(රංජන් කස්තුරි)
මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කර ඇත.
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඒ මහතාව පත්කරනු ලැබ තිබේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ පරිපාලන කටයුතුවල බරපතල ගැටලු මතුව ඇති බැවින් සහ එය සාමාන්‍ය තත්වයට නැවත පත්කිරීමට බලධාරීන් අපොහොසත්ව ඇති බැවින් එම ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට නිසි බලධරයකු පත්කරන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
සුනිල් ජයන්ත නවරත්න මහතා වසර ගණනාවක් රජයේ ඉහළ තනතුරු දැරූ නිලධාරියෙකි. ඔහු කලක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුව තාක්ෂණ විද්‍යායතනයට නිසි බලධරයෙක්
නන්නාදුනන හාදයා Sunday, 05 January 2020 12:44 PM
මෙයාගේ කැරැට්ටුව එතරම් හොඳ නැහැ. ගරු ජනාධිපති තුමනි, මේ පත්වීම පිළිබඳව සොයා බලන්න. ඒ වගේමයි අර අයි.ටී.එන් එකේ හිටපු "යකඩ සුදාව " නැවත පත්කොට වහාම අයින් කරපු එකටත් ස්තුතියි.
saara Sunday, 05 January 2020 04:19 PM
පේනවා නේද තමාගේ බොන මිතුරන්ට සලකන හැටි...? ඡන්දය දීපු අපි පව්...
UniDon Monday, 06 January 2020 02:31 AM
අහෝ බන්දුල නොදිටි මොක්පුර...
සත්‍යජිත් Tuesday, 07 January 2020 03:39 PM
නිවැරදි තීන්දු අරගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් හැකියාව ඇති ඉතාම දක්ෂ නිලධාරියෙක්. සුබපැතුම්..!!! මේ නිලධාරියා එස්.බී. දිසානායක යටතේ නිතරම වැඩ කර ඇති නිසා එස්. බී. ගේත් එක්ක තියෙන ඇරියස්වලට මෙයාව ගාවගන්න එපා. අවංකව අදහස් දක්වන්න.