(නිමල කොඩිතුවක්කු)
කතානායක කරූ ජයසූරිය මහතා වෙත විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ. එම ගෞරව සම්මානය මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී ලබන අඟහරුවාදා (19) පිරිනැමේ.
මෙයට පෙරද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයද, සාරාරථ දර්ශි ජනතා නායක ගෞරව නාමයද කරූ ජයසූරිය මහතා වෙත ප්‍රදානය කර තිබිණ.
ජපන් අධිරාජ්‍යා වෙතින් ප්‍රදානය කෙරෙන ජපානයේ ප්‍රධානතම ගෞරව නාමය වන“උදාවන සූර්යා සම්මානය” පසුගිය වසරේදි කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමිනි.
2017 වසරේදි ඉන්දියාව විසින් “ විශ්ව සාම” සම්මානය කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමුනු අතර ඉන්දියාවේ අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන“ආසියාවේ අභිමානය” සම්මානය ද කරූ ජයසූරිය මහතා වෙත පිරිනමනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් පාර්ශ්වය " හිට්ලර්" වෙන්න කියයිද මන්දා?
මෙතුමාට මුලුලෝකවාසින්ගේ ගෞරව සම්මාන දුන්නත් මදි... ඔබතුමාට ඉදිරි කටයුතු කරගෙනයාමට සම්බුදු සරණින් නිදුක් නිරෝගී සුව පතමි...
කරුට විතරක් සලකන එක වැරදියි, මහනායක හාමුදුරුවනේ.... අගමැතිකම රැකලා දෙන්න දිවි පරදුවට තබා ක්‍රියා කළ සුමන්තිරන් සහ අනුර කුමාරටත් මොනවා හරි පට්ටමක් දීලා දාන්න. එයාල පව්නේ..
එතුමාට සම්මානයක් දීපු එකේ වැරැද්දක් නැහැ. ඒත් ඔබ වහන්සේලාට මීට වඩා අපේ බුදු දහම වෙනුවෙන් කළ යුතු දේ තිබ්බත් ඒ වගකීම සිදුවෙන්නේ නැහැ. ශාසනය පිරිහිලා හාමුදුරුවනේ... චීවරය බිස්නස්වලට යොදාගෙන... සමහරු ගුරුකම් පස්සේ... දේවාල පස්සේ... කණගාටුම දේ කලකණ්ණි දේශපාලකයන්ටත් කඩේ යනවා සමහරුන්. ඒ අස්සේ අර බොරලැස්ගමුව පැත්තේ කෙනෙක් බෙරිහන් දෙනවා. මෝඩයෝ රැලකුත් ඒ පස්සේ යනවා. ඔබ වහන්සේලාගේ නායකත්වය නමට විතරයි.
මල්වත්තේ නාහිමි එජාප පාක්ෂිකයෙක් නේ..
ඔක්තෝබර් 26 සිද්ධියේදී මෙතුමා දැක්වූ එඩිතරභාවය සත්තකින්ම ප්‍රශංසනීයයි. පක්ෂ, පාට නොතකා නම්බුනාම ප්‍රදානය කිරීම සාධාරණයි. අපේ සුබ පැතුම්...!
සම්මාන දීම පැත්තක තියලා මාලිගාව ඉස්සරහ කරන සල්ලි ගරනා අසික්කිත වැඩේ නවත්තන්න. මොන කෙහෙල්මලකටද විදේශිකයන්ගෙන් සල්ලි ගන්නේ ආගමික සිද්ධස්ථානයක් බලන්න. මෙතන විතරක් නොව සියලු සිද්ධස්ථානවල මෙය නොකළ යුතු දෙයක්.
මොවුන්ට මොන සම්මානද ?මොවුන් නිසා දුක් ගැහැට විඳිමින් ජීවිකාව ගෙනියන ජනතාවටයි සම්මාන පිදිය යුත්තේ ..
අතලොස්සක් අතරින් සිටින මහත්ම දේසපාලනය කරන උගත් මහත්මයෙක්
මේ මහානායක හිමිවරුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා. හොරුන්ට, තක්කඩි දේශපාලකයන්ට පිරිත් නූල් බඳින එකයි සම්මාන දෙනඑකයි ඇරෙන්න ශාසනයට, රටට, ජනතාවට කෙරෙන සුගතියක් නම් නෑ...