IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැරෙන තුරු දෙමළ සන්ධානයට යන්නේ නෑ

(ලක්ෂ්මී ජයකොඩි)
 
තමන් ජීවතුන් අතර සිටිනතාක් කල් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෝ දෙමළ ජාතික සන්ධානය හා එක් නොවන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පැවසීය. ඒ මහතා මේ බව කියාසිටියේ යාපනයේදි පැවැත්වු මාධ්‍ය හමුවේදීය.
 
යුද්ධයේ අවසන් මෙහෙයුම්වලදි දහස් ගණනක් ජනතාව මිය යාමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යන මහත්වරු හේතු වු බවද හෙතෙම කීය. මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු සංගරී මහතා මෙසේද කීවේය.
 
"දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු බවට එක්තරා අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කර තිබෙනවා. එම අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය මමත් අනුමත කර තිබෙනවා යැයි ඇතැමුන් චෝදනා කර තිබුණා. නමුත් මගේ අදහස හා අදාළ අමාත්‍යවරයාගේ අදහස වෙනස් බව පැහැදිලි කළ යුතුව තිබෙනවා.
 
යුද්ධයේදි දහස් ගණනක් ජනතාව මිය ගියා. එම සියලූ ජනතාව මිය යාමට හේතු වුණේ සම්බන්දන් හා මාවෙයි සේනාධිරාජා යන දෙදෙනායි. එවක ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 20දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ සිටියත්   ඔවුන් එල්ටීටීඊ සංවිධානය හා සබඳතා පවත්වමින් සිටියා. එල්ටීටීඊ සංවිධානය විනාශ කිරීමේදි සම්බන්දන්ට හා මෙවෙයි සේනාධිරාජා යන දෙදෙනාට කිසිදු සම්බන්ධතාවයක් නැතැයි කියන්නේ නම් කිසිවිටෙකත් මම එය පිළිගන්නේ නැහැ. ඔවුන් දෙදෙනා ඊට සෘජුව සම්බන්ධයි. 2009 වසරේදි ඔවුන්ට අවශ්‍යතාවක් තිබුණේ නම් යුද්ධය නතර කරන්න තිබුණා. නමුත් එයට කැමැති වුයේ නැහැ.
 
ඔවුන් යුද්ධය කාලයේදි විදෙස් රටවල සුඛෝපභෝගි ජීවත ගත කළා. එබැවින් මා මිය යන තෙක් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෝ දෙමළ ජාතික සන්ධානය සමග එක් වන්නේ නැහැ.මගේ එකම අරමුණ අපේ ජනතාවයි ප‍්‍රශ්න විසදෙනු දැකීමයි. නමුත් තිබුණු අවස්ථා ඔවුන් විනාශ කර දැමුවා. ෆෙඩරල් විසදුම් කරා ළගා වුණා. සිංහල ජනතාවගෙන් 49% ක් එයට එකඟ වුණා. කාගෙන් හෝ මුදල් ලබාගෙන එයට විරුද්ධව ප‍්‍රචාරණයන් පැවැත්වුයේ සම්බන්දන් , සේනාධිරාජා දෙදෙනායි.

සිංහල ඡන්ද පමණක් ප‍්‍රමාණවත් බව පැවසු රාජපක්ෂ ආණ්ඩුවට 50.3 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබුණා. එම දශම තුනක ඡන්ද නොලැබුණා නම් ප‍්‍රශ්නය එතැනින් අවසන් වෙන්න තිබුණා. තවත් දෙමළ ඡන්ද 50 ක් අනෙක් පාර්ශවයට ලැබී තිබුණා නම් රාජපක්ෂ එදා පාරාජය වෙනවා. එදා එයාකාරයෙන් රාජපක්ෂවරු දිනවල වර්තමානේයේදි සම්බන්දලා මාවෙයිලා අපට ගෝනී බිල්ලෝ පෙන්වනවා.

මට අවශ්‍ය වුයේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසදෙනු දැකීමයි. ජාතික ගැටලුවට සම්පුර්ණ ෆෙඩරල් විසදුමක්ම ලැබේ යැයි විශ්වාසයක් මට තිබුණෙ නැහැ. එකීය රාජ්‍ය සංකල්පය යටතේ විසදුමක් අපට ගැලපෙන්නෙත් නැහැ. එයට අපි කැමැති නැහැ.මෙම විසදුම පිළිබදව මම මැතිඇමතිවරු සමග සාකච්ඡා කළා. එහිදි මම යෝජනා කළේ ඉන්දියානු මොඩලයේ විසදුමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
 
දෙමළ ජාතික සන්ධානය ලැබී තිබු සියලු අවස්ථා විනාශ කර ගත්තා . ඔවුන් දෙමළ ජනතාවට ද්‍රෝහිකම් කර තිබෙනවා. මොවුන්ව ඔවුන්ගේ තනතුරුවලින් පහ කිරීමට කටයුතු කළ යුතුයි" යැයිද පැවසීය.



අදහස් (0)

මැරෙන තුරු දෙමළ සන්ධානයට යන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 711 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site