බිඟුන් මේනක ගමගේ
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන රැලියක් අමතමින් පැවසීය.
ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ මෙම විරෝධතාවට සහභාගී වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට මහා බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නැතැයි ද 1818 දී සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමු බ්‍රිතාන්‍ය අද (11) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක් යැයි ද අවධාරණය කළේය.
2015 දී මංගල සමරවීර ඇමැතිවරයා ජිනීවා හිදී සිදු කළ පාවාදීම මෙවර තිලක් මාරපන ඇමැතිවරයා සිදු කිරීමට උත්සහ දරන්නේ යැයි චෝදනා කළ හෙතෙම මේ සඳහා උල්පන්දම් දෙන්නේ දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා යැයි ද කීය.
ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, එනගලන්තය, ස්කොට්ලන්තය ඇතුළු රටවල් ගණනාවක සිට පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයන් ද මෙහිදී අදහස් දැක් වී යැයි ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා කීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ දුරකථන ඇමතුමක් මගින් ඊට සම්බන්ධ වී යැයි ද ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසයි.
ජිනීවා වලදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරන්නේ අගමැතිද ජනාධිපතිද යන වග පැහැදිලි නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවලියක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නැති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම විරෝධතාකරුවන් අමතා කීවේ යැයි ද ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව ප්‍රතික්ෂේප කරති
sarath Monday, 11 March 2019 10:52 AM
තිලක් මාරපන 2003-2005 ආණ්ඩුවේදීත් රට පාවලා දුන්නු කරුමක්කාරයෙක්... කිසිම කොන්දක් නැති ගොබ්බයෙක්.
Wasantha Monday, 11 March 2019 12:52 PM
1818 දී සිංහල තරුණ, තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමූ බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරියගේ අවධානයට යොමු විය යුතුයි.