IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

(සමන් විජය බණ්ඩාර)

මාවනැල්ලේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියට අදාල නඩුව මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (25) නියෝග කළේය.

බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් වන්නේ මාවනැල්ල දෙල්ගහගොඩ මොහොමඞ් අලූෆර්, එම ප‍්‍රදේශයේම අංක 33 නිවසේ පදිංචි මොහොමඞ් ෆයිසර්, දෙල්ගහගොඩ, හිගුල, මාවනැල්ල පිදිංචි මොහොමඞ් අක්බර් මොහොමඞ්, දෙල්ගහගොඩ හිගුල පදිංචි මොහොමඞ් සුෆියාස්, කෙහෙල්වත්ත, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් අස්වර් අතීක්, අලූත්නුවර පාර, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් කලීල්,  දනාගම, මාවනැල්ල පදිංචි නජිබුදීන්, කලූගමුව, ගෙලිඹය පදිංචි මොහොමඞ් අෆාර්දීන්, තඹාල, පොළොන්නරුව පදිංචි මොහොමඞ් මුස්තාපා, මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි රෂිඞ්, දනාගම, මාවනැල්ල මොහොමඞ් අස්ලම් අකිල් අහමඞ්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි අබ්දුල් ජබාර්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි ඉසදීන් සිත්ති යන සැකකරුවන් 13 දෙනා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම්භාරයේ සිට මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලද හම්බන්තොට ප‍්‍රදේශයේදි අත්අඩංගුවට පත් වු සැකකරුවන් දෙදෙනා වන සෙයිදු නසීර් මව්ලානා සහ ජමාල්දීන් මොහොමඞ් ෆයිස් යන සැකකරුවන් 2 දෙනාද වෙති.

මාවනැල්ලේ  ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙදෙනෙක් කඩුගන්නාව මාවනැල්ල දිදුරුවත්ත ප්‍රදේශයේ බුදු පිළිමයක් කඩද්දී ප‍්‍රදේශවාසීන් විසින් ඉන් එක් තරුණයකු අල්ලා මාවනැල්ල පොලිසියට භාර දුන් අතර තවත් අයෙක් පැන ගොස් ඇත.

මෙ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන ආරක්ෂක අංශ අධිකරණයට දන්වා සිටින්නේ මේ පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු වෙමින් පවතින බවයි.

ඒ අනුව දැනට මාස 7 කට වැඩි කාලයක් තිස්සේ බුදු පිළිම කැඩිමේ සිද්ධිය සම්බන්ධ නඩුව තව දුරටත් කල් යමින් සැකකරුවන්ගෙන් තොරතුරු අනාවරණය කරන ආරක්ෂක අංශ මේ හරහා පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් අනාවරණය කිරීමට සමත් වී ඇත.

 

 



අදහස් (1)

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

rasika Thursday, 25 July 2019 07:43 PM

BBC එකෙන් එහෙම මේ ගැන වැඩසටහනක් කරන්න බැරිද? මේ බුදු පිළිම කැඩීම ගැන.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 434 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site