(දසුන් රාජපක්ෂ)

මාර්තු මස 2 වැනිදා සහ 6 වැනිදා අතර කාලසීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන නිශ්චිත දිනය පිළිබඳව තමා දන්නා නමුත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එය හෙළි කිරීම නුසුදුසු බවද  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එළඹෙන ළඟම  දිනයකදී මහමැතිවරණය පැවැත්වෙන බවද ඒ මහතා සඳහන් කළේය.