(ඉන්දිකා රාමනායක)
මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක උඩුමහලක ගංජා වගා කළ බව කියන සංවිධාන අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව විශේෂ කාර්ය බලකාය ඔහුගේ නිවස වැටලීමේදී මෙම ගංජා වගාව දැක ඇත.
හොඳින් වැඩි තිබූ පැල 24 ක් එහි තිබූ බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ගංජා පැළවලට අමතරව සැකකරු බාරයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 600 ක්,කේරළ ගංජා ග්‍රෑම් හයක් නීතිවිරෝධී දුම්වැටි 12 ක් තිබූ බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd