(ඉන්දිකා රාමනායක)
මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ චතුර ගිහාන් කාරියවසම් ( 36) නැමැති කැලණිය වෙරළුගහවත්තේ පදිංචි එක්දරු පියෙකු වන පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු පොලිස් සේවයට එක්ව ඇත්තේ 2006 වසරේදීය.
වෙඩි තබා ගැනීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට ඇතුළු කළද ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඔහු සිය රාජකාරී ස්ථානයේදී පරිසර කොට්ඨාසය තුළ සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.



(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
අනේ මන්දා ... රන්ජන් මෙයාටත් කතා කරලද දන්නේ නැහැ ....
ඔබ නියම අධම ගති ඇත්තෙකි...
මොනම දුකක් හෝ හිත් වේදනාවක් එන කිසිකෙනෙකුට සියදිවි හානිකර ගැනීමේ සිත් පහළ නොවේවා...! බුදු වදනට අනුව උතුම් මිනිස් බව ලැබීමේ පින රැකගෙන සන්සුන් සිතින් ජීවත්වීමට සැමට වාසනාව ලැබේවා...!
මිස් ෆයර් එකක් වෙන්න බැරිද?
රන්ජිත් ආවා ගියාට අදහස් දමන්න එපා. ලබන වරවත් කල්පනා කරන්න. ඔබට ජය !
දකුණත හුරු නිලධාරියගේ වෙඩි වැදී තියෙන්නේ වම් පසින්.ඔබ හරි. අනිවාර්යෙන්ම මිස් ෆයර් එකක්. එහෙමත් නැති නම් වෙනත් කෙනෙක් වෙඩි තබා ඇත. පස් පිළිබඳ පාතාල ප්‍රශ්න අද ඉතා බලවත්. ප්‍රශ්න ඔහුට නැත. නළු නිළියන් අශ්‍රයක්ද නැත. මෙයට හේතුව බිරිඳ දැනගත යුතුය. ඇයගෙන් ප්‍රශ්න කරන්න.