IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මරිනි ද ලිවේරාට 2019 ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර්ජාතික දිරිය කාන්තා සම්මාන උළෙලේදී 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා ලෙස තේරී පත්වූ කාන්තාවෝ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඒ අනුව දිරිය කාන්තාවන් දස දෙනාට අතර සිටින ශ්‍රී ලංකාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප‍්‍රකට නීතීඥවරියක වන නීතීඥ මරිනි ද ලිවේරා මහත්මියද සම්මානය හිමිකරගැනීමට සමත් වූවාය. 

මෙම උත්සවය ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර හැරී එස්. ටෘමන් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ඇචේසන් ශ්‍රවණාගාරයේදී ඊයේ(07) පැවැත්විණි.

ලිවේරා මහත්මියට අමතරව මෙම බංග්ලාදේශයේ රාසියා සුල්තානා, බුරුමයේ නව් නාව්, ජිබුටි රාජ්‍යයේ මව්මිනා හුසේන් දරාර්, ඊජිප්තුවේ මමා මැගී, ජොර්දානයේ කර්නල් ඛලීඩා ඛලාෆ් හනා අල් ට්වාල්, අයර්ලන්තයේ කන්‍යා සෙහොයුරියක වන  ඕර්ලා ටේ‍්‍රසි, මොන්ටිනීග්‍රෝ හි ඔලිවේරා ලාකි, පේරු රාජ්‍යයේ ෆ්ලෝර් ඩි මාරියා වේගා සහ ටැන්සානියාවේ අන්නා අලෝස් හෙන්ගා යන කාන්තාවෝද මේ වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා අතරට තේරී පත්ව සිටිති.

සම්මාන ලැබූ දිරිය කාන්තාවෝ දස දෙනා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සහ  ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ආර්යාව මෙලනියා ට්‍රම්ප් මහත්මිය සමග  සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා තෝරාගැනීම වෙනුවෙන් ඔවුන් කළ මානව හිමිකම් කටයුතු, අධ්‍යාපන තත්ත්වය, මාධ්‍ය කලා භාවිතය, නීතිය සහ කාන්තා අයිතීන් පිළිබද සෙසු ක්‍රියාකාරකම් ආදිය මෙහිදී සැලකිල්ලට ගෙන තිබිණි.

(ඒ. එෆ්. පී. ඇසුරිනි)

(16844)



අදහස් (4)

මරිනි ද ලිවේරාට 2019 ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය

Siri Friday, 08 March 2019 04:20 PM

මගේ සුබපැතුම්!

:       527       336

ජෝය්ස් මානෙල් Saturday, 09 March 2019 06:33 AM

මේ මරිනි ලිවේරා මම හොඳටම දන්නවා (කොළඹදී). හරිම හොඳ ලේඩි කෙනෙක්. අපේ රටට මොන තරම් නම්බුවක්ද බලන්න..

:       3       26

De.uni de silva Sunday, 10 March 2019 12:54 PM

අප අනිවාර්යයෙන්ම ඔබ ගැන සතුටු වෙනවා.

:       0       13

ධම්ම Sunday, 10 March 2019 02:12 PM

අපේ ගම්වල ඉන්න දිරිය කාන්තාවන් එතුමිය නියෝජනය කරන්න ඇති.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site