(අජිත්ලාල් ශාන්තඋදය)
තරුණයකුට මරු කැඳවමින් මාරක රිය අනතුරක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිමි නමක් රුපියල් ලක්ෂ 15 ක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා අද (17) නියෝග කළේය.
මෙසේ ඇපමත මුදාහැරුණේ කලවාන පොතුපිටිය මිළිඳුතලාව ආරණ්‍ය සේනාසනයේ ඌරුමීවල කුසලඥාණ නැමැති හිමිනමකි.
කලවාන රත්නපුර ප්‍රධාන පාරේ උඩකරවිට දෙනියකඩේ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා සවස සිදුවූ කැබ්රථ අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබූ අතර තවත් තරුණයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
අනතුරට පත් කැබ් රිය පදවා තිබුණේ සැකකාර හිමිනම විසිනි. එම හිමිනමට රියදුරු බලපත්‍රයක් නැති බව නිවිතිගල පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරණු වාර්තා කර ඇත.
තුවාල ලැබූ සහ මියගිය තරුණයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය පාර අයිනේ නවතා සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.
නිවිතිගල පොලිසිය විසින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විජය තෙන්නකෝන් මහතා හමුවට 14 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු අද (17) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කරනලදී.
ඒ අනුව අද (17) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ නීතීඥ ලලිත් පීරිස් සහ නෙවිල් කරුණාත්න යන මහත්වරු සැකකාර හිමිනමට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 15 ක ශරීර ඇපයක් මත හිමිනම මුදාහැරීමට නියම කළේය.
වැඩිදුර විභාගය 2020 මාර්තු මස 17 දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් සිතන්නේ සංඝයා වහන්සේ කරන කියන සෑම දෙය පිළිගෙන විවේචනය නොකළ යුතු බවයි. මේ මතය කොතෙක් නිවැරදි හා සාධාරණ දැයි සිතිය යුතු බවක් පෙනී යයි. නීතිමය තත්වයන්ද ගැටළුකාරී වී ක්‍රියාත්මක විය නොහැකි තත්වයක්ද ගොඩ නැගී ඇත.
මට දැන් නම් සංසාරේ කලකිරුණා. ඒත් මං ආයෙත් කලපනා කලේ මං කලකිරෙන්න ඕන මොකක් ගැනද කියලයි. සැකකරු ආරණ්‍ය වාසී හිමිනමක්, වීමද? බලපත්‍රයක් නොමැතිවීමද? පාර අයිනේ හිටිය කොල්ලෝ දෙන්නෙක් යට කිරීමද? එක තරුණයෙක් මරණයට පත්වීමද? එහෙම තියෙද්දිත් ඇප දීමද? ඔන්න අහුවුණා. නීතිය නැති එක ගැනයි මං කලකිරිලා තියෙන්නේ.
යකාගේ නීතියක් මේක. අහිංසක මිනිහෙක් අතින් ඔහොම වුණා නම් දවස් 14ක් අැතුලේ... ඊට පස්සෙ තමයි ඉතුරු වැඩකටයුතු වෙන්නේ. හාමුදුරුවො කරපු වැරැද්දට පන්සලෙන් අයින් කරන්න ඕනේ...
පව් උන්නාන්සේ.....ආසාවට ඩ්‍රයිව් කරන්න ගිහින් වෙච්ච දෙයක්.
සසුන වනසන මෙවැනි මුග්ධයන්ට ඇප නොදී අවම වශයෙන් වසර 10 ක්වත් සිරගත කළ යුතුයි. භික්ෂූන් වහන්සේලා රටේ නීතියට අනුගත විය යුතුයි. සිවිල් සමාජය ක්‍රමයෙන් විනයගරුක වෙද්දී ආදර්ශමත් විය යුතුයි. ඒ උදවිය නීති කඩනවානම් නීතියෙන් පමණක් නොව ශාසනික වශයෙන්ද දඬුවම් දිය යුතුයි. එසේ නොමැති වුවහොත් අනාගතයේ සසුන්ගත වන අය මීටත් වඩා වැරදි කරාවි. පන්සල්වල සේවය කරන රියදුරන් බොහොමයක් මාර්ග නීතිරීති ගණන් ගන්නේ නෑ. වැරැද්දක් කරලා පොලිසියෙන් නැවැත්තුවොත් හාමුදුරුවෝ වාහනේ ඉන්න නිසා දඩ ගහන්නේ නෑ. මෙය වෙනස් විය යුතුමයි. කාට උනත් නීතිය සමාන විය යුතුයි.
නියම කුසලයක්නේ කරලා තියෙන්නේ.
බුදු සසුනට අතවත් තියන්න එපා. තියලා පව් සිද්ධ කරගන්නෙ එහෙම නෑ.
අනේ මන්දා නිතිය දුප්පත් අහිංසක මිනිසුන්ට විතරද?
වාහන අනතුරු වලදී අහල ඉවරකරපු නඩු නැවත අහන මේ කාලයේ මෙතරම් වැරද්දක් කරපු කෙනෙකුට කොයි වගේ දඬුවමක්ද දෙන්නේ කියල අපි බලා ගෙන ඉඳිමු.
හිනා යනවා ලංකාවේ නිතිය දැක්කම.
දන්නා පරිදි නම් මිනි මැරීමට ඇප නැහැ. සාමාන්‍යයෙන් පුද්ගල ශරීර හානි වලටත් දින 14ක් අනිවාර්යයි. වැරදුනේ කොහෙද? අනික ආරණ්‍ය සේනාසනයක් කියන්නේ බණ භාවනානුයෝගිව වැඩවසන සිල්වත් භික්කු භික්කුණින් වසන ස්ථානවලට. කැබ් රථ හෝ අනිකුත් සුඛෝපභෝගී වාහන හා භාණ්ඩ ඉක්මනින් නිවන් යන්නද?
සමහර නඩු තීරණ හරි පුදුමයි අපේ හාමුදුරුවනේ !
අයියෝ චීවරය දාගෙන වැරදි වැඩත් කරලා හිරෙනුත් ලක්ෂ 15ක් ගෙවලා නිදහස් වුනේ?
මේක පොදු ජනතාවගේ අතින් වුනා නම් අනිවාර්යයෙන් දවස් 14 කට රිමාන්ඩ් කරනවා. ලයිසන් එකත් නැතුව කොහොමද දන්නේ නැහැ ඇප ලැබුනේ ?
කව්රු කරත් වැරැද්ද වැරැද්ද තමයි. නීතිය සාධාරණ ලෙස ඉටුකළ යුතුයි. චීවරය දාගත්ත පලියට මිනීමරුමකින් බේරෙන්නට බැහැ..
මේක සාදාරන නැහැ. ලයිසන් තිබිල සාමාන්‍ය කෙනෙක්ට මෙහෙම වුණා නම් දවස් 14 හිරේ. ලයිසන් නැති කෙනෙක්ට මෙහෙම වෙලා ඇප ලැබිල. බොහොම වැරදි ආදර්ශයක් දීල තියෙන්නේ.
මේක පුදුම රටක්....
ඕක මුස්ලිම් මනුස්සයෙක් අතින්වුනානම්.?
දැන් දැන් මහන වෙලා ඉන්න හමුරුරුවරු එක එක විදියයි, හරිම අමුතුයි. (සිල්වත් ස්වාමීන්වහන්සේලාට නමස්කාරය).
මිනිහෙක් මරලත් දවස් තුනෙන් ඇප ගන්න පුළුවන් රටක් මේක.