මෙරටින් කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමු වී අදට (11) වසරක් සම්පූර්ණ වේ.

‍එලෙස ආසාදිතයකු ලෙස හඳුනාගැණුනේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නකු වූ ජයන්ත රණසිංහ මහතාය.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 86,685ක් වන අතර ඉන් 83,210 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇත.

‍මෙරටින් වාර්තා වී ඇති කො‍විඩ් මරණ සංඛ්‍යාව 515 කි.