IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මලික් සමරවික්‍රමට විශ්වාසභංගයක් ගෙනෙන්නැයි විමල්ගෙන් යෝජනාවක්

නාලක සංජීව දහනායක 
 
අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට අද (5 ) යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
 
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදුව ඇත බව  ජනාධිපතිවරයා   පත්කළ විද්වත් කමිටුවෙන් හෙළි කර ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනආ යුතු බවට මන්ත‍්‍රීවරයා   යෝජනා කර තිබේ.
 
එමෙන්ම විපක්‍ෂය ලෙසින් රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මන්ත‍්‍රී කණ්ඩායමට පවසා ඇත.
 
ඒ අනුව රජයට විරෝධය පළකරමින් දෙවුන්දර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීමටද මන්ත‍්‍රී කණ්ඩායමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. 
 
කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂනායකයන්ගේ රැුස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවට විපක්‍ෂනායකවරයා  පවසා තිබේ.
 
එක්ස්ත ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩම් රැුස්වීම විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (5) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කමිටු ශාලා අංක 2 දී පැවැතිවිණ.    



අදහස් (11)

මලික් සමරවික්‍රමට විශ්වාසභංගයක් ගෙනෙන්නැයි විමල්ගෙන් යෝජනාවක්

ජයන්ත මිලානෝ Tuesday, 05 February 2019 05:33 PM

හොද යෝජනාවක් ,මේ අය රටට ආදරයක් ඇති මහත්තුරු නොවෙයි .

:       443       432

chandima Tuesday, 05 February 2019 05:37 PM

අයි එයාට විතරක් විශ්වාස භංගයක් ගෙනෙන්නේ? රටට බිලියන ගණනක් පාඩු කල මුදල් ඇමතිට විශ්වාස භංගයක් නැතිද?

:       121       268

රොෂාන් Tuesday, 05 February 2019 10:36 PM

ඇයි එයාට විතරක් . ඔයාටත් විශ්වාසභංගයක් ගේන්නම ඕනේ.

:       249       255

පිටිගල මිලානෝ Wednesday, 06 February 2019 12:11 AM

හොඳ යෝජනාවක්. රටක අනාගතය ගැන හිතා තීරණ ගන්න මේ අයට පුලුවන්ද? රටක අනාගතේ බර දැනෙන්නේ දරු පවුල් කාරයොන්ටයි. අනිත් එක මෙයා ඡන්දෙකින් දිනලා නෙවෙයි නේද ආවේ?

:       117       189

lion Wednesday, 06 February 2019 01:18 AM

ඔය කියන පිරිසිදු පුද්ගලයා ගුවන් බලපත්‍ර දෙකක් තියාගෙන බොරු තොරතුරු දීලා. තමුන්ගේ ඔක්කොටම ආණ්ඩුවේ ගෙවල් පොඩි ගානකට දුන්න එක ගැන විශ්වාස භංගයක් ගේනවා නම් නේද හොඳ.

:       137       272

mohan Wednesday, 06 February 2019 04:39 AM

මාකදුරේ මදුෂ්ගේ මළ ගෙදර ගිය මන්ත්‍රී තුමාටත් විශ්වාස භංගයක් ගෙනාවනම් නේද හොද?

:       0       27

kap Wednesday, 06 February 2019 06:40 AM

අනික් අයට විශ්වාසභංගය ගේන්න ඉස්සරවෙලා, තමන්ටම විශ්වාසභංගයක් ගෙන්න ගන්න. මොන තරම් සුදු හුනු ගාගෙන චරිත සහතික ගන්න හැදුවත්, මිනිස්සු ඔයාගෙ හැටි දන්නව දෑන්. අපි ඔයාට විශ්වාසභංගයක් ගෙනත් ඉවරයි.

:       13       32

Rata Perata Wednesday, 06 February 2019 06:58 AM

මේවා තමා නියම විහිළු.

:       66       68

Hafeel Wednesday, 06 February 2019 07:04 AM

විමල්, ඔය විශ්වාසභංග යෝජනාව ගෙන්න කලින් හරියට තහවුරු කරගන්න ඔයාගේ නායක රාජපක්ෂලා ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරාවිද කියලා. මතකද මීට කලින් ගෙනාපු විශ්වාසභංග යෝජනාවලදී වෙච්ච දේ?

:       0       18

Jehaan Wednesday, 06 February 2019 08:07 AM

ඇයි පාස්පෝට් සහ ලියකියවිලි වලට සාවධ්‍ය තොරතුරු සැපයු උදවිය ?රටේ සිවිල් නීති කඩලා කාගේදෝ අනුහසින් බේරිලා ඉන්න උදවිය ? කිසිම රැකියාවක් ආදායමක් නැතිව ඉදලා ලක්ෂේට කොඩි දාපු උදවිය?

:       1       11

smn Wednesday, 06 February 2019 10:00 AM

නිකන් බෙරිහන් දෙන්නත් කට්ටියක් අවශ්‍යයි. ඔවුන්ට අපේ බදු සල්ලිවලින් වැටුප් හා දීමනා ගෙවන්නෙත් අනිත් සේරම පහසුකම් සලසලා තියෙන්නෙත් ඒකටයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site