( ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු මියන්මාර ගුවන් සේවයේ ගුවන් යානයකින් අද 16 දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මියන්මාර ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් 8එම්.- 611 දරන විශේෂ ගුවන් යානය මියන්මාරයේ , යැන්ග්ගොන් ගුවන් තොටුපළේ සිට අද16 දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමට ලක් කළ අතර , ඔවුන් අතර කොරෝනා ආසාදිත රෝගීන් සිටී දැයි විමසා බැලීමක් ද සිදු කෙරුණි .
පසුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ මගින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කැදවා ගෙන යනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd