(අංජුල මහික වීරරත්න )
මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයිද ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹක්වැල්ල මහතා පවසයි.
කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය අතර එම සහය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පැවසූයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා අවුරුදු 60 ඉක්මවූ පිරිස් හට පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවයි.
COMMENTS
ඔව් ඉතින් මෙයාලා කරොත් ලොකේ හොදම ඒක
ජාත්‍යන්තර පැසසුමට ලක්වෙන්න ඕනෑ තමා.ඒතරමටම එන්නත් කරනය කරන නිසා.එන්නත් කරණය කරන නිසා පැසසුමට ලක්විය යුතුමයි. එන්නත් කරන ස්ථාන වල මිනිස්සු රංඩු වෙන්නේ එනනත් කරණයේ හොඳ නිසා වෙන්න ඇති.ඔය කියන අය කටින්ද දන්නේ නැහැ කතා කරන්නේ..අපරටේ ඔය දුප්පත් පෙහොසත් බේදය තියෙන තුරැ රට අගාධයේම තමයි.
ජාත්‍යන්තර කියන්නේ වැක්සීන් හදන රටවල්ද?
අපේ වෙනස මොකක්ද? කොහෙටද ගහන්නේ....?
මෙයා කිව්වා නම් ආයේ අහන්න දෙයක් නැහැ. පැණිය ගැනත් සමහර දේශපාලුවන් කිව්වෙත් රසකතා. තවත් මොනවද?
මේ අය කථා කළොත් කියන්නේ කිසි වැද ගැම්මක් නැති කතාවක්. මොනවද හලෝ ඔයා කතා කරන්නේ? මේ නුවර නගරය වටේ ඉන්නවා ස්පුට්නික් එන්නතේ දෙවන එන්නත එනකන් බලන් ඉන්න ලක්ෂ ගාණක්... පලමු එන්නත දීලා මාස දෙකකටත් වැඩියි. ඔහෙත් එකයි, ඔහේගේ ලොක්කත් එකයි, කයිවාරුව විතරයි...
ජාත්‍යන්තරේ දන්නවා ඔහේගේ පැටිකිරිය. චුත වෙලා පලයල්ලා මිනිස්සු මරන්නේ නැතිව...
මේ කපුවා මේක ගැන කතා කළා කියන්නේ... මේකටත් දෙවියන්ගේ පිහිට වෙයිද දන්නෑ...!!!
ඒක දන්නේ අපිනේ.
එහෙනම් ඉතින් තවත් මොනවද?
තාම අවුරුදු 60ට වැඩි අයට, එන්නත දීගන්න මාස 7 කින් බැරි වූ ජාත්‍යන්තරය දන්නේ නැතුව ඇති !
ඔය කියන ආකාරයට එන්නත්කරණය සාර්ථකව කළා නම් දැන් රට ලොක්ඩවුන් මොකද? දිනකට 200 වැඩි ප්‍රමාණයක් මැරෙන්නේ කොහොමද? ඉස්පිරිතාල කොරෝනා රෝගීන්ගෙන් පිරුණේ කොහොමද?
පැසසුම් නොවෙයි ලංකාවට වෙලා තියෙන දේට මිනිස්සු දුක් වෙනවා.
මොන පැසසුමක්ද ? චීනෙන් විතරක් වෙන්නට ඇති. අන්ධ බුත වෙලා වගේ එහෙන් මෙහෙන් චුට්ට චුට්ට ගහනවා. විශාල ප්‍රචාරයක් නම් දෙනවා. ඒත්, මිනිසුන් සිටියදී බෙහෙත් ඉවරයි කිය කියා කී වරක් එන්නත් නොකොට ගියාද ? අම්මපා .. අපේ රටේ මිනිසුන්ගෙන් ලැබෙන පැසසුම ගැන නම් කියලා වැඩක් නැහැ. මෙයා කියන දේවල් ඇත්ත නම්, ඒ කිව්ව රටේ මිනිසුන් ප්‍රවෘත්ති බලන අය නම් වෙන්නට බැහැ.
දැන් එහෙනං කියන්න මම තමයි හොඳටම කලේ කියලා. කරුනාකරල කියන්න එන්නත් කරනයේ ලංකාවේ ප්‍රතිශතය අද වෙනකොට කීයද කියල.
එන්නත් කරණය වගේම මැති ඇමතිවරුන්ගේ කැපවීම විදේශ පැසසුමට ලක් වෙයි.