IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව නැවත විමසා බලනවා’

(හර්ෂණ තුෂාර සිල්වා)

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව නැවත විමසා බලන බව  විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පැවැසීය.

එමෙන්ම පසුගිය කාලයේදී මතභේදයට තුඩු දුන් සෑම ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය යනාදි විදෙස් ගිවිසුම් සියල්ල නැවත විමසා බලන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුණවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.

ඉකුත් සමයේදී මතභේදයට තුඩුදුන් සියලු ගිවිසුම් නැවත විමසා බලන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය හරහා එම කටයුතු කරන බවත් ගුණවර්ධන මහතා කීවේය. විවිධ අංශ ආවරණය වන අයුරින් ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ සියල්ල සම්පූර්ණයෙන් නැවත විමසා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණ ගන්නා බවත් හෙතෙම කීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස ඊට අදාළ සියලු සහයෝගය දෙන බවත් එහිදි අදාළ ගිවිසුම්වල හොඳ නරක, මහජන මතය, රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සිටි නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ අදහස් ද විමසා බලා අදාළ පහසුකම් සපයන බවත් ගුණවර්ධනය මහතා පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස නැති වී ගිය ජාත්‍යන්තර විශ්වාසය නැවත ස්ථාපිත කිරීමට ප්‍රමුඛත්වය දෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් සෞභාග්‍යය උදා කිරීමට ප්‍රමුඛත්වය දෙන බවත් හෙතෙම කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් රටවල්, ආණ්ඩු, ජාත්‍යන්තර සංවිධානය සමඟ සුහදව සහ මිත්‍රශීලිව කටයුතු කරන බවත් ඔහු කීවේය.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ද මූලිකත්වය දෙන බව ගුණවර්ධන මහතා පැවැසීය.

ඊට අමතරව දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කර රටේ සංවර්ධන මාවතට ගෙන යෑම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දිය හැකි උපරිම සහයෝගය දෙන බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (11)

‘මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව නැවත විමසා බලනවා’

Nimal Monday, 25 November 2019 02:18 PM

"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් රටවල්, ආණ්ඩු, ජාත්‍යන්තර සංවිධානය සමඟ සුහදව සහ මිත්‍රශීලිව කටයුතු කරන බවත් ඔහු කීවේය". අපි එය අගේ කරනවා. ලොකයේ සියලුම රටවල් සමග සමගියෙන් සහයෝගයෙන් කටයුතු කිරීම අපේ රටට වැඩදායක වෙනවා.

:       65       177

Voter Monday, 25 November 2019 02:43 PM

ඔය බම්බු නොබැඳි රටක් කියන මගුල් ප්‍රතිපත්තිය නිසයි අපේ රටට කෙළවුණේ.. 60 දශකයේ ඉඳලා ඇමරිකන් හිතවාදීන් විදිහට හිටියා නම්, අද අපේ රට ජපානය හා සම සංවර්ධිත රටක්, 70 දශකයේ ආසියාන් සංගමයට බැඳෙන්න ආරාධනා ලැබුණම ඔය බම්බු ප්‍රතිපත්ති නිසා ඒවා අත්හැරිය, ජපානය, දකුණු කොරියාව විතරක් නොවේ.. ඒ ආයෝජන වැඩියෙන් ලැබෙන්නේ ඔවුන් හා වඩාත් හිතවත් රටවලට, එ්ත් අපේ මෝඩ හැත්තට ඒවා තේරුනේ නැත්තේ ඇයි?

:       521       482

arunaTuesday, 26 November 2019 08:58 AM

ලෝක ප්‍රවණතා පිළිබද ප්‍රයෝගික වැදගත් අදහසක්.

:       0       0

විජිත් Monday, 25 November 2019 02:58 PM

ඔව් ඔව් එ්කට mcc අත්සන් කරන්න ඕනෑ. එහෙම නේද...? අනේ මේ නාකි දේශපාලන ඔස්තාර්ලාගේ දේවල් අහන ගෝත්‍රිකයින් තවමත් මේ රටේ ඉන්නවනේ. මොනවාටද ඇමෙරිකාව..? ඔයිට වැඩිය හොඳ දෙයක් නොවෙයිද රොහාන් පල්ලෙවත්ත කිව්වේ...?

:       436       443

susanthaMonday, 25 November 2019 04:27 PM

විජිත්, එක දවසෙන් ණය ගෙවන්නද? ඔය වගේ සුරඟන කතා වලට අහුවෙන විකල්ප මතදාරියොත් ඉන්න එකනේ පුදුමේ. වාසනාවකට වැඩිය නෑ.

:       171       211

samitha - ukMonday, 25 November 2019 08:07 PM

ඔව්, ඒ සඳහා දෙමල කණ්ඩායම් සහයෝගය පලකල යුතුයි. එහෙම නැතිව ඒවා අයින් කරගන්න දෙමල ඩයස්පෝරාව ඉඩදෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. බොරු කියලා කියලා ඉවර නැහැ.

:       86       35

vidya Monday, 25 November 2019 06:23 PM

ඔය අදහක් ක්‍රියාත්මක කරන්න බලන්නකෝ

:       0       1

Champa Monday, 25 November 2019 06:59 PM

වෙළඳ ප්‍රතිපත්තියයි විදේශ ප්‍රතිපත්තියයි දෙකක්. ඔය දෙක පටලව ගන්න එපා. අපිට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය අපේ රටට එරෙහි බොහෝ අසාධාරණ චෝදනා තියෙන නිසා. අපේ රටේ ආයෝජන වලට ඉඩ දුන්නා කියලා ඒ රටවල් අපට එරෙහි චෝදනා වලදී අපේ රටට සහයෝගය දෙන්නේ නැහැ. ඒ අවස්ථා වල අපට වැදගත් වෙන්නේ නොබැඳි සංවිධානයට අයත් රටවල් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානයට අයත් රටවල්. ඒ ඇරුනහම කලින් අපි චීනය සමඟ හොඳ විදේශ ප්‍රතිපත්තියක් සහ දීර්ඝ කාලින මිත්‍රත්වයක් තිබ්බ හින්ද චීනය අපිට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්න වලදී සහයෝගය දුන්නා. එහෙම කලේ වෙළඳ ගනුදෙනු බලාගෙන නෙමෙයි. අපේ රටේ විශාල පරිමාණයේ රුසියානු ආයෝජන නැහැ. නමුත් රුසියාවත් ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා වලදී අපේ රටට සහයෝගය දුන්නා. හේතුව අපි මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් රුසියාව එක්ක තිබ්බ නිසා. නමුත් අපි ඉන්දියාව එක්ක කොච්චර හොඳට හිටියත් ඔවුන් මානව හිමිකම් ප්‍රශ්න වලදී අපිට සහයෝගය දුන්නේ නැහැ. අනිත් එක ඇමරිකන් ඩොලර් මිලියන් 450ක් දෙන MCC වගේ ගිවිසුම් අත්සන් නොකළ යුත්තේ අපේ ස්වෛරීභාවය නැති වෙන හින්දා විතරක් නෙමෙයි, එක රටක් හින්ද අපිට අනිත් බොහෝ රටවල් නැති වෙන හින්දා.

:       129       245

MaheeTuesday, 26 November 2019 03:43 AM

ඔබ කියනවා, "වෙළඳ ප්‍රතිපත්තියයි විදේශ ප්‍රතිපත්තියයි දෙකක්, පටලව ගන්න එපා' කියලා, මහත්තයෝ ඒක වචනයෙන් නම් දෙකක් තමයි. ඒ වුනාට ක්‍රියාවට එනකොට ඔය දෙක හොඳට පැටලෙනවා. කිසියම් රටක් තව රටකට උදවු කරන්නේ ඒරටින් තමන්ගේ රටට ආර්ථික වාසි තිබෙනවා නම් පමණයි. විදේශ ප්‍රතිපත්ති හදාගන්නෙත් ආර්ථිකය ප්‍රමුඛස්තානයේ තියාගෙනයි. බෝධිසත්ව රටවල් මේ ලෝකේ නැහැ. කොහොම හරි දිනේෂ් විද්වතුන්ගෙන් අහල මේ වැඩේ කරන එක හොඳයි, නැත්නම් අපේ රටයි අමාරුවේ වැටෙන්නේ.

:       2       26

aruna Tuesday, 26 November 2019 02:28 AM

නොබැදි හුදු වචනයට පමණයි. ලෝකයේ කිසිම රටක මෙම පිළිවෙත නැහැ.

:       11       7

kamal Tuesday, 26 November 2019 10:22 AM

පළවැනි ඇන ගැනීම. තව කීයක් වෙයිද. අපි ගනම් තියන්නම්. ඔහොම යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30177 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12269 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10899 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 770 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 235 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site