IMG-LOGO

මෝර වරල් 500 ක් - මුහුදු ජීවීන් 130ක් සමඟ 4ක් අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ)

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කළ වියළන ලද මෝර වරල් කිලෝ 500 ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් දුර්ලභ මත්ස්‍ය වර්ගයක් වන පයිප් ෆිෂ් (pipe fish) හෙවත් මුහුදු බූරුවන් කිලෝ 130 ක්, කල්පිටිය උච්චිමුණේ දූපත අසල පිහිටි ඔත්තුප්පනඩිය අසල තිබියදී කල්පිටිය පොලිසිය අද (14 ) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.

පොලිසිය විසින් සොයා ගත් මෝර වරල් සහ මුහුදු බූරුවන් ශ්‍රී ලංකාවේ සිට යුරෝපීය රටවලට අපනයනය කරන තිබූ ඒවා බව වැටලීම සිදු කළ කල්පිටිය පොලිස් පවසයි.

යුරෝපීය රටවල ආහාරයක් වශයෙන් සහ සැත්කම් අවශ්‍යතා සඳහා යොදා ගන්නා බව පොලිසිය කීය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර  අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 29 වන වගන්තිය අනුව පොල් කොළ මෝරා සහ මිණි මුතු මෝරා ගේ වරල් සන්තකයේ තබා ගැනීම තහනම් බවය.

සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත බව කල්පිටිය පොලිසිය  පවසයි.

 



අදහස් (0)

මෝර වරල් 500 ක් - මුහුදු ජීවීන් 130ක් සමඟ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site