(හර්ෂණ තුෂාර සිල්වා)
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක සම අනුග්‍රහාකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව අද (21) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ශ්‍රී ලංකාව ද ඇතුළුව බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තය යන රටවල් එම යෝජනාවේ සම අනුග්‍රහකත්වය දැරීය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් නම් කර ඇති වාර්තාව එලෙස සම්මත විය. සම්මත වූ එම යෝජනාවෙන් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වසර දෙකක් ලබා දී ඇත.
ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත් කරගන්නා ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර 46 වැනි සැසිවාරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිල වාර්තාව පෙරේදා (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කළාය.
COMMENTS
මෙතරම් නිවට රටක ජීවත් වීමට සිදුවීම අප කළ කරුමයකි.
කෝ අර කව්ද කීවා නේද ලංකාව සියල්ල සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඒක නිසා එක්සත් ජාතීන්ගේ කාර්යාල ඕනි නැහැ කියලා. වැඩිය ඕනි නැහැ බලන්න දවසකට මිනි මරණ විදිහ එලිපිට. කී දාහක්ද අපරාද දුෂණ වංචා
බලකාමයෙන් මත්වූ නිවට රැලක් . මේවා මෙතනින් ඉවර වෙන්නේ නැහැ මිතුරනේ. කාලකන්නි ඩයස් පෝරාව විදේශගතව කුලී වැඩ කරමින් වෙසෙන ද්‍රවිඩ ජනතාව රවට්ටමින් ගරා ගන්නා මුදල් වලින් කිව නොහැකි තරම් මහා ධනයක් උපයාගෙන තිබෙනවා. මේවා එකතු කරන නිවටයෝ ඒ සල්ලි වලින් යුරෝපයේ රජසැප විඳිනවා. මම අවුරුදු 35ක් යුරෝපයේ මේවා සක්සුදක් සේ දැකබලා තියෙනවා. මොවුන්ගෙන් එකෙක් වතාවක් ඉන්දියාවෙන් අමු කෙසෙල් ගස් ආනයන කර සුඛෝපභෝගී හෝටලයක සැරසිලි කර එයාගේ දුවකුගේ කොටහළු මගුල පැවැත්තුවා. ද්‍රවිඩ ජනතාවගේ සල්ලිවලට මොනවා හෝ කරලා පෙන්නන්න ඕනේ නිසා කලින් කලට මොකක් හෝ ගල්පැලෙන මුසාවක් වාර්තා කර යුරෝපයේ තුච්ඡ දේශපාලකයින්ට ජරාව කවා අපේ රටට අපහාස කරනවා. අසරණ ද්‍රවිඩයෝ මාස්පතා උපයන මුදලෙන් කප්පම් ගෙවනවා. කප්පම් එකතු කරන්නෝ එම මුදල් යොදවා නගරවල ටැක්සි, ඉන්ධන පිරුම්හල් ආසියාන් කඩ හා මහා පරිමාණයේ ව්‍යාපාර කරනවා. මේ සල්ලිවලට යට වෙලා ජරාව කන තමාගේ නමගම පවා වෙනස් කරගෙන සිටින පාහර සිංහලයෝ පිරිසක්ද මේ කප්පම් කාරයින්ගේ උදව්වෙන් දේශපාලන රැකවරණ ලබාගෙන මේ ද්‍රෝහීන්ට උදවු දෙනවා. අපේ දේශපාලකයෝ දෙමල ඡන්ද ටිකට ජාතිය පාවා දෙනවා.
අපි ලෝකය ඉස්සරහ මොනතම් ගල් කෙප්ප අැද බානවද? අධිකරණයේ ස්වාධීනත්වය, රටේ නීතිය ස්ථාපිත බව, නිල ඇඳුම්ලාගත් කිසිවෙකුත් අපරාධ නොකරන බව, ජාතික සංහිඳියාව නහුතෙටම පවතින බව, ළමයින්ට, ස්ත්‍රීන්ට ආරක්ෂාව පවතින බව. එහෙම කිව්වට කමක් නැහැ කියමුකෝ... අපේ ඇඟ බේරගන්න ඕන හින්දා. නමුත් ඒවා ඇත්ත බවට පත්කරන්න කව්ද වැඩ කරන්නේ? ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ...
රට නිවට නැත. රට කරවන අය නිවටය. එහි ප්‍රතිපල තව පටන්ගත්තෙවත් නැත.
බියවන්න එපා, ඕනනම් ආර්ථික සම්බාදක පනවයි. අපි 1972 -1977 ගෙවපු හැටි හොදට මතකයි, අපි වවමු අපි ඕනෑම දෙයක් හදාගමු අපිම බුක්ති විදමු,
මේවට වගකියන්න ඕනේ රට කාපු පිරිසයි...
නොදකින්. මේ කියන මානව හිමිකම් නෝනලා මහත්තුරු අපේ මාලිගාවේ, අනුරපුරේ, කොළඹ, බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙනකොට කොහේද? දන්නේ නැහැ හිටියේ .......
බෝලෙ ලස්සනට පාස් කරලා අවුරුදු දෙකකට. ලබන සැසිවාරයේ මැතිවරණ අස්සෙ ජිනීවා නිවුස් ඒ තරම් ඇගට ගුන නෑ ආන්ඩුව. ඊලගට එන ආන්ඩුවට තමා පරිප්පුව හම්බ වෙන්නෙ . මරු.
හරිම නෝන්ජල් පාලනයක්... දැන් නම් හිතෙනවා නෙමෙයි පතනවා හැකි ඉක්මනින්ම මෙරට ඉතාමත් දරදඬු පාලනයක් යටතට පත්වේවායි කියලා. ඇස ඇරෙන්නේ එදාටයි.
ලංකාදීපයෙම පළ කරලා තිබුණු ජිනීවා වලදි විදේශ ඇමතිතුමාගෙ කතාව මෙතන බොරුවට කෑගහන කවුරුවත් කියවල නෑ වගේ. 01. දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට එකඟ නෑ. 02. පරීක්ෂණ කරලා වැරදිකරුවන්ට දඩුවම් දෙන්න ලංකාවේ තියෙන ආයතන ප්‍රමාණවත්. 03. ජිනිවා මානව හිමිකම් කාර්යාලයක් ලංකාවට අවශ්‍ය නෑ. 04. ලංකාවට විරුද්ධව එල්ල කරන යුධ අපරාධ චෝදනා බොරු. 05. මුදාහැරිය හැකි ඉඩම් සියල්ලම පාහේ නිදහස් කර අවසන්, ඉතිරි අක්කර 20,000 පමණ ජාතික ආරක්ෂාව නිසා දිගටම හමුදාව භාරයේ තබා ගන්නාවා. ඉතිං මේවායේ රටට අහිතකර දේවල් මොනවාද කියල කියන්න පුළුවන්ද උඩ කෑ ගහන අයට
මෝඩ බමුණන් ඉන්න රටක ජීවත් වෙන්න සිදුවීමත් කණගාටුවට කරුණක්!
තනිව නැගිටින්න පුරුදු විය යුතුය.. මා සේවය කරන වියට්නාම රට කිසිම රටකට හෝ සංවිධානයකට යටත් නැත. අවුරුදු 30කට වැඩි කාලයක් අමෙරිකාවත් සමග දරුණු ලෙස සටන්කර මොවුන් අද ස්වාධීනය.. මෙම රටෙහි ජනාධිපති කෙනෙක් නැත. මොවුන් සියලු දෙනාම බුද්ධාගම අදහන අය, දේශපාලන වේදිකා .. පාර්ලිමේන්තු ගුටි ගහ ගැනිලි කිසි දෙයක් නැත. මෙවන් රටවල් උදාහරණයට ගත යුතුය. මෙම සම්පාදක අපිට හොඳ පාඩමකි. දැන්වත් අපි ගම්මාන මට්ටමින් වෙනත් රටවලින් දේවල් එනකන් බලන් ඉන්නේ නැතුව ස්වාධීන විය යුතුය. අපේ දෙය අපේ රටේ නිෂ්පාදනය කළයුතු කාලය පැමිණ ඇත.
"මේවට වගකියන්න ඕනේ රට කාපු පිරිසයි..." උන් එකිනෙකා රටින් පැන ලොස් ඇන්ජලීස් වල ඩ්‍රයිවර් වැඩ.
වදින තැන් වලට වැදිලා. බමුණෙක් තොප්පිය දමාගෙන...