IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මන්ත්‍රී කාවින්දගෙන් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයා  ඉකුත් ඔක්තෝබර්  07 නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි  ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද  ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි  ධීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05)   මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

එසේම අදාළ  ගැසට්  නිවේදනය  අනුව  කටයුතු කිරීම සහ ඉදිරි පියවර ගැනීමෙන්  වගඋත්තරකරුවන්  හෝ ඔවුන්ගේ  නියෝජිතයන්  වළක්වන අතුරු  නියෝගයක් කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාගරික  සංවර්ධන සහ නිවාස ඇමැති  අගමැති  මහින්ද රාජපක්ෂ,  රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර,  වත්තල, මීගමුව,  ජා ඇල  ප්‍රාදේශීය  ලේකම් වරු, නීතිපති වරයැ ඇතුළු  14දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතිඥ  දිමුතු කුරුප්පු ආරච්චි  මගින්  මෙම පෙත්සම් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

පළමු පෙත්සම්කරු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වේ.දෙවන පෙත්සම්කරු වෘත්තීයෙන් ධීවරයෙකු වේ.

මුතුරාජවෙල තෙත්බිම  හෙක්ටයාර 1926කින් සමන්විත  භූමි ප්‍රමාණයකි.මුතුරාජවෙල  මීගමුව  කලපුව ආශ්‍රිත  ප්‍රදේශයේ  පුද්ගලයන්  ලක්ෂ තුනක් පමණ  ජීවත් වන අතර එයින්  පන්දහසක  පමණ  පිරිසක්  එම තෙත් බිම ආශ්‍රිත ව ධීවර,  වගා, ආදී කටයුතු වල නිරතව සිටිති.

එසේම  කතෝලික  දේවස්ථාන  කිහිපයක් ම මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.මෙම  ප්‍රදේශය  රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ ව ජනාධිපතිවරයා විසින්  ඉකුත්  ඔක්තෝබර් මස 07දින  2248/44 දරණ ගැසට්  නිවේදනයක් නිකුත් කළේය

එම ප්‍රදේශය  රැම්සා තෙත් බිමක් ලෙස  සංවර්ධනය කිරීම නිසා එහි පදිංචි කරුවන්ට සිය ජීවනෝපාය මාර්ග මෙන්ම නිවාස සහ ආගමික  සිද්ධස්ථාන  අහිමි වීමකි.

එම සංවර්ධන කටයුතු  නාගරික සංවර්ධන අධිකාරිය ට පැවරීමක් එමගින්  සිදු කර තිබේ. රැම්සා තෙත් බිම්  සංවර්ධනය  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුත්තක් වන අතර එය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නීතිවිරෝධී  වේ.

රැම්සා තෙත් බිමකට කිසිවකු ට ඇතුළු විය නොහැකි  නිසා එම ප්‍රදේශය  පදිංචිකරුවන්ට  එම ප්‍රදේශයෙන්  ඉවත් වීමට සිදු විය හැකි වේ.එබැවින්  එම ගැසට් නිවේදනය නීතිවිරෝධී වේ.

මෙම  සිද්ධිය නිසා    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  12(1),14(1)g, 14(1)hයන  විධිවිධාන මගින් සහතික කර ඇති තමන්ගේ මෙන්ම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ට  ප්‍රකාශයක් කරන ලෙසත්, එසේම අදාළ  ගැසට්  නිවේදනය  අනුව  කටයුතු කිරීම සහ ඉදිරි පියවර ගැනීමෙන්  වගඋත්තරකරුවන්  හෝ ඔවුන්ගේ  නියෝජිතයන්  වළක්වන අතුරු  නියෝගයක් කරන ලෙස  පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

සුදුසු  වන්දි මුදලක්  තමන් ට ලබා දෙන ලෙස ද ඔවුහු සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටිති. 

(ඡායාරූප: නිමල්සිරි එදිරිසිංහ



අදහස් (2)

මන්ත්‍රී කාවින්දගෙන් පෙත්සමක්

sharm warn Friday, 05 November 2021 03:16 PM

රැම්සා තෙත්බිම් කියලා නම්කරපු තැන් විකුණනවා... අහක තියෙන ඒවා රැම්සා කරනවා.. හොඳයි. පොඩි දියුණුවෙන ලක්ෂණයක් තියෙනවා... ඔහොම යන්න. ඇමෙරිකාවටම යන්න ලැබෙයි ඉක්මණටම... ආයෙමත් ගෙවතු පිරිසිදු කර කර ඉන්න බැරියැ...

:       4       5

" ලොස් අන්ජල්ස් වල ලංකාවේ අපි "Friday, 05 November 2021 05:40 PM

ගෙවතු ...? මොන පිස්සුද.. නන්දෙයි බැසිල් මල්ලියි කොට කලිසම් ගහගෙන පැට්‍රොල් ෂෙඩ් වල වැඩකරපු හැටි අපිට අමතක නැහැ. ඊට පස්සේ කාලෙක බැසිල් මල්ලි ෂොප් එකක වැඩ කළා. මේවා බොරු නොවෙයි. දැන් ලංකාව කාලා කාලා මෙහෙට පනින්න මෙහෙ ඉන්න මිනිස්සු ඉඩදේවි කියලා හිතන්න අමාරුයි. ඒ ගොල්ලන්ගේ අවසන් වැඩ කටයුතු ලංකාවේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ අත්වලින්ම සිදුකළ යුතුයි.

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 688 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site