(අනීෂා මානගේ)
“මනාප ඡන්ද ක්‍රමය මිනිසුන්ට දැන් තිත්තවෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම, ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා” යැයි විදුලිබල සහ බලශක්ති, ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(05) අඟුණකොළපැලැස්සේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
“පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ 225ටම බෝම්බ ගහන්න කියපු යුගයක් තිබුණා. එයට හේතුව ඒ පාර්ලිමේන්තුවේ සමහර අය එතනෝල්වලට සම්බන්ධ අය, සූදුවලට ජාවාරම්වලට, පාතාලයට චන්ඩිකම්වලට හුරුවුණ අය සහ අශීලාචාර විදියට හැසිරුණ අය දැක්ක නිසායි එහෙම කිව්වේ. පාර්ලිමේන්තුවට යවන්නේ ගහගන්න නෙවෙයි. එහෙම අය යැවීමෙන් රටට හොඳක් වෙන්නේ නැහැ.
මගේ දේශපාලනයේ කිසි කෙනෙකුට විවේචන නැහැ. මම ඉන්න කිසිම දේශපාලන වේදිකාවක තවත් අපේක්ෂකයෙක්ට ඡන්දෙ දෙන්න එපා, එයා හොඳ නැහැ, එයාව සුදුසු නැහැ කියන්නේ නැහැ. මනාප ඡන්ද ක්‍රමය මිනිස්සුන්ට දැන් තිත්ත වෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා. අපිටත් විවිධ දේවල් කියනවා. මම ඒ අයට කියන්නේ ‘පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ’ කියලා. මම ඒවා සාවධානව අහගෙන ඉඳලා අවශ්‍ය වේලාවට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවා. එක එක්කෙනාට උත්තර දෙන්න යන්නේ නැහැ. චරිත ඝාතන, මඩ, අපහාස කිරීම් දේශපාලනය නෙවෙයි. උගත් බුද්ධිමත් අයගේ ඡන්දය තර්ජනය කරලා රවටලා ගන්න බැහැ. අපි මේ සියල්ලන්ගෙන්ම බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය මහත්තයාට තුනෙන් දෙකේ බලය ලබා දෙන්නයි” යැයිද කීවේය.

2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2543
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
“මනාප ඡන්ද ක්‍රමය දැන් මිනිසුන්ට තිත්ත වෙලා”