(වසන්ත චන්ද්‍රපාල)
නාවික හමුදාවේ කිමිදුම්කරුවන් අක්කරපත්තුව මිරාඔඩේ කලපුවේ සිදුකරන ලද මෙහෙයුමකදී කලපුව තුළ සඟවා තිබූ භාණ්ඩ තොගයක් අද (10) සොයා ගත් බව අක්කරපත්තුව පොලිසිය කියයි.
අත් බොම්බයක් ,කඩු තුනක්,කිණිසි දෙකක්,තුවක්කු බට දෙකක්,වායු රයිපල් උණ්ඩ 97ක්,සංයුක්ත තැටි හයක්,පරිගනක දත්ත ගබඩාවක්, ජංගම දුරකථන දෙකක් ,දුරදක්නයක් සහ විවිධ වර්ගයේ යතුරු 20 ක් සොයා ගත් භාණ්ඩ අතර තිබූ බව පොලිසිය කීය.
අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් මිරාඔඩේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් සොයා ගෙන ඇති අතර මෙම ස්ථානය අවට තවත් දේවල් ඇති බවට සැක සිති නාවික හමුදාවට දැනුම් දීමෙන් පසුව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මෙම මෙහෙයුම දියත් කරනු ලැබීය.
COMMENTS
අඩේ අප්පා ඔක්කොම අැලවල්, ළිං, ඔයවල්, ගංගා වැනි ජලයේමයි හංගන්නේ... අැළදොලවල් වල ඉන්න මාළු... ගැහැණු අාරක්ෂා කරන්ට වෙන්ටැ එහෙනම්..