( රොමේෂ් මධුෂංඛ)
ඉන්දියවෙන් රැගෙන එන ලද රුපියල් මිලියන 27 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 91 ග්‍රෑම් 351ක් මන්නාරම වලෙයිපාඩු මුහුදු තීරයේදී නාවික හමුදාබාරයට බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් විසින් වලෙයිපාඩු මුහුදු සීමාවේදී සෝදිසි සංචාරයක නිරත වන අවස්ථාවේදී සැකකටයුතු වල්ලම් යාත්‍රා දෙකක් තිබී පරික්ෂා කිරීමේදී එහි අතහැර ගොස් තිබූ උර දෙකක කේරල ගංජා කිලෝ 04 ග්‍රෑම් 395 ක් තිබී සොයාගනු ලැබීය.
අනතුරුව ජාවාරම් කරුවන් පලා ගිය කැලෑබද ප්‍රදේශය පරික්ෂා කිරීමේදී කැලෑවේ අතහැර දමා ගොස් තිබූ පාර්සල් 36 ක කේරල ගංජා කිලෝ 86 ග්‍රෑම් 959 ක්ද තිබී සොයාගනු ලැබූ අතර කේරල ගංජා රැගෙන එනු බවට සැකකෙරුනු වල්ලම් යාත්‍රා දෙකද නාවික හමුදා භාරයට ගනු ලැබීය.
මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන කේරල ගංජා පවත්නා නිරෝධායන නීති අනුව ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd