IMG-LOGO

‘‘මිනිපේ සිංහයා‘‘ හිටපු ජනපති මහින්ද හමුවෙයි

(ශාන්ත රත්නායක)

2017 වසරේ දකුණු කොරියාවේ ගුන්චි ප්‍රදේශයේ නිවසක ඇතිවු ගින්නකින් වයස අවුරුදු 90ක කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත්  මිනිපේ, හසලක නිමලසිරි බණ්ඩාර මහතා අද (8) හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මුණ ගැසීය.

නිමලසිරි බණ්ඩාර මහතා විසින් කරන ලද මෙම වීරක්‍රියාවට කළගුණ සැලකීමක් ලෙස කොරියානු රජය විසින් ඔහුට කොරියාවේ පුරවැසිභාවය ලබාදී ඇත. විදේශීයකුට කොරියානු රජය විසින් පුරවැසිභාවය ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයවේ.

මෙම අවස්ථාවට කොහුවල ධාතුමලු විහාරාධිපති පිටිගල සෝනුත්තර නායකස්වාමීන් වහන්සේ, වට්ටාරම රජමහා විහාරාධිපති වෑවල සමිත ස්වාමීන් වහන්සේ,මිනිපේ විජිත හිමි, දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති කටුවන විජිතවංස හිමි, ශ්‍රී ලංකාරාම විහාරයේ දායක සභාවේ සභාපති කොරියානු ජාතික බියුන් ගු හු මහතා සහ ජර්මනියේ මියුනිච් විහාරවාසී කන්තිමහර විපස්සි හිමි සහභාගී වුහ.

 



අදහස් (7)

‘‘මිනිපේ සිංහයා‘‘ හිටපු ජනපති මහින්ද හමුවෙයි

Nihal Tuesday, 08 January 2019 02:27 PM

රටට විශාල ගෞරවයක්

:       0       0

chathuri Tuesday, 08 January 2019 05:16 PM

අනේ අම්මපා... මගේ තුන්දෙනාට මොනවයින් අඩුවක්ද? කෙනෙකුට බැරිවුණානේ... එක කොළ කෑල්ලක්වත් ගෙදරට අරන් එන්න. මම දුන්නේ නැතිනම්... ඒ සහතිකෙත් නැහැ. මගේ කරුමේ...

:       0       0

BamunuarachchiFriday, 11 January 2019 11:44 AM

ඔබේ දරුවන්ට බැරි වුණාට මේ තාත්තා පලිද?

:       0       0

Bamunuarachchi Tuesday, 08 January 2019 11:38 PM

සිංහයෝ කොහොමත් රංචු ගැසෙන්නේ සිංහයින් සමගයි. එ් නිසා මිනිපේ සිංහයා මහින්ද රාජපක්ෂ හමුවීම පුදුමයක් නොවේ. මිනිපේ සිංහයා එජාපය සමග රංචු ගැසුණා නම් එය පුදුමයකි.

:       0       1

saman Wednesday, 09 January 2019 03:23 AM

වීරයෙක් ලංකාවට අහිමි උනාද ?

:       0       0

සුරංග Wednesday, 09 January 2019 04:37 AM

මේවා ප්‍රවෘත්ති ද? ගල් යුගයෙ ජීවත් වෙන අයට හොඳයි.

:       127       78

vipula Wednesday, 09 January 2019 06:53 AM

රට ගල් වෙලා තිබුණ යුගය හමාර කලේ මෙතුමයි...... ඒ ගල්යුගය 2009 ඉවර වුණා.

:       43       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site