(නිමල කොඩිතුවක්කු)
මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ දී අද (14) පැවසූහ.
ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නීති අණපනත් සම්මත කරගන්න තැනට නියෝජනයක් ලබා දීම මන්ත්‍රී ධුරය අවශ්‍ය එකම කාරණාව බවත් පැවසූ උන්වහන්සේ මන්ත්‍රීකම අහිමි වුවත් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද සඳහන් කළහ.
රාජගිරියේ සද්ධර්මරාජිකා විහාරස්ථානයේදී පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.
“අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අද රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විවිධ පාර්ශව මාධ්‍ය හමු පවත්වමින් මේ ප්‍රශ්නය ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටිනවා.
බුද්ධ ධර්මය අනුවත් ප්‍රජාතන්ත්‍රවාදය අනුවත් ප්‍රශ්නයක් ඇති උනහම එය විසඳිය යුතු ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කිසිවක් අනුමනය නොකර ඇතැම් පාර්ශව මේ ප්‍රශ්නය විශාල අර්බුදයක් බවට පත් කරලා තියෙනවා.
ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නීති අණපනත් සම්මත කරගන්න තැනට අපේ නියෝජනයක් ලබා දීම තමයි අපිට මේ මන්ත්‍රී ධුරයේ අවශ්‍ය එකම කාරණාව. මේ මන්ත්‍රීකම මොනවා නැති වුණත් හෙට ඉඳලා අපේ වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.
මට මේ මන්ත්‍රීධුරය තිබුණත් එකයි නැතත් එකයි. අපි මන්ත්‍රීධුර තියාගෙන වැඩ කරපු අය නෙමේයි. මන්ත්‍රී ධුර තිබිලා නැති වෙච්ච අයට තමයි දුක වැඩි. මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණවලට යන්නේ නැහැ. අපි ජනතා අධිකරණයට ගිහිල්ලා ජනතාවට ඇත්ත කියනවා. අපි මේ තැනින් දෙවෙනි ඉනිම පටන් ගන්නවා.
මේ ගැටලුව විසදන්නත් මේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවුණු මිනිස්සුන්ට උත්තරයක් දෙන්න කියලත් අපි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. සිංහල උරුමයෙත් කලා වගේ හෙළ උරුමයත් කළා වගේ දැනුත් ඒ දේම කළා. රනිල් වික්‍රමසිංහට වෙච්ච දේ තමයි අන්තිමේදී උන්වහන්සේට වෙන්නෙත්.
තමන්ට පාර්ලිමේන්තු යන්න මේ ව්‍යාපාරය මේ ජනතාව පාවිච්චි කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. රතන හාමුදුරුවෝ දැන් ව්‍යාපාර හදන්න කතා කරනවා. ඉස්සෙල්ලා ලේකම් හාමුදුරුවෝ හොයාගෙන මේ ප්‍රශ්න විසඳල ඉන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. වැඩිහිටිකමට ගරු කරනවා කපටි කමට ගරු කරන්නේ නැහැ කියලා අපි උන්වහන්සේට කියනවා.
මේ ඡන්ද ව්‍යාපාරය හිටපු සියලුම පාර්ශව තමන්ගේ සේනාසනයට කැඳවලා කැමැත්තක් අකමැත්ත වීම විමසලා මේ ප්‍රශ්නය විසදන්න වහාම මැදිහත් වෙන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
සහරාන්ලට අපිව මරන්න බැරි උනාට අපේ උන් අපිව නොමර මරනවා. මේ සියල්ල දෙස අපි ඉවසීමෙන් උපේක්ෂාවෙන් ක්‍රියා කරනවා. මන්ත්‍රී ධුර තිබුණත් නැතත් අපේ ජාතික ව්‍යාපාරය අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම අපි වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේදී කැපකරපු ජනතාවට ස්තූති කරන්නත් මම රට පුරාම යනවා” යැයිද උන්වහන්සේ පැවසූහ.
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘මන්ත්‍රී ධූර තිබුණත් නැතත් ජනතාව වෙනුවෙන් කැපවෙනවා’
නානා Friday, 14 August 2020 02:14 PM
මුස්ලිම් අන්තවාදය නැති කරන්න ගිය මුන්නාන්සේට සිංහල අන්තාවාදීන් විසින් සලකන ලදී.. දැන් සැපද..?
ABCSaturday, 15 August 2020 02:02 AM
තණ්හාව, අතහැරීම්, ගැටීම් වලින් තොරව බුදුදහම ආරක්ෂා කිරීමට සසුන්ගත්වූ මෙවන් පිරිසක් විනය පිටකයට පවා පිටුපාමින් සිවුරේ ගෞරවය ආරක්ෂාවන පරිදි කටයුතු නොකර බලයට, ආශාවන්ට සහ සුඛවිහරණයට ඇති ගිජුකම මනාවට පෙන්නුම් කරන අවස්ථාවක්. මෙවන් අයගෙන් බණ අසා යන්නේ කොහෙද කියා ඔබලාම තීරණය කරන්න. මහණෙනි, සියලු සත්වයෝම මැරෙන සේක. නොපමාව කුසල් දහම්වල යෙදෙන ලෙස බුදුන් දේශනා කළ නමුත් කුසල් දහම් කිරීම පසෙක දමා දේශපාලනයෙන් පාර්ලිමේන්තුවට වැඩම කිරීමට කරන්නාවූ මෙවන් ක්‍රියාවන් බෞද්ධයන් වන අප අනුමත නොකරමු.
gagana Friday, 14 August 2020 02:18 PM
ඊයේ පෙරේදා තම කණ්ඩායම ඇතුලේම කරගත්ත නෙයියාඩකම දැක්කම ඔක්කාරෙට එනවා. තව බලයක් දුන්නා නම් එහෙම කොහොම තියෙයිද? අනේ ඔබවහන්සේ සහ කණ්ඩායම එළියේ ඉඳගෙන කරපු නාඩගම් ටිකම තව කරකර ඉන්න... මොකද ඒවා ජාතික මට්ටමකින් තේරුමක් ඇතුව කරන්න රටේ මිනිසුන් විසින් හදලා දුන්න අවස්ථාව මොලේ ඇතුව පාවිච්චි කරන්න නොදන්නා හින්දා එහෙම තමා කටයුතු කරන්න වෙන්නේ... බුදුදහමේ කියාදෙන මමත්වය අත අරින තාක්කල් ඔබවහන්සේලා නිකන් විකටයන් පමණයි.
දොන් Saturday, 15 August 2020 07:02 AM
ඥානසාර හිමියන්ට උපදෙස් දෙන අයට කියන්න තියෙන්නේ. ඉතිහාසයෙන් මිගෙට්ටුවත්තේ හාමුදුරුවන්ටත්, ඒස්. මහින්ද හිමි, වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, තොටගමුවේ හාමුදුරුවන් ඉතිහාසෙන් අයින් කරා නම් හරි...
Keppetipola Friday, 14 August 2020 02:46 PM
ඥාණසාර හාමුදුරුවෝ ජාතික ව්‍යාපාරයට ඉමහත් සේවයක් කළ හිමිනමක්... උන්වහන්සේ කියූ සියලු දේ අද ඔප්පුවෙලා තියෙනවා. ඔබ වහන්සේට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා..!
sam Friday, 14 August 2020 03:48 PM
කණගාටුයි.., ඒ වගේම රතන හාමුදුරුවන්ගේ නිකායෙන් මේ ගැන පියවරක් ගැනීමත් අවශ්‍යයි...
Pradeep Friday, 14 August 2020 03:56 PM
අනේ ඉස්සෙල්ලාම ඔබ වහන්සේ බෞද්ධයෙක් හැටියට ජීවත් වෙන්න. අනිත් අයව හදන්න කලින් ඔබවහන්සේ මුහුණු දෙකකින් ඉන්න කෙනෙක්...
JayanthaSaturday, 15 August 2020 05:42 AM
ඥානසාර හිමි නැත්නම් මෙලහකටත් මේ ජාතිය බෝම්බ කාලා, කඩු පාරවල් කාලා මැරිලා ඉවරයි. උන්වහන්සේ ජාතිය වෙනුවෙන් හිරබත් කාලා කරන මෙහෙවරට කෘතවේදී වෙන්න ඕනෑ. අපේ ජන බල පක්ශයේ ප්‍රධාන තේමාව උනේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යවන එක. මේ ජාතික ව්‍යාපාරයත් විනාශ කරන්න විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා.
SankaSaturday, 15 August 2020 06:51 AM
මේ මනාප ඡන්ද වල තියෙන්නේ ඔබ වහන්සේගේ ඡන්දම පමණයි. ඒ නිසා ඔබවහන්සේම මන්ත්‍රී ධුරය ගන්න. රතන හිමි එහාට මෙහාට පැන පැන අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ ඉඳලා කරපු කිසිම දෙයක් නැහැ. ඔබ වහන්සේ පාර්ලිමේන්තු ගියොත් රටට විරුද්ධව ගෙනෙන යෝජනා සියල්ලක්ම පරාජය කළ හැකියි.
ranjaa01 Friday, 14 August 2020 04:07 PM
බීමත්ව රිය පැදවීම සහ අහිංසක මිනිස්සුන්ට අනතුරු සිදුකිරීම්... තාම මතකයි නේද? ඉතින් ඒ කැපවීම් හොඳටම ඇතිනේ...!!!
Roshan Friday, 14 August 2020 05:38 PM
පිනට ලැබුණු ආසනයට මරාගන්න හදන අය... මේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්ද?
Champa Friday, 14 August 2020 07:03 PM
අර වංචනික ලේකම් හාමුදුරුවෝ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ හාමුදුරුවනේ... ඔය තරම් වංචාවක් කරන්න පුළුවන් නම් බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ. මහාවීරගේ හරි නිගණ්ඨනාතපුත්තගේ හරි ගෝලයෙක් වෙන්න ඇති. ඔබ වහන්සේත් දැන ගන්න එපෑය මිනිස්සු අඳුරගන්න. රතන හාමුදුරුවෝ ගැනත් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. රතන හාමුදුරුවෝ නොදැනුවත්ව මෙහෙම වෙන්න බැහැ. අනික රතන හාමුදුරුවෝ කී පාරක් පැති මාරු කළාද? ඒ හින්දා ඔබ වහන්සේ වෙනම ගමන පටන් ගන්න... දේශපාලන කුණු කූඩ එක්ක නැතුව රටට ආදරේ අවංක මිනිස්සු, අවංක හාමුදුරුවරු එක්ක ගමන අලුතින් පටන් ගන්න. නීතිපති දක්වා මේ කාරණාව යන තැනට සහ නීතිපතිගේ තීන්දුව දක්වා සියල්ල කලින් සැලසුම් කරලා තිබුණු බව පේනවා. ඒජාපයට ලැබුණු සියලු ඡන්ද ඔබ වහන්සේට මිනිස්සු දීපු ඡන්ද... ඒ හින්දා ඔතැනින් අයින් වෙනකොට ඒ ඡන්දත් ඔබ වහන්සේ එක්ක අයින් වෙනවා. ඒ හින්දා අධෛර්යයට පත් වෙන්න එපා. ගමන නවත්තන්නත් එපා.
ChampaSaturday, 15 August 2020 01:59 PM
ලැබුණු ඡන්ද සියල්ල මිනිස්සු ඥානසාර හාමුදුරුවන්ට දීපු ඡන්ද...
Ruwan Friday, 14 August 2020 07:48 PM
ඔය සිවුර ගලවල ඕන දෙයක් කරගන්න.. නිකන් සිවුරට සහ ශාසනයට නිගරු කරන්නේ නැතිව...
Buddjika Saturday, 15 August 2020 12:23 AM
සියල්ලටම කළින් කිවයුතු දේ භික්ෂුවක් නොකළ යුතුම දේශපාලන කාරණාව කියන්නේ උතුම් බුදුදහමට නිගාවක්. දෙයියන්ගේ නාමයෙන් සිවුර තියලා මොන දේ කරගත්තත් අපට කමක් නැහැ. අපි දණ නමලා වඳින්නේ උතුම් බුද්ධ චීවරයට.. එදා ඉඳලාම කළේ රාජපක්ෂලාගේහෙයියෙන් චණ්ඩිකම්නේ... අද පාර්ලිමේන්තුවට ගියොත් කරන්නේ පරණ පුරුදු රැකියාවමයි.
Prasad Saturday, 15 August 2020 02:41 AM
මේ රටට, සිංහල බෞද්ධ ජනතාවට ඔබ වහන්සේ කරන හොඳම සේවය තමයි කට වහගෙන ඈත කැලේක ආරාමයකට ගිහින් ඉන්න එක...
banda11Saturday, 15 August 2020 11:23 AM
එතකොට අනුන්ගෙන් කන්නයි. අඳින්නයි. නැහැදිච්චකම් කරන්නයි බැහැනේ...
kalana Saturday, 15 August 2020 04:07 AM
කාගෙන්වත් සිදුවුණු සේවයක් නැහැ. කතා කළා විතරයි. හලාල් අයින් වුනේ නැහැ. ෂරියා අයින් වුනේ නැහැ. කැම්පස් අයින් වුනේ නැහැ. විවාහ නීති වෙනස් වෙන්නේ නැහැ. ඉඩම් ආක්‍රමණය නවත්වන්න බැරි වුණා. මන් කියන්නේ කවුරුවත් වැඩක් නැහැ.
jayanthaSaturday, 15 August 2020 11:08 AM
ඔය කියන අරමුණු ජයග්‍රහණය කරන්න ඕනෑ නම් ජාතියක් විදියට අප එක්ව හඬක් නැගිය යුතුයි. නැතුව මේ භික්ෂූන් වහන්සේලා සහ දේශ හිතෛෂී මිනිසුන් කිහිප දෙනෙකුට පමණක් මෙය කළ නොහැකි බව මතක තබාගන්න.
JAYASEKARA Saturday, 15 August 2020 04:10 AM
මමත් සිංහල බෞද්ධ.. කෙටියෙන්ම කීවොත්.. මුන් වහන්සේලා පැවිද්ද ඉල්ලනකොට කියන කර්ම වාක්‍යය මතක් කරගත්තොත් හොඳයි.. උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමට සියලු දුක් නැතිකර ගැනීම සඳහා පැවිද්ද ලබාදෙන ලෙස පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් බැගෑපත්ව ඉල්ලා සිටිමි. මතකද දන්නේ නැහැ මේවා?
jayanthaSaturday, 15 August 2020 08:02 AM
නිර්වාණය අවබෝධ කිරීමයි, ජාතිය සුරැකීමයි කියන්නේ 2 ක්, බෞද්ධ දර්ශනය සුරැකීමට නම් සිංහල ජාතිය සුරක්ෂිත විය යුතුයි. සිංහල ජාතිය සුරක්ෂිත වීමට නම් ශ්‍රී ලංකාද්වීපය, සිංහල ජාතිය සුරක්ෂිත විය යුතුයි. අදත් මේ රට සුරක්ෂිත වී ඇත්තේ මහා සංඝරත්නය ඇතුලු ජාතියට ලැදි හෙල විරුවන්ගේ උතුම් කැපකිර්‍ර්ම නිසයි. එසේ නොමැතිව කොඳුනාරටි සිඳගත් නිවටුන් සේ සිටියේ නම් මෙලහකටත් මේ ලක් දෙරණටද සිදුවන්නේ මැලේසියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය වැනි රටවලට වූදේ පමණි.
සෙනෙවිරත්න Saturday, 15 August 2020 04:58 PM
අපේ බෞද්ධයින් කියලා වෙනසක් තියෙනවද? ඉඩම් අඟලට මරාගන්න ජාතියක්. මේවාට ස්වාමීන් වහන්සේලා වගකිය යුතුයි. පන්සල් හැදිල්ල, මුට්ටිකාසි එකතුකිරීම, ගුරුකම් හූනියම් කිරීම හැර මේ සංඟයන් මොනවද කරන්නේ..?
kamal Saturday, 15 August 2020 05:25 AM
ජනතාව වෙනුවෙන් කැපවෙලා අහවර වෙලා තිබුණොත් සංසාරයෙනුත් එතෙර වෙනවා.
Ruwani Saturday, 15 August 2020 06:51 AM
අනේ ඔය මාධ්‍ය සංදර්ශන බලලා අපිට එපාවෙලා තියන්නේ ඔයාලා ජාතියට, ආගමට කරන සේවයකුත් නැහැ... ඔබට තියෙන්නේ වෛරය සහ ඊරිසියාවයි...
Badrani Saturday, 15 August 2020 07:44 AM
එහෙම වෙලාද හැබෑටම?
Rata Perata Saturday, 15 August 2020 08:20 AM
බොහොම හිත රිදිලා වගේ.. අනේ මෙහෙම තණ්හාවක්...
Desilva Saturday, 15 August 2020 08:58 AM
ක්‍රෝධය, වෛරය වපුරවාගෙන කරන කුමන දෙයක් වුවත් එය සිල්වත් භික්ෂුවකට නෙහොබිනේය. දේශය, අාගම, ජාතිය රැකීමට නම් උපැවිදිව කරන්න. මෙවැනි දෙයින් වන්නේ සම්බුද්ධ ශාසනය නිගරුවට පත් කිරීමකි.
Buddika Saturday, 15 August 2020 10:43 AM
අනේ හාමුදුරුවනේ, ජනතාව වෙනුවෙන් නෙවෙයි රාජපක්ෂලා වෙනුවෙන්... අතීතය මතක නැහැ. කෝ මහානායක හිමිවරු කී දෙනෙක් ඉන්නවද මේ රටේ? කවුරුවත් සද්ද නැහැ. උතුම් බුදුදහම කාලා විනාශ කළත් ගාණක් නැහැ.
prabha Saturday, 15 August 2020 11:18 AM
රටම කොරෝනා වසංගතයෙන් පීඩා විඳපු කාලේ ඔබ වහන්සේ වනගත වෙලාද හිටියේ?
ගැමුණු Saturday, 15 August 2020 11:59 AM
ව්‍යවස්ථා සංශෝධනයේදී ආගමික නම් යෙදූ දේශපාලන පක්ෂ සහ භික්ෂූන්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න.
Champa Saturday, 15 August 2020 12:56 PM
පොඩ්ඩක් ඉන්න. කලින් ලියනකොට මම ජනබල පක්ෂයේ අලුත් තත්වේ දැනගෙන හිටියේ නැහැ. ඒ හින්දා ඥානසාර හාමුදුරුවෝ මන්ත්‍රී තනතුර එපා කියන්න එපා. මැරයෙක් වෙච්ච පක්ෂ සභාපති තමන්වම නම් කරලා යවල තියෙනවලු ඒ පාර. සිංහලේ හාමුදුරු කෙනෙක්ටත් පහර දීලා තියෙනවලු... ඒ හින්දා ඔහුට කොහොමටවත් පාර්ලිමේන්තු යන්න දෙන්න හොඳ නැහැ. රතන හාමුදුරුවෝ වංක නොවී මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඥාණසාර හාමුදුරුවෝ මේ කුමන්ත්‍රණකරුවන්ට දිනන්න දෙන්න එපා. ජනබල පක්ෂයේ ඡන්ද වලට අයිතිය තියෙන්නේ ඥාණසාර හාමුදුරුවන්ට.. ප්‍රශ්නේ විසඳන්න විකල්ප 2ක් තියෙනවා. (1). වංක ලේකම් සහ මැර සභාපතිට එරෙහිව නඩුවක් දාන එක. (2). ඔවුන්ගෙන් කෙනෙක්ට පාර්ලිමේන්තු යන්න ඇරලා, ඥානසාර හාමුදුරුවෝ සහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ තැනැත්තාව පක්ෂයෙන් ඉවත් කරලා ඒ බව මැකෝට දන්වලා යවන එක. ඊට පස්සේ පක්ෂයට පුළුවන් ඥාණසාර හාමුදුරුවන්ව පාර්ලිමේන්තුවට නම් කරන්න. මේක ලියන්න හිතුවේ අලි සබ්රි විතරක් නෙමෙයි දේශප්‍රේමි කියලා හිතුව සරත් වීරසේකර හරහා පවා රට පාවා දීමේ මෙහෙයුමකට ගෝඨාභය බැසිල් ඇමරිකන් ගැත්තන් දෙන්න සූදානම් වෙන නිසා. සැබෑ දේශප්‍රේමී හාමුදුරුවරු ඥාණසාර හාමුදුරුවන්ගේ සහයෝගයට එන්න ඕනෑ...
සෙනෙවිරත්න Saturday, 15 August 2020 05:01 PM
කුමන්ත්‍රණය මේවා බුද්ධාගමේ මොන සූත්‍රයේද තියෙන්නේ..?
ranjith Sunday, 16 August 2020 12:27 AM
ජනතාව ඡන්දෙ දුන්නේ නම් ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්සේ ගැන බලාපොරොත්තු ඇතිව ඒත් අද ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු යන්න හදනවා.
Bamunuarachchi Sunday, 16 August 2020 03:53 AM
අපේ හාමුදුරුවනේ, ජනතාව රැකගන්න ඊනියා දේශපාලකයෝ අත ඔබ වහන්සේ බුද්ධාගම රැකගැනීමට ශාසනය වෙනුවෙන් අනාගත දරුපරපුර වෙනුවෙන් කැපවෙන්නේ... එවිට බෞද්ධ අපිට ඔබගේ සිල්වත්කම ගැන ප්‍රශ්න පැනනගින්නේ නැත. තමන් සිල්වත් කියාගන්නා ස්වාමීන් වහන්සේලාට ශාසනය රැක ගැනීමට අවශ්‍ය දැඩි තීරණ ගන්නට බැරිය.