IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘‘මම කෑමට ගියාම එස්ටීඑෆ් 700 ක් කඩා වැදුණා‘‘

(මනෝප‍්‍රිය ගුණසේකර)

දිවා ආහාරය සඳහා තමා නිල නිවසට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 700 ක් පමණ ගිනි අවිද රැගෙන බලහත්කාරයෙන් බන්ධනාගරය තුළට ගොස් තිබූ බව විශ‍්‍රාමික සහකාර බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. කුඩාබන්ඩාර මහතා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) සාක්කි දෙමින් පැවසීය.
 
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අටදෙනෙකු සමූහ ඝාතන කිරීමේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අද පැවති නඩු විභාගයේදී ඒ මහතා මේ පවසන ලදී.
 
බන්ධනාගරය තුළදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපය සහ කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර සිරකරුවන් ප‍්‍රකෝප ගන්වා සිටියා මේ හේතුවෙන් සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා එහි තිබූ ගිනි අවි රැගෙන බන්ධනාගාර වහලයට නැඟ තිබුණා යැයි ඒ මහතා සාක්කි දෙමින් වැඩිදුරටත් පැවසීය.
 
‘‘පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් චැපල් වාට්ටුව පරීක්‍ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පති රණවක මහතා පැවසූ විගස ඒක කරන්න එපා යැයි මා කිවේ 1983 වර්ෂයේ සිට බන්ධනාගාරයේ ඇති වූ කැරලි 05 කට මුහුණදී මට තිබූ වසර 39 ක සේවා අත්දැකීම් මත, මා කීවා ඒක කරන්න එපා කියා මොකද යම් සිද්ධියක් වේ යැයි මා තුළ හටගත් දැඩි බිය හේතුවෙන් මා එසේ කීවා යැයි පැවසු වැලිකඩ බන්ධනාගරයේ වැඩබලන ප‍්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ පී. ඩබ්ලිව්. කුඩාබන්ඩාර මහතා අපි සමඟ හිටපු සිරකරුවන්ගෙන් අපිට තර්ජනයක් තිබුණේ නැති බවත් සිරකරුවන් ලඟ තිබු ගිනි අවි සොයා ගැනීමට උදව් කළේ අපි සමඟ හිටපු සිරකරුවන්‘‘ බවත් වැඩිදුරටත් පැවසීය.
 
‘‘සිරකරුවන් අතට පත්ව තිබූ ගිනි අවි 12 ක් විතර අපි සමඟ හිටපු සිරකරුවන් අපිට ගෙනැවිත් දුන් පසු තමා ඒවා පරිගණක අංශයේ කාපට් එක යට හැංගු‘‘ බවද වැලිකඩ බන්ධනාගරයේ වැඩබලන ප‍්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික සහකාර බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. කුඩාබන්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
 
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
 
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.



අදහස් (10)

‘‘මම කෑමට ගියාම එස්ටීඑෆ් 700 ක් කඩා වැදුණා‘‘

සේන Tuesday, 15 October 2019 12:27 PM

බන්ධනාගාරය තුළ සිරකරුවන් හුරතල් කරන වගක් හැඟෙනවා. කාරණා නොදනිමු.

:       379       852

athuraThursday, 17 October 2019 04:46 AM

සේන අරයට අවාසි වගේ නම් මොනවහරි බයිලයක් තියනවා නේද ලියන්න.

:       12       0

රවින් Tuesday, 15 October 2019 01:14 PM

ඔන්න බළලා මල්ලෙන් ඔලුව එලියට දාන්න හදනවා. එකිනෙකාගේ සහයෝගතාවය නොවේද මේ එලියට එන්න හදන්නේ? ඉතින් ඔකේ ඇතුලේ කෙරෙන දුෂණ නතර කරන්න පුලුවන්ද? තම තමන්ට හිතවත් කට්ටිය ගැන නොවේද මේ කියන්න හදන්නේ?

:       20       279

chinthaka Tuesday, 15 October 2019 01:29 PM

අනේ අම්මපා මෙහෙම අයද දඩුවම් කරන තැනක් භාරව දාලා තිබුනේ? අනිත් අතට මෙහෙම සාක්කි දීලා අර කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුව වගේ යුද්දේ සහ පාතාලේ මැඩ පවත්වපු හමුදාපතිවරු (පොන්සේකා හැර) තුන්දෙනාවයි, පොලිස්පතිවයි, ආරක්ෂක ලේකම්වයි මහ උලුගෙදරට දක්කන තැනට තිර නාටකේ ලියලද දන්නේ නැහැ.

:       554       572

dilan Tuesday, 15 October 2019 01:35 PM

ඔන්න දැන් රටේ මහජනතාව වන අපට හිතාගත්ත හැකි නේද මේ ආණ්ඩුව යටතේ ඇයි රටේ අපරාධ සහ මත්ද්‍රව්‍ය අවසන් නොවන්නේ කියලා. තීන්දුව ඔබේ අතේ, 16 දින නිවැරදිව එය ප්‍රකාශ කරන්න

:       939       988

saliya Tuesday, 15 October 2019 02:16 PM

අද නඩු අහන්නේ නැතිව කල් දැමේ. මේ එදා ඔවුන් නීතිය යුක්තිය පසිඳලු හැටි. මේ සියල්ල සාධාරණීකරණය කරන ජනතාවක්. අහෝ! ඉදිරිය අති භයන්කාරය..

:       215       691

රජින්ද Tuesday, 15 October 2019 10:05 PM

මේ බන්ධනාගාර සිද්ධියේදී සාමාන්‍ය පුරවැසියන් වන අපට මෙම සිද්ධිය පහත කරුණු නිසා එතරම්ම වැදගත් සිද්ධියක් බව නොහැගේ. 1. මෙම සිදුවීමෙන් මියගිය කිසිවෙක් අහිංසක හෝ බරපතල ගණයේ වරදක් නොකළ අය නොවීමත් 2. ත්‍රස්ත ක්‍රියා, කුඩු, මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ වලට ලංකාවේ මරණ දණ්ඩනය නොමැතිවීම නිසා ඉහල යන අපරාධ පාලනයට වෙනත් විකල්පයක් නොවීමත් යන කාරණා නිසා අපරාධකරුවන් ඔවුන්කළ අපරාධවල එවැනිම ස්වභාවයට මියයාම ගැන අපට ප්‍රශ්නයක් නොමැත.

:       100       472

mangalaWednesday, 16 October 2019 04:23 PM

ඔබ සමග එකඟයි...

:       2       11

බේලින් Wednesday, 16 October 2019 12:44 AM

සිරකරුවන් සතුව ගිනි අවි 12 ක් තිබුනා ලු. ඒත් කරදරයක් නෑලු. කොහොමද කතාව !

:       84       343

Nuwan Wednesday, 16 October 2019 08:17 AM

එස්ටීඑෆ් එකටත් චෙක් කරන්න දෙන්න බැරි තරම් මොනවද අප්පේ චැපල් වාට්ටුවේ තියෙන්නේ මහත්තයෝ .. අපට නම් හතර හිනා මේවට එස්ටීඑෆ් එක කියන්නේ කුඩු සහ පුපුරන ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය ගව් ගණනක් ඈත ඉදන් වුනත් ඉවකරන්න තරම් පුළුවන් දක්ෂයෝ ඉන්න කොටසක් , ඔවුන්ට සිරකරුවන් පරික්ෂා කිරීම , හංගපු දේවල් සොයාගැනීම කරන්න නොදෙන්නේ ඇයි කියලා සාමාන්‍ය ජනතාව වන අපි හොදට දන්නවා

:       9       109

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site