(සිතුම් චතුරංග)
මුලතිව්- මුල්ලිවයික්කාල් නැගෙනහිර දෙමළ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය ඇතුළත වීඩියෝගත කළ වෙබ් අඩවියක වාර්තාකරුවකු අද (16) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ වාර්තා වීමෙන් අනතුරුව මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා මුල්ලිවයික්කාල් නැගෙනහිර දෙමළ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීවරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කර ඇති බවද මුලතිව් මැතිවරණ කාර්යාලය සඳහන් කරති.
මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව වෙබ්අඩවි වාර්තාකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
වෙබ්අඩවි වාර්තාකරු උදෑසන ඡන්ද මධ්‍යස්ථනය තුළට පිවිසී ඡන්ද දායකයින් ඡන්දය භාවිතාකරන අයුරු වීඩියෝ ගතකර ඇති බවද පොලිසිය පැවසීය.
මුලතිව් පොලිසිය පැවසූයේ වාර්තාකරු එම ඡන්ද මධ්‍යස්ථානයවෙත මැතිවරණ නීතිය පිළිබඳ නොදැණුවත්ව ඇතුළුවූයේද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයකින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව මුලතිව් පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුලතිව් ඡන්ද මධ්‍යස්ථානයක් වීඩියෝගත කළ අයෙක් අත්අඩංගුවට