IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාවනැල්ලේ බුදු පිළිම කැඩූ 17 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(සමන් විජය බණ්ඩාර)

මාවනැල්ලේ ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (13) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ අතර කාන්තාවක්ද සිටියි.

සැකකරුවන් දෙදෙනෙක්ට රැකවරණය සැපයු නාවලපිටිය උලපනේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙක් අත්අඩංගුවට ගෙන අද (13) වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මෙම සිද්ධියට සම්බන්ධව වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව්දෙනෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙම පුද්ගලයන් සිව්දෙනා ආයුධ තොගයක්ද සමඟ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර අද (13) වැනි දින එම සැකකරුවන් සිව්දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනෙක් මාවනැල්ල මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අදාල සැකකරුවන් රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කර යුතු බවයි.

අධිකරණයට ඉදිරිපත් කළ වනාතවිල්ලුව ප‍්‍රදේශයෙන් අල්ලා ගත් සැකකරුවන්ගෙන් රඳවා ප‍්‍රශ්න කිරීමට අවස්ථාව මහෙස්ත‍්‍රාත්වරයා ලබා දුන්නේය.

කෑගල්ල බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගෙන්ද ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත‍්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටි අතර බන්ධනාගාර අධිකාරිවරයාට ඒ බව දන්වා අවශ්‍ය පරික්ෂණ පෙබරවාරි 15 වැනිදායින් පසුව සිදු කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.



අදහස් (4)

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ 17 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Nihal Wednesday, 13 February 2019 07:09 PM

වැඩේ වැරදි නිසා මොවුන් ඇල්ලුවා

:       0       0

රොෂාන් Wednesday, 13 February 2019 09:11 PM

බුද්ධ ධර්මය විකුනලා බඩ පුරවා ගන්න අය ඔය වැඩේට සම්බන්ධ වෙලා ඇති අනීවාර්යයෙන්ම. ආයේ කතා දෙකක් නැහැ? ගිනි තියලා තමයි වැඩේ පටන් ගන්නේ?

:       122       1

jagath Thursday, 14 February 2019 04:07 AM

නිදහස් කලත් තත්ත්වය ඊට වඩා දරුණු විය හැකියි..

:       8       122

Bamunuarachchi Thursday, 14 February 2019 07:30 PM

අඬු කඩලා එලියට එවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site