(අජන්ත කුමාර අගලකඩ)
ජාතික සංහිඳියා කාර්යාලය තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් වුවද එහි සභාපතිනිය ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අමාත්‍යංශ ලේකම්වරයාගෙත් අනුදැනුමකින් තොරව කටයුතු කරන බව ජාතික ඒකබද්ධතා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා අද (27) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඇමැති මනෝ ගනේෂන් මහතා ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම චෝදනාව කර තිබූ බව වාර්තා විය.
සංහිදියා කාර්යාලයේ පසුගිය කාලය පුරාම කටයුතු සිදුව ඇත්තේ තමාගේ හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් අනුව නොවන බවත් එය බරපතල ගැටලුවක් බවත් ඇමැති මනෝ ගනේෂන් මහතා එහිදී සඳහන් කර ඇතැයි ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ කියල එදා දැනගෙන හිටියේ නෑනේ
ඇයි පරණ වයසක ලොකුනෝනාට ගෙදරට වෙලා මලක්, පහනක් පත්තු කරගෙන ඉන්න කියන්න. රට බාගෙට වනසලා ආයෙත් බොරුවට සංහිඳියා කියාගෙන රනිල්ගේ ඔඩොක්කුවේ නිදාගන්න හදන්නේ. මොවුන් අපේ රටට එදා ඉඳන් කරේ හතුරුකම් තමයි. තවමත් එ් අයව නතර කරන පාටක් නැහැ. අපි අසරණයි බුදුහාමුදුරුවනේ..!