IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මාලඹේ උසස් තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතාවක් ගැන මැතිසබයට හෙළිදරව්වක්

.(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැදගත් පිරිස් බිහි කරන බව පවසමින් ඇරඹූ  මාලඹේ උසස් තාක්ෂණික ආයතනයේ  තිදෙනෙකු 2018 වර්ෂයේදී  එම ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඒ ආයතනය සහ එහි අක්කර 25 ක ඉඩම යන දෙකම තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස භුක්තියට ලියා ගැනීම බරපතළ වරදක් බව  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

මේ ගනුදෙනුව සිදුවී ඇත්තේ රාජ්‍යයට විරුද්ධව බවත්  රටේ ජාතික සම්පත් උපක්‍රමික මෙහෙයුමකින් රජයෙන් ඉවත් කිරීම පිළිබඳ හොඳම කතාව ඇත්තේ මෙම සිද්ධිය පිටුපස බවත්  හෙතෙම පැවසුවේය.

හේරත් මහතා මෙසේ පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  වාර්තා සම්බන්ධයෙන්  පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

මාලබේ උසස් තාක්ෂණික ආයතනය සහ තවත් ආයතන ගණනාවක සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක්  සම්බන්ධයෙන් ඔහු මෙහිදී තොරතුරු අනාවරණය කළේය.

මාලඹේ උසස් තාක්ෂණික ආයතනයේ  රාජ්‍යය සතු සම්බන්ධතාව ක්‍රමානුකූලව නිමාකිරීමට ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගේ මහපොළ භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු කටයුතු කළ බව පැවසූ හේරත් මහතා  රාජ්‍ය සම්පත් මහ දවල්  මෙලෙස රජයෙන් ඉවත් කිරීම  බරපතළ  වරදක් බවද  ප්‍රකාශ කළේ‍ය.

මෙම මහා මෙහෙයුමට එළියේ සිටි අය වගේම ඇතුළෙ සිටි අයත් සම්බන්ධවී ඇතැයි මහාචාර්යවරයා පැවසුවේය.



අදහස් (4)

මාලඹේ උසස් තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතාවක් ගැන මැතිසබයට හෙළිදරව්වක්

MO77 Friday, 22 October 2021 03:57 PM

මෛත්‍රිගේ ගෙදර ප්‍රශ්නය ගැන මොකද වුණේ?

:       4       15

ambanpola Friday, 22 October 2021 05:16 PM

කොළඹ විශ්ව විද්‍යාලයටත් ඔය වගේම පරීක්ෂණයක් කළා නම් නරකද? ඒ ගැන කතාකරලා නම් වැඩක් නෑ...

:       4       8

MO77 Friday, 22 October 2021 08:41 PM

වයඹ පළාතේ දැයට කිරුල සහ විශ්ව විද්‍යාල ග්‍රාමීය ව්‍යාපෘති විමර්ශණය කළ යුතුයි..

:       3       11

sam Saturday, 23 October 2021 07:41 AM

අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ කවුරුහරි ඕකේ උඩම ඇති... කොමිසමත් වෙන නමකින් ඇති. ඒ අය තමයි මේ රටේ හැම ගසාකෑමකම පුරෝගාමීන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 967 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site