(නිමන්ති රණසිංහ)
මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් එකොළොස් දෙනා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රත් උපුල් රාජකරුණා මහතා අද (30) නියෝග කළේය.
එසේම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඩෙටනේටර් 700ක් විනාශ කර වාර්තාවක් ලබා දෙන ලෙසට කෑගල්ල නාරන්බැද්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා වෙත ද අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (30) යළි කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් එකොළොස් දෙනෙකු බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd