IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මව - දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම


(මනෝප්‍රිය ගුණසේකර)

කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණීය දඬුවම් නියම කරන අවස්ථාවේදී ඔහුට විත්තිකූඩුව තුළ සිටගෙන සිටීමටවත් නොහැකි වන අන්දමට කකුල් පණ නැතුව ගිය අතර ඔහුට මරණ දඬුවම නියම නොකරන්නැයි ඉල්ලමින් ඔහුගේ මව සහ දරු දෙදෙනා අධිකරණ ශාලාව දෙවනත් කරමින් කෑකෝ ගසමින් ඇඬුහ.

කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන විත්තිකරු දරුවන් මෙන්ම සිය මවද රැක බලාගන්නා හෙයින් ඔහුට මරණ දඬුවම නියම නොකරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්තිකරු ජාවාරම් කිරීමට සූදානම් කරගෙන තිබූ කුඩු ග්‍රෑම් 693 සමාජගතවූයේ නම් විත්තිකරුගේ දරුවන් වැනි දරුවන් විශාල පිරිසක් විනාශ වන බවත් විත්තිකරුගේ මව වැනි මව්වරුන් විශාල පිරිසකට ඇඬීමට සිදුවන බවත් පෙන්වා දෙමින් විත්තිකරුට මරණීය දඬුවම පැනවීය.

කුඩු ජාවාරම මේ වන විට ලංකාවට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් වී ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට උසාවියට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් මාලිගාවත්ත ප්‍රදේශයේ හෙරොයින් බෙදාහරිනු ලැබු කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඞ් උවයිස් නමැත්තාට මරණීය දඬුවම් නියම කළේය.

මරණීය දඬුවම් නියම කළ හැකි හෙරොයින් ග්‍රෑම් 02ක ප්‍රමාණය මෙන් 300 ගුණයක හෙරොයින් ප්‍රමාණයක් විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයිද කුඩු ජාවාරම්කරුවකු නිසා මුළු සමාජයක්ම, ජන කොට්ඨාසයක්ම විනාශ වන හෙයින් අනෙකුත් කුඩු ජාවාරම්කරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසංක මෙන්ඩිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා කුඩු ජාවාරම්කරුට එලෙස මරණීය දඬුවම් නියම කෙරිණි.

2014 අප්‍රේල් මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත  ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 693.09 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්දව්යය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂනක අසංග ජයමාන්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි හෙළිවිය.

මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් පොලිස් මත්දව්යු නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂගක අසංග ජයමාන්න මහතා ඇතුළු නිලධාරීන් ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව  මාලිගාවත්ත ප්‍රදේශයේ ත්‍රී රෝද රථයකින් විත්තිකරු තවත් පිරිසක් සමඟ ගමන් කරමින් සිටි බවත් ත්‍රී රෝද රථයට නැවැත්වීමට අණ කළත් අණ කඩකමින් පළා යද්දී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ත්‍රී රෝද රථය පසුපසු හඹා ගොස් නවතාගෙන පරීක්ෂාත කිරීමේදී විත්තිකරුගේ අතේ තිබු කලු පැහැති බෑගයක් තුළ හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 984 ක් අඩංගු පාර්සල් 04ක් සොයාගත බවත් පැවසුහ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබු හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 984 ක් අඩංගු පාර්සල් 04 පරීක්ෂාවට ලක් කළ රජයේ රස පරීක්ෂකවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම්  693.09  ක් ඇති බව තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය.


විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණය අමතමින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන විත්තිකරු දරුවන් මෙන්ම සිය මවද රැක බලාගන්නා බවත් පවුගේ එකම ආදායම් උපයන්නා ඔහු බවත් මේ තත්වයන් යටතේ ඔහුට මරණ දඬුවම නියම නොකරන්නැයි ඉල්ලා සිටියාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතෙ අසංක මෙන්ඩිස් මහතා අධිකරණය අමතමින් මරණීය දඬුවම් නියම කළ හැකි හෙරොයින් ග්‍රෑම් 02ක ප්‍රමාණය මෙන් 300 ගුණයක හෙරොයින් ප්‍රමාණයක් විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයිද මෙම කුඩු ජාවාරම්කරු සතුව තිබු හෙරොයින් ප්‍රමාණය සමාජගත වුවේ නම් සමාජයට අති විශාල විනාශයක් සිදුවීමට තිබු බවත් පැවසීය.

අනෙකුත් කුඩු ජාවාරම්කරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි  රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසංක මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරු ජාවාරම් කිරීමට සුදානම් කරගෙන තිබු අති විශාල හෙරොයින් ප්‍රමාණයක් වන කුඩු ග්‍රෑම් 693 සමාජගත වුවේ නම් විත්තිකරුගේ දරුවන් වැනි දරුවන් විශාල පිරිසක් විනාශ වන බවත් විත්තිකරුගේ මව වැනි මව්වරුන් විශාල පිරිසකට ඇඩීමට සිදුවන බවත් පෙන්වා දෙමින් විත්තිකරුට මරණීය දඬුවම පැනවීය.



අදහස් (18)

මව - දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම

සුපුන් Tuesday, 05 March 2019 10:42 AM

අඬන්න එපා දරුවනේ මරණ දඬුවමට අත්සන් කරන්න කොන්ද පන තියෙන එකෙක් 1970 ගණන්වලින් පස්සේ ලංකාවේ නායකත්වයට පත්වෙලා නෑ.

:       3       738

atthanayake Tuesday, 05 March 2019 10:48 AM

තීරණය නිවරදි . එල්ලන්නේ කවද නඩුකර හාමුදුරුවනේ. කබාය නම් සුදානම්. ජනාධිපතිතුමා පස්සගැහුවොත් උන්නේහෙට විරුද්ධවෙන සෙනග වැඩි

:       1       234

Bamunuarachchi Tuesday, 05 March 2019 10:50 AM

මරේ මරු කුඩු ග්‍රෑම් 693 සමාජ ගතවුයේ සමාජයම විනාශ වෙනවාලු කතාව ඇත්ත. නමුත් ඔය කුඩු අමුතුවෙන් සමාජ ගතවිය යුතු නැත. ඔය කුඩු භාවිතා කරන බොහොමයක්ම දැනටමත් කුඩුවලට ඇබ්බැහිවී ඇති අයයි. මේ කුඩු මේ මිනිහා නිපදවූ ඒවා නොවෙයි එසේ නම් මොහුට කුඩු ලැබුනේ කෙසේද කියා සොයා බලන්නේ නැද්ද? කිලෝ සිය ගණන්වලින් අසුවෙන කුඩු ගොඩවල් අයිති කාටද ඒ ගොල්ලන්ට මේවනතුරු දඬුවමක් ලැබුණ බව අසා නැත.

:       74       380

සඳුන්Tuesday, 05 March 2019 11:34 AM

මහත්මයා ගසක් මුලිනුපාටා දමන්න. කොලයි අතුයි කඳයි මුලුයි ඔක්කොම කපන්න ඕනෙ. හදවතට වඩා බුද්ධියට මුල් තැන දුන් විනිසුරුතුමාට මල් මිටක් ...

:       82       226

වෙල් විදානෙTuesday, 05 March 2019 08:55 PM

ඔය ගස් බමුණට ඕවා තෙරෙන්නෙ නැහැ සදුන්.

:       0       16

PereraTuesday, 05 March 2019 12:57 PM

එතකොට වෙලේසුදා,මදුෂ්, ඔය කිහිපක් පමණි, බමුණෝ ඔයා පුවත්පත් කියවන්නේ නැතිද?

:       66       43

sarathSaturday, 09 March 2019 08:36 AM

රට මෝඩයෙක්!. කුඩු බොන එකා තමයි සල්ලි නැති වුණාම තවත් කෙනෙකුට කුඩු ඇබ්බැහි කරවලා විකුණන්න පටන්ගන්නේ. ඕකත් හරියට අර පිරමීඩ බිස්නස් එක වගේ... එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. විකුණන ඔක්කොම එල්ලන්න ඕනේ. සල්ලි හොයන්න හොඳ ක්‍රම තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා නම් ඒ ළමයි කුඩුවලට ඇබ්බැහි වුනොත් මොනවද වෙන්නේ කියලා අනිත් අයට විකුණන්න කලින් හිතන්න තිබුණා...

:       0       0

Karunarathna Belihul oya. Tuesday, 05 March 2019 11:28 AM

විත්තිකරුට අනියමින් උදව්කරන විත්තියේ නීතීඥ වරියටත් දඩුවමක් දුන්නානම් හොඳ නැද්ද? මම නොදන්නා නිසයි අහන්නේ?

:       160       573

RaveendraTuesday, 05 March 2019 01:43 PM

කරුණාරත්න බෙලිහුල්ඔය මයා වෙත, ඔබ විසින් දක්වා ඇති අදහස් එකිනෙකාගේ අන්‍යෝන්‍ය අවබෝදය මත සිදුවිය යුතු උනත් මුදල් නිසා ඕනෑම හොරෙකු , කුඩුකාරයකු නිර්දෝෂී කීමට තරම් එම වර්තිය බාල්දුවී ඇති බව කිව යුතුය. කෙසේ වෙතත් විනිසුරුතුමාගේ කතාවනාම් මසුරං වටී. අප ගරු අධිකරනයටත් විනිසුරුතුමාටත් නිවැරදි තීන්දුව ලබාදීම පිලිබදව හදවතින්ම ස්තුති වන්ත වන්නෙමු.

:       130       423

leel gunawardena Tuesday, 05 March 2019 12:00 PM

මේක මෙහෙම වුනහම මේ මනුස්සයට මරණ දඩුවම හිමිවෙනවා නමුත් මහා පරිමානෙන් කුඩුජාවාරම් කරන අයට කිසිදෙයක් වෙන්නේ නැහැ නේද ? ඒ මොකද. ඒ අය දේශපාලකයන්ගේ හෙන්චයියලා නිසා නේද ලංකාව ගැන ඇතිවන්නේ කණගාටුවක්.

:       0       46

kule Tuesday, 05 March 2019 12:24 PM

මෙතරම් කුඩු ප්‍රමාණයකට මරණීය දණ්ඩනය නියම කරානම් ට්‍රිලියන් ගණන් හොරකම්කරලා පරම්පරා ගණනක් අසරණ ජනතාව අනියම් ආකාරයෙන් දුකටත් ආර්ථික පීඩනයන්ටත් පත්කළ මහා බැදුම්කර හොරුන්ටත් මරණීය දණ්ඩනය නියම කරන්නේ කවදාද.

:       0       107

Hafeel Tuesday, 05 March 2019 03:21 PM

මේ නීතීඥවරියටත් දරුවන් ඉන්නවා ඇති. මුදල් හම්බකරනවා කියලා මෙහෙම ඉල්ලන්නේක සාධාරණද? මේ අම්මට මේ පුතා, මේ දරුවන්ට මේ පියා නැති වේවි කියා දුකනම්, මේ අපරාධකරුවා නිසා කී දෙනකුගේ ජීවිත විනාශ වෙලා ඇතිද.

:       0       113

Sarasi Tuesday, 05 March 2019 06:42 PM

මොහුගේ මව විසින් මේ විත්තිකරුගේ ඉරණමේ වගකීමෙන් භාගයක් භාරගත යුතුයි. අපේ මව්පියන් අපට කුඩා කල සිට කිව්වේ කන්න නැතිව පාරේ මැරුණත් සමාජ විරෝධී රැකියාවක් රටට අපකීර්තිමත් කටයුත්තක් කරන්න එපා කියලා. නිදහස් කළා කියමුකෝ. ඊළඟට දරු පවුලට මවට කන්න දෙන්නේ අනුන්ගේ දරුවන්ට සහ මව්වරුනට ආයෙත් ගිණිගෙඩි දීලද ?

:       1       18

kuma Tuesday, 05 March 2019 09:07 PM

ග්‍රෑම් 693ට මරණ දඬුවම. කිලෝ 300 ගණන් අරන් ආව අයට දඩුවම් කෝ?

:       0       0

Rehan Wednesday, 06 March 2019 03:45 AM

ඉතාමත් නිවැරදි තීරණයක්. මාකදුරේ මදුෂ්ටත් මේ තීරණයම ලැබෙනවානම් තවත් සතුටුවෙමි.

:       0       3

එල් කුලරත්න Wednesday, 06 March 2019 04:38 AM

අනේ මම නම් නෑ ඕවට.

:       0       0

Bandula. Wednesday, 06 March 2019 09:08 AM

නිවැරදි තීරණයක්. ඔබතුමාට අපගේ ආචාරය.

:       0       10

ranjith Saturday, 09 March 2019 11:14 AM

විලාප දෙන්න නෙවෙයිනේ තිබුනේ... මේ කාලකන්නි කුඩු විකුණන්න එපා කියලා මුලින් කියන්න තිබුනේ නැතිද? අනුන්ගේ දරුවන් මොනවා වුණත් කියලා මේ පෙරේතයන් කුඩු විකුණනවා... දෙන මරණ දඬුවමට බයේ දඟලනවා. හැමතැනම පොස්ටර් ගහලා පාණාතිපාත කියලා සතුන් මරණ එක පව් වුණාට මේ රටේ දරු පරපුර විනාස කරන මේ කාලකන්නි කුඩු කාරයෝ මරණ එක පිනක් මිසක් පවක් වෙන්නේ නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 552 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site