
(නිමල කොඩිතුවක්කු)
මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ දී අද (14) පැවසූහ.
ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නීති අණපනත් සම්මත කරගන්න තැනට නියෝජනයක් ලබා දීම මන්ත්‍රී ධුරය අවශ්‍ය එකම කාරණාව බවත් පැවසූ උන්වහන්සේ මන්ත්‍රීකම අහිමි වුවත් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද සඳහන් කළහ.
රාජගිරියේ සද්ධර්මරාජිකා විහාරස්ථානයේදී පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.
“අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අද රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විවිධ පාර්ශව මාධ්‍ය හමු පවත්වමින් මේ ප්‍රශ්නය ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටිනවා.
බුද්ධ ධර්මය අනුවත් ප්‍රජාතන්ත්‍රවාදය අනුවත් ප්‍රශ්නයක් ඇති උනහම එය විසඳිය යුතු ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කිසිවක් අනුමනය නොකර ඇතැම් පාර්ශව මේ ප්‍රශ්නය විශාල අර්බුදයක් බවට පත් කරලා තියෙනවා.
ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නීති අණපනත් සම්මත කරගන්න තැනට අපේ නියෝජනයක් ලබා දීම තමයි අපිට මේ මන්ත්‍රී ධුරයේ අවශ්‍ය එකම කාරණාව. මේ මන්ත්‍රීකම මොනවා නැති වුණත් හෙට ඉඳලා අපේ වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.
මට මේ මන්ත්‍රීධුරය තිබුණත් එකයි නැතත් එකයි. අපි මන්ත්‍රීධුර තියාගෙන වැඩ කරපු අය නෙමේයි. මන්ත්‍රී ධුර තිබිලා නැති වෙච්ච අයට තමයි දුක වැඩි. මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණවලට යන්නේ නැහැ. අපි ජනතා අධිකරණයට ගිහිල්ලා ජනතාවට ඇත්ත කියනවා. අපි මේ තැනින් දෙවෙනි ඉනිම පටන් ගන්නවා.
මේ ගැටලුව විසදන්නත් මේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවුණු මිනිස්සුන්ට උත්තරයක් දෙන්න කියලත් අපි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. සිංහල උරුමයෙත් කලා වගේ හෙළ උරුමයත් කළා වගේ දැනුත් ඒ දේම කළා. රනිල් වික්‍රමසිංහට වෙච්ච දේ තමයි අන්තිමේදී උන්වහන්සේට වෙන්නෙත්.
තමන්ට පාර්ලිමේන්තු යන්න මේ ව්‍යාපාරය මේ ජනතාව පාවිච්චි කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. රතන හාමුදුරුවෝ දැන් ව්‍යාපාර හදන්න කතා කරනවා. ඉස්සෙල්ලා ලේකම් හාමුදුරුවෝ හොයාගෙන මේ ප්‍රශ්න විසඳල ඉන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. වැඩිහිටිකමට ගරු කරනවා කපටි කමට ගරු කරන්නේ නැහැ කියලා අපි උන්වහන්සේට කියනවා.
මේ ඡන්ද ව්‍යාපාරය හිටපු සියලුම පාර්ශව තමන්ගේ සේනාසනයට කැඳවලා කැමැත්තක් අකමැත්ත වීම විමසලා මේ ප්‍රශ්නය විසදන්න වහාම මැදිහත් වෙන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
සහරාන්ලට අපිව මරන්න බැරි උනාට අපේ උන් අපිව නොමර මරනවා. මේ සියල්ල දෙස අපි ඉවසීමෙන් උපේක්ෂාවෙන් ක්‍රියා කරනවා. මන්ත්‍රී ධුර තිබුණත් නැතත් අපේ ජාතික ව්‍යාපාරය අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම අපි වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේදී කැපකරපු ජනතාවට ස්තූති කරන්නත් මම රට පුරාම යනවා” යැයිද උන්වහන්සේ පැවසූහ.
COMMENTS
මුස්ලිම් අන්තවාදය නැති කරන්න ගිය මුන්නාන්සේට සිංහල අන්තාවාදීන් විසින් සලකන ලදී.. දැන් සැපද..?
ඊයේ පෙරේදා තම කණ්ඩායම ඇතුලේම කරගත්ත නෙයියාඩකම දැක්කම ඔක්කාරෙට එනවා. තව බලයක් දුන්නා නම් එහෙම කොහොම තියෙයිද? අනේ ඔබවහන්සේ සහ කණ්ඩායම එළියේ ඉඳගෙන කරපු නාඩගම් ටිකම තව කරකර ඉන්න... මොකද ඒවා ජාතික මට්ටමකින් තේරුමක් ඇතුව කරන්න රටේ මිනිසුන් විසින් හදලා දුන්න අවස්ථාව මොලේ ඇතුව පාවිච්චි කරන්න නොදන්නා හින්දා එහෙම තමා කටයුතු කරන්න වෙන්නේ... බුදුදහමේ කියාදෙන මමත්වය අත අරින තාක්කල් ඔබවහන්සේලා නිකන් විකටයන් පමණයි.
ඥාණසාර හාමුදුරුවෝ ජාතික ව්‍යාපාරයට ඉමහත් සේවයක් කළ හිමිනමක්... උන්වහන්සේ කියූ සියලු දේ අද ඔප්පුවෙලා තියෙනවා. ඔබ වහන්සේට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා..!
කණගාටුයි.., ඒ වගේම රතන හාමුදුරුවන්ගේ නිකායෙන් මේ ගැන පියවරක් ගැනීමත් අවශ්‍යයි...
අනේ ඉස්සෙල්ලාම ඔබ වහන්සේ බෞද්ධයෙක් හැටියට ජීවත් වෙන්න. අනිත් අයව හදන්න කලින් ඔබවහන්සේ මුහුණු දෙකකින් ඉන්න කෙනෙක්...
බීමත්ව රිය පැදවීම සහ අහිංසක මිනිස්සුන්ට අනතුරු සිදුකිරීම්... තාම මතකයි නේද? ඉතින් ඒ කැපවීම් හොඳටම ඇතිනේ...!!!
පිනට ලැබුණු ආසනයට මරාගන්න හදන අය... මේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්ද?
අර වංචනික ලේකම් හාමුදුරුවෝ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ හාමුදුරුවනේ... ඔය තරම් වංචාවක් කරන්න පුළුවන් නම් බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ. මහාවීරගේ හරි නිගණ්ඨනාතපුත්තගේ හරි ගෝලයෙක් වෙන්න ඇති. ඔබ වහන්සේත් දැන ගන්න එපෑය මිනිස්සු අඳුරගන්න. රතන හාමුදුරුවෝ ගැනත් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. රතන හාමුදුරුවෝ නොදැනුවත්ව මෙහෙම වෙන්න බැහැ. අනික රතන හාමුදුරුවෝ කී පාරක් පැති මාරු කළාද? ඒ හින්දා ඔබ වහන්සේ වෙනම ගමන පටන් ගන්න... දේශපාලන කුණු කූඩ එක්ක නැතුව රටට ආදරේ අවංක මිනිස්සු, අවංක හාමුදුරුවරු එක්ක ගමන අලුතින් පටන් ගන්න. නීතිපති දක්වා මේ කාරණාව යන තැනට සහ නීතිපතිගේ තීන්දුව දක්වා සියල්ල කලින් සැලසුම් කරලා තිබුණු බව පේනවා. ඒජාපයට ලැබුණු සියලු ඡන්ද ඔබ වහන්සේට මිනිස්සු දීපු ඡන්ද... ඒ හින්දා ඔතැනින් අයින් වෙනකොට ඒ ඡන්දත් ඔබ වහන්සේ එක්ක අයින් වෙනවා. ඒ හින්දා අධෛර්යයට පත් වෙන්න එපා. ගමන නවත්තන්නත් එපා.
ඔය සිවුර ගලවල ඕන දෙයක් කරගන්න.. නිකන් සිවුරට සහ ශාසනයට නිගරු කරන්නේ නැතිව...
සියල්ලටම කළින් කිවයුතු දේ භික්ෂුවක් නොකළ යුතුම දේශපාලන කාරණාව කියන්නේ උතුම් බුදුදහමට නිගාවක්. දෙයියන්ගේ නාමයෙන් සිවුර තියලා මොන දේ කරගත්තත් අපට කමක් නැහැ. අපි දණ නමලා වඳින්නේ උතුම් බුද්ධ චීවරයට.. එදා ඉඳලාම කළේ රාජපක්ෂලාගේහෙයියෙන් චණ්ඩිකම්නේ... අද පාර්ලිමේන්තුවට ගියොත් කරන්නේ පරණ පුරුදු රැකියාවමයි.
මේ රටට, සිංහල බෞද්ධ ජනතාවට ඔබ වහන්සේ කරන හොඳම සේවය තමයි කට වහගෙන ඈත කැලේක ආරාමයකට ගිහින් ඉන්න එක...
කාගෙන්වත් සිදුවුණු සේවයක් නැහැ. කතා කළා විතරයි. හලාල් අයින් වුනේ නැහැ. ෂරියා අයින් වුනේ නැහැ. කැම්පස් අයින් වුනේ නැහැ. විවාහ නීති වෙනස් වෙන්නේ නැහැ. ඉඩම් ආක්‍රමණය නවත්වන්න බැරි වුණා. මන් කියන්නේ කවුරුවත් වැඩක් නැහැ.
මමත් සිංහල බෞද්ධ.. කෙටියෙන්ම කීවොත්.. මුන් වහන්සේලා පැවිද්ද ඉල්ලනකොට කියන කර්ම වාක්‍යය මතක් කරගත්තොත් හොඳයි.. උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමට සියලු දුක් නැතිකර ගැනීම සඳහා පැවිද්ද ලබාදෙන ලෙස පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් බැගෑපත්ව ඉල්ලා සිටිමි. මතකද දන්නේ නැහැ මේවා?
ජනතාව වෙනුවෙන් කැපවෙලා අහවර වෙලා තිබුණොත් සංසාරයෙනුත් එතෙර වෙනවා.
අනේ ඔය මාධ්‍ය සංදර්ශන බලලා අපිට එපාවෙලා තියන්නේ ඔයාලා ජාතියට, ආගමට කරන සේවයකුත් නැහැ... ඔබට තියෙන්නේ වෛරය සහ ඊරිසියාවයි...
එහෙම වෙලාද හැබෑටම?
බොහොම හිත රිදිලා වගේ.. අනේ මෙහෙම තණ්හාවක්...
ක්‍රෝධය, වෛරය වපුරවාගෙන කරන කුමන දෙයක් වුවත් එය සිල්වත් භික්ෂුවකට නෙහොබිනේය. දේශය, අාගම, ජාතිය රැකීමට නම් උපැවිදිව කරන්න. මෙවැනි දෙයින් වන්නේ සම්බුද්ධ ශාසනය නිගරුවට පත් කිරීමකි.
අනේ හාමුදුරුවනේ, ජනතාව වෙනුවෙන් නෙවෙයි රාජපක්ෂලා වෙනුවෙන්... අතීතය මතක නැහැ. කෝ මහානායක හිමිවරු කී දෙනෙක් ඉන්නවද මේ රටේ? කවුරුවත් සද්ද නැහැ. උතුම් බුදුදහම කාලා විනාශ කළත් ගාණක් නැහැ.
රටම කොරෝනා වසංගතයෙන් පීඩා විඳපු කාලේ ඔබ වහන්සේ වනගත වෙලාද හිටියේ?
ව්‍යවස්ථා සංශෝධනයේදී ආගමික නම් යෙදූ දේශපාලන පක්ෂ සහ භික්ෂූන්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න.
පොඩ්ඩක් ඉන්න. කලින් ලියනකොට මම ජනබල පක්ෂයේ අලුත් තත්වේ දැනගෙන හිටියේ නැහැ. ඒ හින්දා ඥානසාර හාමුදුරුවෝ මන්ත්‍රී තනතුර එපා කියන්න එපා. මැරයෙක් වෙච්ච පක්ෂ සභාපති තමන්වම නම් කරලා යවල තියෙනවලු ඒ පාර. සිංහලේ හාමුදුරු කෙනෙක්ටත් පහර දීලා තියෙනවලු... ඒ හින්දා ඔහුට කොහොමටවත් පාර්ලිමේන්තු යන්න දෙන්න හොඳ නැහැ. රතන හාමුදුරුවෝ වංක නොවී මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඥාණසාර හාමුදුරුවෝ මේ කුමන්ත්‍රණකරුවන්ට දිනන්න දෙන්න එපා. ජනබල පක්ෂයේ ඡන්ද වලට අයිතිය තියෙන්නේ ඥාණසාර හාමුදුරුවන්ට.. ප්‍රශ්නේ විසඳන්න විකල්ප 2ක් තියෙනවා. (1). වංක ලේකම් සහ මැර සභාපතිට එරෙහිව නඩුවක් දාන එක. (2). ඔවුන්ගෙන් කෙනෙක්ට පාර්ලිමේන්තු යන්න ඇරලා, ඥානසාර හාමුදුරුවෝ සහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ තැනැත්තාව පක්ෂයෙන් ඉවත් කරලා ඒ බව මැකෝට දන්වලා යවන එක. ඊට පස්සේ පක්ෂයට පුළුවන් ඥාණසාර හාමුදුරුවන්ව පාර්ලිමේන්තුවට නම් කරන්න. මේක ලියන්න හිතුවේ අලි සබ්රි විතරක් නෙමෙයි දේශප්‍රේමි කියලා හිතුව සරත් වීරසේකර හරහා පවා රට පාවා දීමේ මෙහෙයුමකට ගෝඨාභය බැසිල් ඇමරිකන් ගැත්තන් දෙන්න සූදානම් වෙන නිසා. සැබෑ දේශප්‍රේමී හාමුදුරුවරු ඥාණසාර හාමුදුරුවන්ගේ සහයෝගයට එන්න ඕනෑ...
ජනතාව ඡන්දෙ දුන්නේ නම් ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්සේ ගැන බලාපොරොත්තු ඇතිව ඒත් අද ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු යන්න හදනවා.
අපේ හාමුදුරුවනේ, ජනතාව රැකගන්න ඊනියා දේශපාලකයෝ අත ඔබ වහන්සේ බුද්ධාගම රැකගැනීමට ශාසනය වෙනුවෙන් අනාගත දරුපරපුර වෙනුවෙන් කැපවෙන්නේ... එවිට බෞද්ධ අපිට ඔබගේ සිල්වත්කම ගැන ප්‍රශ්න පැනනගින්නේ නැත. තමන් සිල්වත් කියාගන්නා ස්වාමීන් වහන්සේලාට ශාසනය රැක ගැනීමට අවශ්‍ය දැඩි තීරණ ගන්නට බැරිය.