IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මන්නාරම අස්ථි කොටස් 1499-1719 කාලයට අයත්


සිතුම් චතුරංග
 
මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719  කාලයට අයත් බවට  අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යයි.

බීටා ඇනලටික් ආයතනයෙන් එවා තිබූ කාබන් කාල නිර්ණය වාර්තා මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා  මහතා අද (7) නියෝග කළේය.
 
මහේස්ත්‍රාත්වරයා ඒ බව දැනුම් දුන්නේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මන්නාරම සමූහ මිනීවලේ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදීය.
 
අස්ථි සාම්පල හයක් ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලද්දේ පසුගිය ජනවාරි මස 26 වැනි දා ය.

 

 



අදහස් (20)

මන්නාරම අස්ථි කොටස් 1499-1719 කාලයට අයත්

prabha Thursday, 07 March 2019 09:53 AM

කට්ටිය දත මැදගෙන ජිනිවා යන්න බලන් ඉන්න ඇති

:       0       27

පිටිගල මිලානෝ Thursday, 07 March 2019 09:58 AM

මේක දුටුගැමුණු-එළාර යුද්ධයේදී ඉන්දියාවෙන් පැමිණි සොල්දාදුවන්ව ඝාතනය කර වල දැමීමක්. වල වටේ මළ පෙරේතයන් වගේ හිටිය කලුකෝට් කාරයන්ට දැන් තියෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ට සහ දසමහ යෝධයන්ට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලේට යන්න.

:       0       4

මුණසිංහ Thursday, 07 March 2019 09:59 AM

ඒකත් ඉවරයි.. දැන් මොකද කරන්නේ? මේක බැරිද 2005-2015 අතරෙදියි කියල වෙනස් කර ගන්න?

:       0       38

harimaga Thursday, 07 March 2019 10:03 AM

අපේ හමුදාවට යුධ අපරාධ චෝදනා කරන්න බලන් හිටපු අයට හුලං තමයි දැන්.

:       0       57

Cisco Thursday, 07 March 2019 10:07 AM

ඔන්න එහෙනම් පරංගින්ගේ වැඩ!!! මම දැක්කා අස්ථි බන්දලත් තියෙනවා. දැන් නම් ලොකුවට මානව හිමිකම් ගැන කතාව.

:       0       49

sena Thursday, 07 March 2019 10:13 AM

පෘතුගීසි කාරයෝ කරපු ඝාතන විය හැකිය

:       0       23

sachith Thursday, 07 March 2019 10:18 AM

පරක්කු වෙලා හරි මේක ප්‍රසිද්ධ වුන එක හොදයි. දැන් ඉතින් පුරාවිද්‍යාවෙන් තමයි හොයාගන්න ඕනි මොකක්ද මේ කියලා.. ගොඩක් දුරට පෘතුගීසි බලකොටුවක් වගේ තැනක් වෙන්න පුළුවන්.

:       0       30

රවින් Thursday, 07 March 2019 10:28 AM

එච්චර පරණද? ඩයස්පෝරාවේ කස්ටියනම් කිවේ මේ ඊයේ පෙරේදා කියලා නේද? එන්ජිඔ අයට ගානක් හොයා ගන්න බැරි වෙනවා.

:       0       38

chandika Thursday, 07 March 2019 10:33 AM

පරංගින් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ අල්ලා ගන්නෙත් මේ වකවානුවේදී. මන්නාරම් ප්‍රදේශයේ සිටි විශාල මුස්ලිම් ජනතාවක් සංහාරයට ලක් වෙන්නේ මේ කාලයේදී. මේ අස්ථි කොටස් ඒ අයගේ විය හැකිය.

:       3       27

anura Thursday, 07 March 2019 10:52 AM

අපොයි දැන් අර කට්ටියට ඔය කථාව ඇහිලා හාට් ඇටක් ඇවිදිල්ලා ඔය වලවල් වලට දාලා මිහිදන් කරන්න වේවිද දන්නේ නැහැ.

:       0       70

මහානාම Thursday, 07 March 2019 10:52 AM

යාපනයේ සංකිලි රජතුමා 16වන සියවසේදී මන්නාරමේ කතෝලික භක්තිකයන් 600 දෙනෙකු ඝාතනය කළා - මේ ඔවුන්ගේ මළසිරුරුද? කුඩා ළමුන් පවා ඝාතනය වීම ඛේදජනකයි

:       0       149

anuraThursday, 07 March 2019 11:48 AM

අපි මෙවැනි කථා ලොව පුරා ප්‍රසිද්ධියට පත් කළ යුතුයි.

:       0       20

Sanath Kandy Thursday, 07 March 2019 11:01 AM

එසේනම් මේ පෘතුගීසි පාලන කාලයේ සිදුවූවක්. වැඩිදුර පරීක්ෂණයක් කරලා පෘතුගාලයෙන් වන්දියක් ලබා ගත යුතුයි.

:       5       139

නඩරාජා සුන්දරලිංගම් Thursday, 07 March 2019 11:25 AM

කෙතරම් පැරණි උනත් අපරාධය අපරාධයමයි වගකිවයුත්තන් සොයා නිසි දඬුවම් ලබා දෙන්න

:       74       21

anuraThursday, 07 March 2019 11:54 AM

ඔව් ඔව් ඔය ඔක්කොමල්ලාට දඬුවම් දිය යුතුයි.

:       3       2

Nimal Thursday, 07 March 2019 11:27 AM

කවුරුවත් පගාවක් දීලා නෑ නේද ලැබ් එකට ?

:       134       8

Udara Thursday, 07 March 2019 12:45 PM

සුමන්තිරන් ට හා එන්ජී ඕ කාරයින්ට පාඩුවක් මේ රිපොර්ට් එක ජිනීවා ගිහින් පිනුම් ගහන්න බලන් හිටිය නේ

:       0       12

Janahitha Thursday, 07 March 2019 03:16 PM

අපරාදේ දත් මැදගෙන උන්නේ මෙදා පොටේනම් දෙන්නම් වැඩේ කියලා. දැන් ඉතින් මොකද කරන්නේ?

:       0       12

Chanak Los angeles Thursday, 07 March 2019 10:23 PM

මෙය මෑත කාලයේ සිදුවී ඇති සිද්ධියක අස්ථි කොටස් .

:       222       0

සෙනෙවි Friday, 08 March 2019 06:22 AM

මොහු ඇමරිකාවේ ඉඳගෙන ඇමරිකාවේ පරීක්ෂණයට අපහාස කරනවා. වහාම වීසා අවලංගු කර පිටුවහල් කලයුතුයි .

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site