(රංජන් කස්තුරි)
මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති හෙයින් සහ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට නීතිපති උපදෙස් ලැබී ඇති හෙයින් ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් නොමැති ඇතැමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි පැවසුව ද සනාථ නොකළ ලියවිල්ලක් පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවද ඇමැතිවරයා කීය.
කෙසේ වෙතත් මෙම ගිවිසුම නීත්‍යානුකූල වන්නේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බවට එම ගිවිසුමේ සඳහන් වන බවද මංගල සමරවීර මහතා කීය.

COMMENTS
යනකොට මේ උතුමන්ට කීයක් හරි හොයාගෙන යන වැඩපිළිවෙලට රටේ මිනිස්සු විරුද්ධ ඉරිසියාවටද?
අන්තිම දවස්වල කීයක් හරි හොයාගන්න ඉඩදෙන්න..
මේක පරාක්‍රමබහු රජතුමාගේ වැඩක්. ඒ කාලේ පාර්ලිමේන්තු නැහැනේ. ඉතින් හැමෝම තමන්ගේ ගෙවල් අතහැරලා කොරිඩෝවේ කියන තැනට යන්න හිත හදාගත්තොත් හොඳයි වගේ...
ගාන හොඳ නම් ඉවසන්නේ කොහොමද?
මේක මෙයාගේ පෞද්ගලික දෙයක් වගේ. අත්සන් කරලා ඉවරවෙලා පාර්ලිමේන්තුවට දාන්නේ මොකටද? ජාතික දෙවල්වලට පෞද්ගලිකව ඉදිරිපත් වීමේ හැකියාව නැති විය යුතුමයි. මොවුන් යයි යන්න. ජාතියට ඒ ප්‍රශ්න ඇදගෙන යන්න වෙනවා නේද?
මොකක්ද මේක අත්සන් කරන්න මේ මනුස්සයට මෙච්චර තියෙන තදියම. ආණ්ඩු වෙනසක් වෙන්න යන වෙලාවක මේ වගේ ආන්දෝලනයකට හේතු වුණු ගිවිසුමක් නිසා ඇතිවිය හැකි බලපෑම ගැන මහජනතාව සහ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි නේද? අඩුම ගානේ මෙහි අන්තර්ගතය ගැනවත්, රට දැනුවත් කිරීමක් කර නැහැ. මංගල හිතාගෙන ඉන්නේ ගිය ඡන්දෙන් මේ අයට රට ලියලා දුන්නා කියලද දන්නේ නැහැ... වගකිව යුතු අැමැතිවරයෙන් කිසිම වගකීමකින් තොරව මේ විදියට හැසිරෙන එක ප්‍රශ්නයක්... මේ සල්ලි ටිකත් අරගෙන එ්කටත් කෙලලම යන්නද දන්නේ නෑ. සෙට් එක දත කන්නේ...
සුවසැරියටත් අර පොහොට්ටු දොස්තර කල්ලිය කොහොමද කිව්වේ? අන්තිමට ඒක රටට විශාල ප්‍රයෝජනයක් වුණා. මේකටත් ඒ කල්ලිය විරුද්ධයි කියන්නේ අනිවා හොඳ දෙයක් වෙන්න ඇති...
මෙහෙම හොර රහසේ තකහනියකින් අත්සන් කරන්න දඟලන්නේ කුමන පරමාර්ථයකින්ද?
මඩේම ලැග මඩෙන්ම ජීවත් වී මඩ එල්ල කිරීම පමණක් දන්නා මඩකරියකු විශ්වාස කළ යුතුද?
ඕක දැන් නවත්වන්න ඡන්දයෙන් පස්සේ අත්සන් කරගන්න.. සජිත් ජනාධිපති වුණාට පස්සේ බහුතරයක් මිනිසුන් සජිත්ට ඡන්දය දීලා එයාව පත් කරන්නේ නම් අපිට කරන්න දෙයක් නැහැ. සිංහලයින්ගේ වල අපේ අයව කපා ගන්නවා නම් රටට හෙන ගැහුණත් කමක් නැහැ කියලා... අපිත් අයින් වෙන්නම් එ්ත් එ්ක 16 වෙනිදායින් පස්සෙ කරන්න...
කූඩැල්ලෙක් වගේනේ... බලන් ඉන්නෙම මිනිස්සුන්ගේ ලේ බොන්නමයි. මෙයාට තාම දාන්න බැරි වුනේ වැසිකිළි බද්ද විතරයිනේ...
මේක අනුමත වෙන්නේ ගෝඨාගේ කාලේ ආවාමයි. මේක ගෝඨා ගැන ජනතාවට පෙන්නන්න රනිල් ගහන ගැටයක්...
ඔය කියන මහජන මුදලින් නඩත්තුවෙන කැබිනෙට්ටුවට වඩා තම තමන්ගේ ගෙදරවල මුල්ලකට දාලා තියන කැබිනෙට්ටුවේ වටිනාකම දැන් හැමෝටම තේරෙනවා ඇතැයි සිතමි...
නිදහස් දිනය සැමරීමට මුහුද දෙසට එල්ල කරලා කාල තුවක්කු ප්‍රහාර මාලාවක් සිදුකරනවා. ඇත්තටම අපි නිදහස් වන්නේ ඔය හිඟන රැල ඉන්න පාර්ලිමේන්තුවට කාලතුවක්කු ප්‍රහාර එල්ලවුණුදාටයි. ඒක වැඩි ඈතක නැහැ..
ඕකේ කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එතකොට වාද විවාද කරලා සාධාර තීන්දුවකට එන්න පුළුවන්, ජනාධිපති තුමාට අවශ්‍යනම් එතුමාගේ විධායක බලය පාවිච්චි කරලා මෙම ප්රශ්නය විසදන්න පුළුවන්. නමුත් හැම පාර්ශවයක්ම කැමති නැහැ ඇමරිකාව විරසක කරගන්න, බලාගෙන යනකොට පාර්ලිමේන්තුවේ ඉන්න 70% විතර අඩුම තරමේ ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එකක්වත් තිබෙනවා
මෙතන විරුද්ධව කොටන සියලුම දෙනා මේකේ වගන්ති සියල්ලම දන්නවද? නැත්නම් මේකේ නම විතරද දන්නේ... මම නම් කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි තාම දන්න එකෙක් හම්බ වෙලත් නැහැ. ඔක්කොම කියන්නේ අම්මෝ අපේ රට ඉවරයි කියලා කෑ ගහන එක... අර තල්අත්තට වැටුණු බෙලිගෙඩියට බියවෙච්ච හාවා වගේ කේස්එකක්... මේ ඔක්කොම රැල්ලට අහුවෙලා කැගහනවා වගේ...
මේ කතාකරන්නේ ජනාධිපතිද? නැතිනම් අගමැතිද? නැතිනම් ගේට්ටුව ගාව බැඳලා ඉන්න එකාද?
අපේ රටේ ගොන් කරත්ත අදිනවාද? නැතිනම් කරත්ත විසින් ගොනුන් අදිනවාද?
යද්දිත් කාගෙනම යන්...
ඇත්තටම මේ ගිවිසුම මොකක්ද කියලා කිසිම දෙනෙක් හරියට දන්නවද? දේශපාලුවෝ ජනපතිවරණය හින්දා ඕක විග්රහ කරන්නේ තමන්ගේ වාසියට විතරයි.