රොමේෂ් මධුෂංඛ
මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවත් අද (8) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවත් කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනීවලේ කැනීම් අද (8) 126 වැනි දිනට සිදු කෙරෙන අතර මේ දක්වා හමු වූ සිරුරු 288 න් සිරුරු 178 ක් වෙන් කර මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කර ඇති බවට වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කීය.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිනීවල පිහිටා ඇති අතර එහිදී දෙවැනි වතාටත් සමූහ මිනීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු අරඹා ඇත.
මේ අතර සමූහ මිණීවලේ මිනිස් ඇටසැකිලි එකපිට එක පිහිටන සේ සිරුරු හමුවීම මිනීවලේ කැනීම් කටයුතු ආරම්භක අවස්ථාවේ සිට හමු වූ බවටත් සිරුරුවල සාම්පල මේ මස අවසන් වීමට පෙර ඇමෙරිකාවේ ෆොරීඩාහි පිහිටා ඇති රසායනාගාරය වෙතට රැගෙන යාමට සූදානමක් ඇති බවටත් ඇමෙරිකාවට රැගෙන යාමෙන් පසුව සති දෙකක කාලයක් පුරාවට පරික්ෂණ සිදුකර වාර්තාව ලබා ගැනීමට පියවර ගෙන ඇති බවටද විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබිණි.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මිනීවල පුළුල් කිරිමෙන් හමුවූ සිරුරු 288 දක්වා ඉහළට