IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘මොරගහකන්ද ජලාශයෙන් කන්න තුනක් වගා කරන්න ජලය දෙන්න පුළුවන්‘‘

(ක.ග කරුණාරත්න)

මොරගහකන්ද ජලාශයේ ජල සම්පත ප්‍රයෝජනයට ගනිමින් පරාක්‍රම සමුද්‍රය යටතේ මෙතෙක් වගා කළ කන්න දෙක වෙනුවට මින් ඉදිරියට කන්න තුනක් වගා කිරීම සඳහා ජලය ලබාදීමට හැකියාව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පොළොන්නරුවේදී  ප්‍රකාශ කළේය.

ඒ භාග්‍ය මේ ප්‍රදේශයේ ජනතාවට ලැබී තිබෙන්නේ පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල මොරගහකන්ද ජලාශයේ ජල සම්පත තුළින් බවද ජනාධිපතිවරයා කීය.

ගොවි ජනතාව සූදානම් නම් ඔවුන් ඊට එකඟ නම්, ගොවි සංවිධාන එයට එකඟ නම්, කන්න දෙකක් වගා කරන එක කන්න තුනක් කරන්න කම්මැලිකම් නැතිව මහන්සි වෙන්නට කැමතිනම් ඉංජිනේරුවරුන් හරහා දන්වන්න අවුරුද්දේ කන්න තුනක් වතුර දෙන්න සූදානම් යැයිද ජනාධිපතිවරයා කීවේය.

පොළොන්නරුව, නවනගරය, හතරේ ඇල සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකර සිසු අයිතියට පැවරීමෙන් පසුව පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

    ‘‘මම හිතනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ විට අවුරුදු පතා මුහුණ දුන්න පානීය ජල ප්‍රශ්නය සහ කෘෂිකර්මාන්තයේ ජල ප්‍රශ්නය අවසන් කියලා. මොරගහකන්ද ගැන අවුරුදු 70 ක් විතර මේ රටේ කතා කළා මොරගහකන්ද - කළුගඟ ජලාශයේ ජලය වලින් අද මේ දිස්ත්‍රික්කයේ ජලාශ සියල්ලම පිරිලා තිබෙනවා.

අපිට පරාක්‍රම සමුද්‍රය වගේ හය ගුණයක් ලොකු මහා ජලාශයක් හදන්න පුළුවන්කම ලැබුණේ මේ රටේ විශේෂයෙන්ම දේශීය ඉංජිනේරුවන් නිසයි. මාතෘ භූමියෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කරලා ඒ සශ්‍රීකත්වය තුළ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම වගේම රටක් විදිහට ආර්ථික වශයෙන් හිස ඔසවන්නටයි මේ මහා ජලාශ හැදුවේ.‘‘යැයි ජනාධිපතිවරයා පැවැසීය.



අදහස් (15)

‘‘මොරගහකන්ද ජලාශයෙන් කන්න තුනක් වගා කරන්න ජලය දෙන්න පුළුවන්‘‘

දිමුත් Friday, 29 March 2019 12:56 PM

විදුලිය ජනනය කරන්න වතුර නැද්ද?

:       0       104

Dinesh Kumara Friday, 29 March 2019 01:20 PM

ඉතා හොඳවැඩක් ජනාධිපතිතුමනි...

:       22       15

චමින්ද Saturday, 30 March 2019 12:32 AM

ජනාධිපතිතුමනි, බලාගෙන මේ රටේ ඉහළම තනතුරු දරන්නන් යැයි කියාගන්නා හැමදේටම වර්ජන කරන සංගමේ අය ඉංජිනේරුවරු අගයකලාම වර්ජන කරන්න පුළුවන්..

:       0       1

Sriyal Saturday, 30 March 2019 12:59 AM

කන්න කීයක් වැඩකරත් කෝ අස්වැන්න සාධාරණ මිලකට විකිණීමට වෙළඳ පොළ මිලදී ගැනීම කරන්නේ කුණු කොල්ලයට. ගොවීන්ට හොඳ මිලක් ලැබෙනවිට ඔවුන් වගා කරයි.

:       0       76

Sisili Bisili Saturday, 30 March 2019 03:00 AM

ඒ කන්න තුන වගාකළාම වතුර ඉවර වෙයිද දන්නේ නෑ. මම කිව්වේ කන්න තුනක් වගා කරන්න කියලා විතරයිනේ කියයි. මෙයා එහෙම කෙනානේ.

:       5       93

senarath Saturday, 30 March 2019 03:30 AM

ගොවීන්ට කරන කෙනෙහිලිකම් නිසා ගොවිතැන් කරන මිනිස්සු අඩුවෙලා තියෙන්නේ... කන්න 3 කෙසේවෙතත් 2ක් කරන්නවත් ගොවීන් ආරක්ෂාකර ගන්න වැඩපිළිවෙලක් දැන්ම හදන්න.

:       0       132

kumarage Saturday, 30 March 2019 04:45 AM

කන්න තුන කොහොම වෙතත්, හූරන් කන්න තමයි දැන් රටේ ජනතාවට සිද්ද වෙලා තියෙන්නේ... මෙයාගේ බයිලාවලට රැවටෙන්න එපා..

:       0       132

Chanak Los angeles Saturday, 30 March 2019 06:15 AM

කන්න තුනම වගා කරවලා මොහුගේ සහෝදර මාෆියා සහල් සමාගම මගින් මිල බස්සවා එම අස්වැන්න කුණුකොල්ලයට ගන්න ගහන සැලැස්මක්.. අහුවෙන්න එපා .

:       72       43

Sumith Saturday, 30 March 2019 10:45 AM

ගොවියන් නගාසිටුවීමට කටයුතු කරන්න. අද එළවළු, කුළුබඩු කුණු කොල්ලයට ගිහින්. ගොවි විශ්‍රාම වැටුප මාසෙටම 1200යි. ගොවියා අසරණයි.

:       0       25

banda Saturday, 30 March 2019 01:34 PM

ඔබතුමා ආපු දවසේ ඉඳලාම රටට විහිලු සපයනවා.

:       1       23

Kelum Sunday, 31 March 2019 01:29 AM

ලොස් ඇන්ජලී.... දැන් ඇයි මෙතුමට මඩ ගහන්නේ.... දවසක් ඔයාම කිව්වා නේද?ජනාධිපතිතුමනි ඔබයි ශක්තියේ මිනිසා කියලා..

:       0       95

සුධර්මා ලොස් ඇංජලිස්Monday, 01 April 2019 12:18 AM

මටත් මතකයි කැළුම් පුතේ ඔය චානක ලොස් ඇංජලිස් එහෙම කියනවා. එයා කැපුවත් කොළ ජාතියේ යූ එන් පී කාරයෙක් බව අපි දන්නවා........

:       0       0

Asiri Sunday, 31 March 2019 08:46 AM

අනුරාධපුරේ පැත්තට බොන්න වතුරත් නැහැ. මොරගහකන්ද පුරවන්න බෝවත්තෙන් වතුර යවන නිසා....

:       0       0

rocky Sunday, 31 March 2019 01:49 PM

ජලාශය තව ටිකක් ලොකු කරලා කන්න 6ක් විතර ගොවිතැන් කරමුකෝ...

:       0       1

Rupawathie Monday, 01 April 2019 01:20 PM

පාලකයිනි, කරුණාකරලා අපේ විල්පත්තුව විනාශ කරන එක නවත්වන්න බැරිද? අපේ රටට ආදරය කරන පාලකයෙක් කවදද බිහිවෙන්නේ?...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site