
(සුමිත් ප්‍රේමතිලක)
අවමගුල් උත්සවයක කළ ගුණ කථනයකට උරණවූ වලල්ලාවිට ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනඥයකු අමානුෂික ලෙස පහර දුන්නැයි මරණාධාර සමතියේ සභාපතිවරයා පැමිණිල්ලක් කර ඇත.
වලල්ලාවිට, පොල්ගස්යාය ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත .
පහරදුන් බව කියන එම දේශපාලනාඥයාගේ ප්‍රබල ආධාරකරුවකු ගේ නිවසෙහි පැවැති එම අවමගුලට එම දේශපාලනඥයා සහභාගී නොවීම කනගාටුවට කරුණක් බව පහරකෑමට ලක්වූ පොල්ගස්යාය මරණාධාර සමිතියේ සභාපතිවරයා සිය ගුණ කතනයේ දී ප්‍රකාශ කර ඇතැයි පැවසේ .
මෙම ක්‍රියාවට උරනවූ දේශපාලනාඥයාගේ ආධාරකරුවන් දෙදෙනකු එදිනම රාත්‍රියේ පැමිණිලිකරුගේ නිවසට ගොස් තර්ජනය කර ඇති අතරෙ, පසුදින උදෑසන ප්‍රදේශීය දේශපාලනඥයා සිය ආධාරකරුවන් සමග පැමිණිලිකරු සේවය කරන තුංදොල තේ කර්මාන්ත ශාලාවට ගොස් බලහත්කාරයෙන් ඉන් ඉවතට ගෙන අවට පිරිස් බලා සිටියදී කනට පහර දී ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරණ සමිති සභාපතිට කනේ පහරක් දුන් ප්‍රා. ලොක්කා කවුද
බද්රානි Saturday, 08 January 2022 10:02 PM
හපා නොකා, කන ලෙවකන සුනඛයින් හරිම හුරතල් කියලයි මම නම් අහලා තියෙන්නේ. ඒ පැත්තේ මිනිස්සු ආදරය කරලා තියන තරමින්ම තේරෙනවානේ සුනඛයාගේ සුරතල්කම?
Independent Sunday, 09 January 2022 04:34 PM
ගහපු එකා වැරැදියි. දඬුවම් කළ යුතුයි. ගුටිකාපු කෙනාටත් හොඳ පාඩම... ගුණ කථනයක් නම් ඒ වැඩේ නොකර මොන කෙහෙල්මලකටද පැමිණීමේ ලේඛන හදන්න ගියේ...?