(පාලිත ආරියවංශ )
පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධියට සම්බන්ධ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(13) නීතීඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් වී ඇත.
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය ක්‍රියාත්මක කර තිබු අතර අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසියට බාර විය හැකි බවද පොලීසිය ඊයේ (13) දන්වා තිබිණි.
මන්ත්‍රීවරයා මේ වන විට බණ්ඩාරවෙල අධිකරණයේ පෙනී සිටිම සඳහා පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයෙන් යුක්තිය ඉටුවන බවට කිසිම සැකයක් නැහැ. හැරත්, මේ වගේ අය ඇතුළුව අනික් අයටත් යටි උගුරෙන් බෙරිහන් දෙමින් ජනතාව මුලාකරන්නට මාන බලන අයටත් ළඟදීම ජනතා අධිකරණයෙන් කදිම පාඩමක් ඉගෙන ගන්නට ලැබේවි.
ඇප දෙන්න නම් එපා ..... අඩුගානේ සතියක්වත් බන්ධනාගාරගත කරන්න ඕනා.
චමින්ද මන්ත්‍රීතුමාට ජය වේවා .යුක්තිය ඔබ සමගයි .
එජාපෙ නිසා විනාඩි 30 ඇප දුන්නේ නැත්තන් මම කණ කපා ගන්නවා.
දැන් ඉතින් නීතියේ මුර දේවතාවන් ඉන්නවා ඇප අරන් දෙන්න. අපිට නම් ඉතින් ඇපත් නැහැ.