IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


‘මූල්‍ය නීති පනත වෙනස්කිරීමේ උත්සාහය ගැටලුවක්’

(නාලක සංජීව දහනායක)
 
හදිසියේම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහය තමන්ට ගැටලු සහගත බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
 
ආණ්ඩුවේ අවසන් සමයේදී හදිසියේම මෙලෙස පනත් ඉදිරිපත් කිරීම හා පවතින නීති රීති වෙනස් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
 
මේ වනවිටත් 1949 වසරේ අංක 58 දරණ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව උත්සාහ ගනිමින් සිටින බව විපක්‍ෂනායකවරයා කීය. මෙලෙස පනත් වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක‍්‍රියාත්මක වන ඊ.පී.එෆ් අරමුදල වැනි අරමුදල් නිදහස් කරගෙන සිතූ ආකාරයෙන් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව කී විපක්‍ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය. 
 
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් මණ්ඩලයේ අනිවාර්ය නියෝජිතයකු ලෙස කටයුතු කළ යුතු බව කී විපක්‍ෂනායකවරයා ඔහු එම මණ්ඩලයෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමක් පත්කර ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය කිසිදු ආර්ථික විශේෂඥයකු අනුමත නෙකාරනු ඇතැයිද පැවැසීය.
 
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු පත්කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කළද මේ වනවිට කොමිෂන් සභා විසින් ඒ පත්කිරීම් සිදුකරන බව පැවැසූ විපක්‍ෂනායකවරයා ඒ අනුව රිසිසේ මුදල් අච්චුගැසීමට ආණ්ඩුවට විශාල නිදහසක් ලැබෙන බවද සඳහන් කළේය. ආණ්ඩුව මේ ආකාරයට දිගින් දිගටම ක‍්‍රියාත්මක වුවහොත් එහි සියලු බරපැන ඉදිරියේදී ජනතාවට දැරීමට සිදුවනු ඇතැයි විපක්‍ෂනායකවරයා කීය.
 
යම් හෙයකින් පනත් වෙනස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ විෂය ක්‍ෂේත‍්‍රයේ බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කළ යුතු බවත් එසේ නොකර හදිසියේම පනත් වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය සම්බන්ධයෙන් තමන්ට ප‍්‍රශ්නයක් ඇති බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
 
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘මූල්‍ය නීති පනත වෙනස්කිරීමේ උත්සාහය ගැටලුවක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 611 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 817 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site