
(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්.වීරවංශ)
මාලගිරවුන් 11 දෙනෙකු විකිණීම සදහා ප‍්‍රදර්ශනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් 20,000ක් ගෙවන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මෙසේ දඩ නියම වූයේ බළන්ගොඩ, හුණුකුඹුර ලිපිනයේ පදිංචි නසාර් අන්ෆාස් යන අයටය.
හුණුකුඹුර ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය pet hub යන ස්ථානයේ මෙම මාලගිරවුන් (Rose Ring parakeet - Psittacula krameri) විකිණීමට ප‍්‍රදර්ශනය කරමින් තිබියදී බෙලිහුල්ඔය වනජීවී අඩවි ආරක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම මාලගිරවුන් එකොළොස් දෙනාම එකම කූඩුවක ර`දවා තිබුණි. වනජීවී නිලධාරින්භාරයට ගත් මාලගිරවුන් අධිකරණ නියෝග මත එදිනම සමනල ස්වභාව රක්‍ෂිතයේ බළන්ගොඩ රක්‍ෂිත ප‍්‍රදේශයට මුදාහල බව සමනල ස්වභාව රක්‍ෂිතයේ අඩවි ආරක්‍ෂක ඞී.පී. සියාසිංහ මහතා පැවසුවේ ය.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාලගිරව් 11 ක් විකිණීමට ප්‍රදර්ශනය කළැයි 20,000 ක් දඩ
Perera Thursday, 08 July 2021 12:00 AM
ඔය වගේ මහාපරිමාණ වැරැදිවලට ජනපති සමාව ලැබෙන්නේ නැහැ.