(තිළිණි ද සිල්වා)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව ශ්‍රි ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නිවේදනයෙන් කැනඩා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පැවති තහනම ආපසු හැරවීමට සළකා බැලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ කැනඩාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මානව ගරුත්වයට නොගැළපෙන අතර ඒ තුළින් සිදුවන වැරදි සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියට නිදහස් විය නොහැකි බව ඔවුහු පවසති.
නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව කටයුතු කිරීම වැදගත් සහ අවශ්‍ය වුවත් මරණීය දණ්ඩනය තුළින් එය වැළැක්විය හැකි බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසයි.
එමෙන්ම සංචාරකයින් සහ ආයෝජන සඳහා සාමකාමී හා පිළිගැනීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම තුළින් නොහැකිවනු ඇති බව කැනඩාවේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම ලැබු සියලුම දෙනා කැනඩාවට පිටුවහල් කිරීමට ඇති අවස්ථා මොනවාදැයි මහා කොමසරිස්ම කිව්වනම් තම අපේ සමාජය හොඳ වෙන්නේ? අනේ ප්ලීස්
හොඳයි ..! එහෙනම් අපිට මේ ප්‍රශ්නය විසඳන්න" " කැනඩාව "" මැදිහත්විය යුතුයි. කැනඩාව කියන්නේ දියුණු රටක් එයාලට මත්ද්‍රව්‍ය පාලනය කරගන්න අවශ්‍ය හැම උපකරණයක්ම තියනවා.. !! කැනඩාව අපිටත් ඒ.. හැම උපකරණයක්ම දෙනවා නම් ... අපිටත් " පුංචි කැනඩාවක් " වෙන්න පුළුවන්... !
කැනඩාවෙන් අපට වැඩිදෙයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ බන්ධනාගාරයේ යෙදවීම සඳහා අල්ලස නොගන්න නිලධාරීන් කිහිපදෙනෙකු සහ හිරගෙදර සිට ක්‍රියාත්මක වන අනවසර ජංගම දුරකථන පද්ධති ක්‍රියාවිරහිත කළහැකි සන්නිවේදන උපකරණ පද්ධතියක් පමණි. එතකොට කුඩුකාරයින්ට හිරේ සිට ජාවාරම් මෙහෙයවන්න බැරි නිසා කුඩු කාරයෝ එල්ලුවේ නැති වුනත් අපට කමක් නැත.
අපේ රටේ වෙන අපරාද දිහා බැලුවාම එල්ලුම් ගහ ඕනෙමයි. එ්ත් මේ පිට උන්ටනේ රුදාව තියෙන්නේ...
කැනඩාව යනු කොටි හිතවාදී පුංචි දමිල රටක් වගේ තැනක්... ඔවුන් දමිල ත්‍රස්තවාදීන්ට හැකි උපරිමය උදව් කරනවා. ඔවුන්ගේ කීමට රටට හැකි තරම් කරදර වන ආකාරයේ දේවල් ජාත්‍යන්තරය හරහා ගෙනඑනවා. ඔවුන් කැමති වුනත්, නැතත් අපට කමක් නැහැ. උන්ගෙන් මෙතුවක් නොවුණු උදව් අනාගතයට ඕනෙම නැහැ.