ව්‍යවස්ථානුකුලව දේශපාලන සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සුදුසු නිසි පියවරක් ගන්නා ලෙස දන්වමින් මහා විහාරවංශික ශ්‍යාමෝපාලික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය , සමාජය , දේශපාලන මෙන්ම ආගමික කටයුතු දිනෙන් දින පිරිහෙමින් රටේ පැවැත්ම බිඳ වැටෙන බවත් , මෙවැනි තත්ත්වයකදී රටේ පළමු පුරවැසියා ලෙස ඇතිව ඇති අර්බුධකාරී තත්ත්වය සමනය කිරීම ට ජනාධිපතිවරයා විසින් පියවර ගත යුතු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
(36698)
එම ලිපිය පහත දැක්වේ .

COMMENTS
හැමෝම බෙදිලා පක්ෂ වශයෙන්, ආගම් වශයෙන්, ජාතීන් වශයෙන්, ගැහැණු පිරිමි වශයෙන්. කොටින්ම හාමුදුරුවොත් බෙදිලා. මේක තමා මේ රට හැමදාම එක තැන තියෙන්න හේතුව.
අපේ එජාප නායක හාමුදුරුවෝ. ඔබ වහන්සේ දැන්ද අවදි වුනේ? අවුරුදු ගණනාවක් පළාත් සභා ඡන්ද නැහැ.
ස්වාමීන් වහන්ස රට විනාසයි. ජනාධිපතිට කන් ඇහෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ.. සියල්ල විනාශ වෙගෛන යනවා. සියල්ල යවලා මහකෙනා බලා ඉන්නවා. ඉතිහාසයේ කැතම නායකයාගේ බලලෝභී හිතුවක්කාර පාලනය සියල්ල විනාශ කරගෙන යනවා..
නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ තියා බුදුහාමුදුරුවෝ කිව්වත්, දේවදත්තයා සහ පිරිවර මේච්චල් කරන්න බැහැ! හෙට අනිද්දා වෙනකොට අායෙමත් ඔබ වහන්සේ බැහැ දකින්න අටපිරිකර එහෙම උස්සා ගන ඒවි. එතකොට ඔබ වහන්සේත් ආශිර්වාද කරාවි. දුෂ්ටයා පිටු දකින්න තරම් එඩිතරකමක් නැත් නම් ඔබ වහන්සේගේ නායක කමිනුත් රටට ඇති ඵලක් නැහැ!
මේ දඹර අමිල හිමියන්ගේ ලොකු හාමුදුරුවන්නේ. කියන ඒවා එච්චර ගනන් ගන්න එපා..
අපේ හාමුදුරුවනේ එකම සදාචාරාත්මක ක්‍රමය තමයි රටේ ජනතාවට තමන් කැමති රජයක් පිහිටුවා ගැනීමට ඉඩදීම. ඒක තමයි එතුමා කලේ. ඡන්දෙකට ගියොත් එජාපෙ පරාද වෙන නිසා ඡන්දෙකට යන්න ඔවුන් භයයි.