මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය නැවත වරක් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.
යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ හමුවක් සඳහා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිසට යුරෝපා සංගමයේ නියෝජිතයන් ඒ බව දැනුම් දී තිබේ.
“ඕනෑම ආකාරයක වරදක් සඳහා සහ ඕනෑම ආකාරයකින් මරණ දඬුවම ක්‍රියාත්මක වීමට යුරෝපා සංගමය විරුද්ධ බව නැවත වරක් කියා සිටිනවා. මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි ස්ථාවරය දිගටම පවත්වා ගැනීම සඳහාත් අනාගත දිනකදී මරණ දඬුවම අහෝසි කිරීම සඳහාත් ශ්‍රී ලංකාව දිරිමත් කරනවා” යැයි මෙම හමුවෙන් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්විණි.
යුරෝපා සංගමයේ, යුරෝපී විදෙස් ක්‍රියාකාරී සේවාවේ ආසියාව සහ ශාන්තිකර කලාප නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පැඕලා පැම්පලොනි මහත්මිය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එම සාකච්ඡාවේ සම සභාපතීත්වය හෙබවූහ.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට වාර්තා වන පුවත් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා සැලකිල්ලෙන් පසුවන බව ද යුරෝපා සංගමය මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිසට දන්වා ඇත.
ජී.එස්.පී. ප්ලස් යනු සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමයෙන් හිමිවන තීරුබදු සහනයකි. මානව හිමිකම් ප්‍රඥප්ති, කම්කරු ප්‍රඥප්ති ඇතුළු ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන්නේ ය යන පොරොන්දුව මත ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය හිමි වී තිබේ. මානව හිමිකම් කඩකිරීම යනාදී චෝදනා නිසා 2010 වසරේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ අතර මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීම යනාදී පොරොන්දු මත ශ්‍රී ලංකාවට 2017 වසරේ දී නැවත වරක් එම සහනය හිමි විය.
මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් හෝ සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව හා ප්‍රතිසන්ධාන යන ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් හෝ ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් ලබාදීම සම්බන්ධයෙන් නැවත වරක් විමසා බලන්නැයි යුරෝපා පාර්ලිමේන්තුවට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද බ්‍රසල්ස් නුවරින් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවේ.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇති අපේ ජනාධිපතිට...
ඒ වෙනුවට මරණ දඬුවම නියම වුනු අය එවන්න. එයාලගේ රටක් දෙන්න කියන්න. "ප්‍රශ්නය තමුන්ගේ නොවන තාක් කල් උත්තරය දාර්ශනික" බව ඒ අයට මතක් කරදෙන්න.
මැද පෙරදිග , මැලේසියා, ඉන්දුනීසියා, ඇමරිකාව සහ චීනයට මේ අය බලපෑම් කෙරුවට සතේකට ගණන් ගන්නේ නෑ
කොහොමත් අධාර නැවැත්තුවම රටේ හැමෝටම මැරෙන්න තමයි වෙන්නෙ
ජනාධිපති සිරිසේන යලිත් වරක් හොඳ ගේමක් ගහලා තිබෙන වග පේනවා! තමා හොඳ "සුද්ධවන්තයෙක්" කියා ලොවට පෙන්වීම සඳහා ඔහු මත්කුඩු ජාවාරම්කාරයන්ට මරණීය දඬුවම දෙමසක් ඇතුලත ක්‍රියාත්මක කිරීම සඳහා කුඩු අපරාධකාරයන් ගෙනත් දෙන ලෙස ඔහු "කාටද" අණකර තිබෙන බව එයා වගේම මමත් ජාතික පුවත්පත්වලින් කියෙව්වෙමි. එහෙත් ඔහු නියත වශයෙන්ම දැනගෙන හිටියා අපේ රටේ එම දඬුවම කවදාවත්ම ඉටු කිරීමට නොහැකි බව. දැනටමත් බෞද්ධ හිමිවරුන් වහන්සේලා මෙන්ම අන්‍යාගමික නායකයන්ද මේ තීරණය එරෙහිව පෙළගැසෙමින් සිටිනබව ඔහු දන්නේ නැති හැඩයි... මරණිය දණ්ඩනය අපේ රටින් අහෝසිකර වසර ගණනාවක් ගත උනත්, දේශීය වශයෙන් මෙන්ම විදේශීය බලපෑම් නිසා අපේ රටේ මරණ දඬුවම හමස් පෙට්ටියේ පතුලේ සදහටම තැන්පත්කර තිබෙනබව ජනපති නොදැන හිටියා කියන්න එයාට කිසිම සදාචාර අයිතියක් හෝ විධායක බලයකුත් නැත! එහෙත් මැතිවරණ කට ළඟ තබාගෙන ඔහුගේ ගිලිහී යන ජනප්‍රියත්වය ඔසොවා තැබීම සඳහා මෙවැනි "විජ්ජා" රට හමුවේ තැබීමට අති දක්ෂ ජනපති සිරිසේන යලිත් වරක් මැජික් කෝටුවක් අතේ තියාගෙන රට වටේ යනවා.
ජී.එස්.පී. ප්ලස් සහනය අපවැනි දුප්පත් රටවලට ගහන්න පුළුවන් දරුණු ආයුධයක් බව පාලකයන් දැන්වත් හිතාගත යුතු වෙනවා ! ක්‍රියාත්මක කිරීමට බැරි උනත්, සමහර නායකයන් ඡන්ද ඉව අල්ලමින් සොමියට ඉදිරිපත්කරන යෝජනා "බුමරංග" වගේ තමන් කරාම එනබව රටකරවන ඇත්තන්ට නොපෙනෙන්නේ මොකද? මා මෙහිදී කුඩුකාරයන් ආරක්ෂා කිරීම සඳහා මරණ දඬුවම එපා කියනවා නොවෙයි. මෙහෙව් අපරාධකාරයන් එල්ලා මරාදමා "කුඩුකාරයන්" නැති කරන්න නොහැක. අඳුරු සිරකුටි වල උන්ගේ අවසන් හුස්ම හෙලීමට පුළුවන් වන විදියේ දඬුවම් ක්‍රමයක් හදන්න බැරි මොකද?
මටනම් පෙනෙන්නේ කුඩු රජා ඉන්නේ එහෙ වගේ. ඒකයි ගෝලයෝ මරන්න යද්දී උනගැනිලා තියෙන්නේ.
රටක් විදියට ගන්න තීරණ ක්‍රියාත්මක කිරීමට රටේ නායකයට කොන්දක් තියෙනවනම් මේ කුඩු කාරයන්ට උදව් කරන පිටරට බලපෑම් වලට නියම පිළිතුරු දෙන්න පුළුවන්
රටකට ස්වයං තීරණ ගන්න බැරි, අාර්ථිකය ශක්තිමත් ෙනාවන තාක්කල්... ඒ විදියට බලනවිට අප රට තවම යටත් විජිතයක්... ජී.ඒස්.පී. ඒ්වට යටත් වනකල්...
මේවා මෙසේ වෙන බව අප දන්නවා. ජාත්‍යන්තර කුඩු වෙළඳාම, ආයුධ වෙළඳාම ආදියට ලොව සමහර බලවත් රාජ්‍යයන් හා සමහර දෙස් විදෙස් බලවතුන් සම්බන්ධයි. මෙවන් පසුබිමක් තිබියදී මෙවැනි වෙළඳාම් මෙහෙයවන්නන් තමන්ගේ හිතවතුන් මරාදානවාට හා ඔවුන්ගේ ව්‍යාපාර නැතිවෙනවාට කැමති නැහැ. ඔවුන්ට අපගේ මිනිසුන් විනාශ වුණාට කමක් නැහැ. මේවා ගැන නිසි උපදේශකත්වයක් නොමැති අපගේ පාලකයන් මරණ දඬුවම එකවර ක්‍රියාත්මක නොකොට ඒ ගැන කියව කියවා හිටියා. වරද කාගේවත් නොවෙයි කොඳු නාරටිය දුර්වල අපගේ පාලකයන්ගේයි. කටින් පමණක් බතල කොළ සිටුවනවා. මේවා බුද්ධිමත් පාලකයන්ගේ ලක්ෂණ නොවේ...
ලංකාවේ හිරේ ඉඳගෙන දඬුවම් නියම වූවන් ජාවාරම් කිරීම මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමේ ගැටළුවක් නොවේ. අඩුම ගාණේ ඇයි CCTV කැමරාවත් සවි නොකරන්නේ? අනෙක් අතට කිසිඳු මහාපරිමාන ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම දෙන්න බෑ. සියලු නඩු කටයුතු අවසන් වනතුරු. ඒ කියන්නේ නඩු 10ක් විතර අහලා අභියාචනත් අහලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙනවා. ඒ වගේම පොඩි මිනිහට නඩුවක් කියලා දිනන්න තේරෙන්නේ නෑ. මොකද දක්ෂ නීතීඥයින්ගේ මිල දරන්නත් බෑ. නීතිය දන්නෙත් නැති නිසා. මරණ දඬුවම නිසා වෙන්නේ ලොකු මිනිහා කෙසේ වෙතත් පොඩි මිනිහා පෝරකයට යාමයි...
යුද්දෙට කලේ මේ දේ . නමුත් එදා පාලකයන් මේවට බය වුනේ නැහැ . අපි මේවගේ සහන නැති කරගෙන යුද්ධේ දිනුවා. කොළොඹ බෝම්බ පත්තු වුනහම මැරෙන්නේ දකුණේ ජනතාව , නමුත් යුරෝපා සංගමයට එක ගානක් නැහැ. රටේ වර්තමාන පාලකයන් දැනගන්න ඕනේ කලයුත්තේ කුමක්ද කියා. එදා පාලකයෝ යුද්ධේ කලයුතු දේ නිසි කලට කල නිසා මුළු රටම යුද්ධේන් දිනුවා.
මට පෙනෙන විදියට යුරෝපා සංගමය කියන්නේ කුඩු ජාවාරම් කරුවෝ කොටසක් වගේ..
පිලිපීනය කියන්නේ අධික ජනගහනයෙන් පිරි දරිද්‍රතාවය ඉහළ රටක්.. එ්ත් ඔය කියන ජී එස් පී ප්ලස් දුන්න නොදුන්නා අවුරුදු 70 ඉක්මවූ ජනපති රොඩ්රිගෝ දුතර්තේ අදටත් කොන්ද කෙලින් තියන් මරණ දඬුවම දෙනවා... තමන්ගේ රට, අනාගත දරු පරපුර ආරක්ෂා කරන්න. ලජ්ජා වෙයව් ශ්‍රී ලංකා පාලකයෝ තොපිලට කොන්දක් නැති එක ගැන.
අන්තිමට වෙන්නේ නටපු තොවිලෙකුත් නැත... බෙරේ පලුවකුත් නැත වගේ වැඩක්... කුඩුකාරයෝ එල්ලලත් නැත. ජනාධිපතිගේ බහුභූත කතා නිසා අපේ රටට ආර්ථික පාඩුවක් සිදුවීමයි. කොහොම නමුත් ආර්ථික බර කරගහන්නේ දුප්පත් අපිනේ... ජනාධිපති නොවේනේ..
අපේ එවුන්ගේ කොන්ද පන නැතිකම තමයි මූලිකම හේතුව... ඕකුන් දන්නවා ගානට ගුලිය අඹරලා අපේ එකාලට ගිල්ලවන්න. එ්කනේ ඔක්කොම ප්ලස්, මයිනස් අපිටම කැරකෙන්නේ...
මේ කුඩු ගහන අය 95%ක් සල්ලි හොයාගන්නේ අපේ දේ හොරකම් කරලනේ... රක්ෂාවක් කරලා නොවෙයිනේ. දුප්පතාගේ බයිසිකලයක් තියාගන්න බැහැ.