IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මන්ත්‍රී ලාල්කාන්තට ඇප

බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත නිදහස් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (7) නියම කළේය.

ඉකුත් මාර්තු 1 වැනි දා අනුරාධපුර නගරයේ දී කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක හප්පා අනතුරක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණිනි.

(28535)



අදහස් (8)

මන්ත්‍රී ලාල්කාන්තට ඇප

UAE Sanath Thursday, 07 March 2019 11:36 AM

මේ සිද්ධිය නිසා ඉතා විනයගරුක පක්ෂයක් වූ ජවිපෙ කිර්ති නාමයට හානියක් සිදුවුනත් 1993න් පසු පක්ෂය ගොඩ නැගීම සඳහා ලාල් කාන්ත සහෝදරයා සිදු කළ උදාර කැපකිරීම් සලකා බලා තවදුරටත් ඔහු පක්ෂය තුල රඳවා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබ අතින් එවැනි වරදක් සිදුවී ඇත්නම් අනාගතයේ එය නිවැරදි කර ගැනීමට තරම් බුද්ධියක්, දිරියක් සහ උවමනාවක් ඔබට තිබෙන බව අපි විශ්වාස කරමු. ඉතා දුෂ්කර තත්වයෙන් තුල අනේක දුක් කම්කටොලු විඳිමින් වැඩකරන ජනතාව පක්ෂය තුලට එක්කර ගැනීමට දිවා රැයේ වෙහෙසී වැඩ කළ ඔබ ජයග්‍රහණයේ අරුණළු පෙනෙන මොහොතක අත්හැර දැමීමට නොහැකිය.

:       32       706

LOKKAYAThursday, 07 March 2019 11:54 AM

ජයග්‍රහණයේ අරුනලු පෙන්නේ? හිනා ගස්සලා මරන්න එපා අහිංසක මිනිස්සුන්ව පවු.

:       44       2

RaveendraThursday, 07 March 2019 12:46 PM

UAE Sanath මයා වෙත, ඔබලාගේ ජයග්‍රහණයේ අරුණළු කෙසේ වෙතත් මොහු වරදක් කර පලා නොගොස් පොලිසියට තම රාජකාරිය කිරීමට දැක්වූ සහය පිලිබදව අප ඉතාමත්ම ඉහලින් මෙන්ම නිහතමානිව මොහුගේ ක්‍රියාව අගය කරන්නෙමු. මොහු එසේ නොකර ගත් ක්‍රියාමාර්ගය පිලිබදව අප නැවතත් මොහුට ස්තුති වන්ත වන්නෙමු.

:       0       9

Chanak Los angelesThursday, 07 March 2019 10:43 PM

මෙහේ පොලිසියනම් කරන්නේ බීලා කෙනෙක් යම් අනතුරක් කලොත් ඔහුගෙන් සහය ලබාගන්න එක නොවෙයි ඔහුගේ අත් දෙකට මාංචු දමලා පොලිසිය ඔවුන්ගේ රාජකාරිය ඉටුකරන එකයි. ලංකාවේ ඉතින් හැමදෙයක්ම හරි අමුතුයිනේ ...

:       0       0

Nimal Thursday, 07 March 2019 11:52 AM

ලංකාවේ අනෙකුත් දේශපාලන නායකයයින් විසින් සිදුකරනු ලබන වැරදි ස්ත්‍රී දුෂණ, මාරක රිය අනතුරු, සහ රාජ්‍ය දේපොළ සොරකම් කර ඔවුන්ගේ දේශපාලන බලය නීතියට යටකර පලායන රටක මෙවැනි පක්ෂයක ඔබ වැනි ජනතා නියෝජිතයෙක් යම්තාක් දුරකට හෝ පවතින නීතියට ගරු කරපු එක ආදර්ශයකි .

:       0       0

Rohana Thursday, 07 March 2019 01:02 PM

මෙවැනි වැරදිවලට සමාව දීම වරදක් නැහැ. නමුත් මෙවැනි වැරදි ඉදිරියේදී නොකළ යුතුයි.

:       3       0

Chanak Los angelesThursday, 07 March 2019 10:35 PM

යහපත් කෙනා අනතුරු හිතාමතා කරන්නේ නැහැ. හැබැයි මත්වතුර බීලා රිය පදවන යහපත් පුද්ගලයාගෙන් අනතුරු සිද්ධ වීමට ඉඩකඩ හොඳටම තිබෙනවා. ඒක නිසා ඔබ කියන්න ඕනේ අරක්කු බීලා වාහනය පදවන්න එපා කියලයි .

:       0       0

de silva Friday, 08 March 2019 10:13 AM

පක්ෂේ ප්‍රතිපත්ති කුමක් වුණත් මත්පැන්බිල වහනය ධාවය කරන එක අනුමත කරන්න බැහැ..... බීල ගිහින් අනතුරක් වුණහම දේශපාලකයන් කරන්නේ පැනල ගිහින් වෙන කෙනෙක් ඉදිරිපත් කරන එක , නමුත් ලාල් කාන්ත පොලිසියට එවෙලේම ඉදිරිපත් වුණා..... මෙම අනතුරෙන් ජිවිත හානියක් නැහැ , නමුත් ලාල් කාන්තාව සතියකට වැඩි කාලයක් රිමාන්ඩ් කරලා තිබ්බ , පසුගිය සතියේ කථිකාචාර්යවරයෙක් කොළඹදී මත්පැන් පනයකර තම ජීප් රථය පදවල කල අනතුරකින් පාරේගිය මනුස්සයෙක් මැරිලා , ත්‍රිරෝධ රථ කිහිපයකට අනතුරක් වෙලා තවත් කිහිප දෙනෙකුත් තුවාල වෙලා , නමුත් ඔහුව පැය කිහිපයක් ඇතුලත ඇප පිට මුදා හැරිය , මම දන්නා විදිහට ඔහු එක රාත්‍රියක් වත් ඇත අඩංගුවේ ගතකලේ නැහැ . මේ සිද්ධි දෙක සන්සන්ධනය කරන කොට , මෙතන දේශපාලන පලිගැනීමක් වෙලා තියෙනවා එහෙම නැත්නම් කථිකාචාර්ය වරයාට විශාල බලයක් තිබෙනවා කියල මට සාධාරණ සැකයක් ඇතිවෙනවා ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site