළාත් පාලන ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ බවත් විකල්ප ස්ථාන හඳුනාගන්න ලෙසටත් ඒ ඔස්සේ ක්‍රියාත්මක වන ලෙසටත් ඔවුන්ට දැන්වු බව ඔහු පැවසීය.

එහි මුලික පියවරක් ලෙස ඉඳුල් අපද්‍රව්‍ය 10% දක්වා අඩු කරන ලෙසද දැනුම් දී තිබුණු බව සඳහන් කළ නලීන් මහතා එසේ දැනුම් දී තිබුණද ඉඳුල් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉතාමත් ඍණ මට්ටමේ පැවති බවද පැවසීය.

බස්නාහිර පළාත තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති පළාත් පාලන මට්ටමින් කසළ 75% භාවිතයට ගමු යන සංකල්පය යටතේ ක්ලීන්අප් 75 යන වැඩසටහන මෙන්ම එහි තෙවැනි පියවර ලෙස පළාත් පාලන බල ප්‍රදේශ තුල නිවාස මට්ටමින් කසළ සම්පතක් කර ගැනීමේ පියවරක් ලෙස කොම්ෆෝස්ට් නිෂ්පාදනය කරවීමේ සැලසුම්ද ක්‍රියාත්මක කළ බව පැවසීය.



අදහස් (0)

මිශ්‍ර-අවශේෂ කසළ කරදියානට බැහැර කිරිම හෙට සිට තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site