
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මහවිල මිරිස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී "මිරිස්වත්ත ටිරෝන්" නමැත්තා අද (12) කේරල ගංජා සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශය කියයි.
සැකකරු සමග කේරල ගංජා ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් ,කුඩා පැකට් 10 ක් හා ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 116,000 ක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු නීතිවිරෝධී මත්පැන් ජාවාරම ඇතුළු විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් රැසකට මීට පෙර අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට පත් වූවෙක් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd