(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙනෝ දහසක් බලා සිටියදී අතුරුගිරිය ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහරදී එක් අයකු උස්සා පොළොවේ ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 5දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පිරිස අතර බස්රථ හිමියකුගේ පුතකු සහ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.
ඉකුත් 31 රාත්‍රී අතුරුගිරිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුවී තිබු බව පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු වන බස්රථ හිමිකරුගේ පුතු, අතුරුගිරිය ප්‍රදේශයේ අවන්හලක වෙත ආහාර මිලදී ගැනීම සඳහා පැජරෝ ජීප් රථයකින් පැමිණ තිබිණි. එය වාහන නවතා තබන ස්ථානයේ නැවැත්වීමට ඉඩකඩ මදි වීම පිළිබඳව එම අවන්හලට පැමිණ වාහනයකින් පැමිණ සිටි පශු වෛද්‍යවරයකු යටතේ සේවය කරන මුදල් අයකැමි වරයෙකු සමග බහින් බස් වීමක් සිදුවී තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව බස්රථ හිමිකරුගේ සැකකාර පුතු විසින් දුරකථන ඇමතුම් දී තවත් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන එම පුද්ගලයාට පහරදී උස්සා පොළොවේ ගසා ඇත. නැවතත් පිරිස සමග වටකර පහර දෙමින් සිටියදී එය සැළ වී තිබූ පශු වෛද්‍යවරයා එහි පැමිණ තිබිණි. ඔහු එය සමථයට පත් කිරීමට උත්සහ කිරීමේදී එම පිරිස වෛද්‍යවරයාට සහ කළමනාකරුවකුට පහරදී තිබු බව පොලිසිය කියයි.
COMMENTS
දොස්තර මහත්තයාට තිබුණේ ... ඔය අයට පිස්සු බලු එන්නත විදින්න.
හිතක් පපුවක් නැති පව්කාරයෝ... මේ අය පව් පින් නොදන්න ආගමක් ධර්මයක් නැති අයද? රටට වෙච්ච් දෙයක්...
විනයක් නැති තැන දිව්‍යලෝකය වුණත් විනාශවීම සක්කරයාටවත් වැළැක්විය නොහැකිය. "කායවර්ධන" යන්න "විනයවර්ධන" ලෙස වෙනස්විය යුතු නොවේද? කෙසේ වෙතත් මෙවන් පරයින්ට නිසි දඬුවම් ලැබේවා... මේ අයගේ නම් ගම් ඡායාරූප සහිතව ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද යන්න මහජනතාවට ගැටලුවකි.
මේ වගේ බලු චන්ඩි, දුබලයන්ට ලොකුකම් පෙන්වන වසලයින්ගේ රූප මාධ්‍ය මගින් ප්‍රසිදධ කර මුංගෙ දරුවෙකුටවත් පාරට බහින්න බැරි විදියට පීචං වෙන්න අරින්න.
කලු සල්ලි ලැබෙන කොට ඒ අයගේ පුත්තු හිතන්නේ ඒ අය හරි වීරයෝ කියලා...
මේ මැරයන්ට අනිවාර්යයෙන්ම දේශපාලන හයියක් ඇති.
මේ අයව නාලිකා කාරයෙකුට බාර දුන්නා නම් මල්ලව පොර වැඩසටහනක් හදනවා. අපි හින්දි චිත්‍රපටිවලට සිංහල හඬ කවලා නරලෝ හොල්මන් පෙන්වනවට වඩා ඒක හොඳයි.
අවජාතකයින් ටිකක් වෙන්න ඇති...
ලංකාව දැන් තිරිසන් සමාජයක් බවට පත්වෙලා ඉවරයි. බලධාරීන්ගේ ඇස් මේ වෙත යොමු වේවා...!!!
තව මදි !!! ඔහොම යන්...!!!
පාර්ලිමේන්තුවට එල්ලුම් ගහට යවන අය මිනීමරුවන්. මිනී මරපු අය,කුඩු විකුණන අය, මාල කඩන අය ඇවිල්ලා රට පාලනය කරනකොට... රට වැසියෝ පාදඩයෝ වෙන එක අමුතුවෙන් කියන්න දෙයක්ද? කායවර්ධනය කර ගත්තාම හරි පොරවල් කියලා හිතාගෙන ඉන්නවා ඇති. පිටිපස්සේ දේශපාලන හයියක් නොතිබ්බොත් .. මේ පොහොට්ටු ආණ්ඩුව නෙමේ එහෙනම්...