





(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර )
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජලය අනෙකුත් ජලාශවලට මුදාහැරීම හේතුවෙන් එහි ජලය සිඳී ගොස් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ ජලාශයට යටවූ ගම්මාන 12 ක් පමණ නැවත මතුවී තිබේ.
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල සීමාව අක්කර අඩි හාරලක්ෂ හටදහසක්ව පැවති නමුත් මේවනවිට ඉතිරිව ඇත්තේ අක්කර අඩි එක්ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සීය අසූ දෙකක් පමණි.
ජලය සිඳී යාමත් සමඟ ජනතාව පදිංචි වී සිටි ස්ථානවල නිවාස නටබුන් රැසක් ජලයෙන් මතුවීම හේතුවෙන් ප්‍රදේශවාසීහු බොහෝදෙනෙක් තම ගම්බිම් පැවති ස්ථාන දැකබලා ගැනීමට දිනපතා සිදීගිය මොරගහකන්ද ජලාශයට පැමිණෙමින් සිටිති. වියළී ඉරි තැලී ගිය අඹන්ගඟ ඉස්මත්තේ දිය නෑම සඳහා ද කිලෝමීටර් දෙකහමාරක් තුනක පමණ සිට ජනතාව පැමිණෙති.
පසුගිය කාලයේ මෙම ප්‍රදේශය නිවාස ගම්මානවල අඩි 40 ක ට ඉහළ ජල ධාරිතාවක් පැවති බවට මේ වනවිට නටබුන්වලින් දැකගැනීමට හැකිය. තවමත් තැන තැන ඇළ මාර්ග ඔස්සේ ජලය පවතින අතර කඳු ගැට, වියළී ගිය ගස් , එකල ජනතාව විවිධ දේ භාවිත කළ කොටස් මතුවී පෙනේ. පැරණි නාඋල මහියංගනය ප්‍රධාන මාර්ගයද, ඇතැම් පාලම් බෝක්කු ද, බුදු මැදුරු, බෝධීන් වහන්සේලා ද දැක ගැනීමට හැකි විය.
තම ගම්බිම් අතහැර ගියද නිසි පහසුකම් ලබා නොදීම නිසා මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා ඇතැම් ජනකොටසක් සුඛ විහරණය ලැබුව ද තවත් කොටසක් අන්ත දුගී භාවයට පත්ව සිටින බවද, එහෙත් තම සිත්තැවුල ප්‍රකාශ කරන්නට අඩුම තරමේ මාධ්‍යකින් හෝ ඉඩක් නොලැබෙන බව ද ඩබ්ලිව්. එම්. එස්. විජේකෝන් (69) මහතා කියා සිටියේය.
මේ වන විට ජලාශයේ ජලය පහළ ප්‍රදේශයේ ගොවිතැන් සඳහා මුදාහැර තිබෙන බවත් අඹන් ගඟේ ජල ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවී ඇති බවත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී එම්. දයානන්ද මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගතුන් රටේ පාලනය බාර ගත්තම මෙහෙම දේවල් වෙනවා. මොරගහකන්දට වතුර පුරවන්න අක්කර දහස් ගානක වන විනාශයක් කළා. ඒවා අපේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් ඔය විනාශ කරපු වනාන්තරයට හරියන්න ජල මුලාශ්‍ර ටික රැකගන්නවත් එක අක්කරයකවත් වන රෝපණයක් කලේ නැහැ. කපන එකයි එලි කරන එකයි විතරමයි කලේ.ඔය මොරගහකන්ද පුරවන්න යාන්තන් හරි වතුර ටිකක් ගෙනාවේ නකල්ස් වලට පින් සිද්ධවෙන්න. අවුරුදු 70ක මේ රටේ දේශපාලනය අසාර්ථකයි. මේ වෙනකන් කරපු කිසිම දෙයකින් ප්‍රතිලාභයක් නැහැ. මහවැලිය කියන්නේ එක්තරා ආකාරයක සුදු අලියෙක් මහවැලියෙන් ඔය කියපු සංවර්ධනයක් මේ රටේ උනානම් හාල්,පොල්,අල,ළුණු ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර මේ රටේ හිග වෙන්නේ කොහොමද?
මේ කාලකන්නි ශතවර්ෂය ගෙවෙනකන් ඔහොම තමයි. කාලකන්නි මිනිස්සු ඉන්නකම් මේ රටට සෙතක් නැහැ. ස්භාවධර්මයා පවා කම්පාවෙලා ඉන්නේ.
මුළු රටම ඉරි තලලා තියෙන්නේ කොන්ද පණ නැති මිනිස්සු ඉන්නකල් ඉරි තලලම තියේවි
කිසිම අත්‍යවශ්‍ය හේතුවක් නැතිව ප්‍රධාන මාර්ගයක් තිබියෙදී විල්පත්තුව මැදින් මුදල් උපයීමේ උවමනාව මත වැසි වනාන්තරය වනසා මහා මාර්ගයක් තනා එම වනාන්තරයේ තිබු සියලු වෘක්ෂලතා සියල්ල කපාවිනාස කර පසුව තවත් කණ්ඩායමකට නිවාස ඉදිකිරීමට රක්ෂිතය ලබාදී අක්කර 2500 වඩා වනාන්තරය විනාශ කල අපේ රටේ නායකයන් සිටින කල රටේ මෙවැනි දුර්භික්ෂයන් මෙටත් වඩා දරුණුවට පැමිණීම අප බලාපොරොත්තු විය යුතුය එන්න එන්නම දේසපලකයන් හා ඔවුන්ගේ පරම්පරාවල උන් මෙන්ම ඔවුන්ගේ හෙන්චයියන් විසින් ලංකාවේ වැසි වනාන්තර නීති විරෝධීව අත්පත් කරගන රටේ ජල පෝෂක පිහිටි බිම්වල සියලු වෘක්ෂලතා කපා දමා හෝටල සහ ඔවුන්ගේ නිජබිම් නිවාස තැනීම යහමින් සිදු වේ තව නොබෝ කලකින් රටේ සියලු ගොවි බිම් විනාස වන අතර බීමට ජල බිදක් නැතිවීම කිසිවෙකුට නතර කල නොහැක වැසි ජලය රදවා ගැනීමට කිසිම ජලාශයක් අලුත්වැඩියා නොකර ලැබෙන ජල බිද පවා මුහුදට යවමින් මේ කරන විනාසය නිසා වර්ෂාවෙන් මස 3 යනවිට සියලු ජලාශ සිදී සතෙකුට බොන්නවත් ජල බිදක්ය නැතිවනු ඇත මේ රට නුදුරේදීම කාන්තර සහිත මුඩු බිමක් වනු නොවනුමානය රටේ මෝඩ ජනතාවට බොරු කියමින් තම ප්‍රතිරුප හදාගන්නා දේසපාලකයන් නිසා රට විනාස වේ
තව අවුරුදු 1000කින් විතර අපේ උන් ඔය නටඹුන් නිදන් හොයන්න හාරයි .
මේ ලඟදි මම දැක්ක වික්ටෝරියා හිඳිලා නටබුන් මතු වෙලා , ඒ වෙලාවේ අවංකවම කඳුළු ආව ඇස දෙකට. මේ වගේ අපරාද කරන්න එපා.( ප්‍රතිලාභ තියෙනවනම් මහවෙලියෙන් හාල්,පොල්,අල,ළුණු ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර මේ රටේ හිග වෙන්නේ කොහොමද? ) සම්පූර්ණ ඇත්ත.මේකෙන් අපිට නම් උනේ අපේ දෙමව්පියන් නෑදයන් ගම්මු ඈත වුන එක විතරයි . සමහර මිනිස්සු ලෙඩ හැදිලා( මැලේරියාව ) මැරිලා ගියා. උපන් දා ඉඳල නොකා නොබී හරි සතුටින් හිටිය ගම අපෙන් ඈත කලා. කවුරු කලත් මේවා දුර දිග නොබලා කරපු අදූරදර්ශී ව්‍යාපාර.
කැලේ කපා හැමෝටම නිවාස හදාගන්න කියලා හැමෝටම අක්කර භාගය බැගින් සහ මුදල් දෙන්න එපා, කරුණාකර රජය මගින් තට්ටු නිවාස ඉදිකරන්න ඉන්පසු නිවාස නොමැති අඩු ආදායම් ලාභී පුද්ගලයන්ට, අඩු කුලියකට එම නිවාස දෙන්න, එම මුදල් වලින් පුළුවන් එම නිවාස ව්‍යාපෘති නඩත්තු කරන්න, දැන් තිබෙන ක්‍රමය අනුව හැමෝම ඉඩම් කැබැල්ල බැගින් ලබාගෙන පසුව විකුණලා දමනවා. බොරුවට කැලේ කපනවා ඉන්පසු වැස්ස නැත .
ජල විදුලියෙන් යැපෙන්න තරම් ප්‍රමාණවත් වැස්සක් ඉදිරියේදී ලැබෙන එකක් නෑ මේ ගස් කපන විදියට. න්‍යෂ්ටික බලාගාරයක් මුහුදේ ඉදි කිරීම තමයි හොඳම විසදුම.
තවත් කඳුකර ජලමුලාශ්‍ර කපන්න. දැන් තියෙන්නේ තව ටිකයි. ඒකත් විනාශ කරල. මේ පාර වෙන බලවේගයකින් හරි එකතුවෙලා මේ ඉන්න 225 ගෙවල් වලට යවන්න ඕනේ. සංවර්ධිත රටවල නායකයින් තමන්ගේ පරිසරය රැකගන්න කරන දේවල් දැක්කහම දුක හිතෙනවා.
උත්සවයක් පවත්වමින් මේක බලන්න ගියොත් පුදුමයක් නොවේ.