IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මන්ත්‍රී කෑමවේලේ පැටිකිරිය ලබන සතියේ මැතිසබේට

(*** සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුගේ කෑම වේල හා ඊට වැයවන මුදල සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් මැතිසබයට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් මැතිසබයට ඉදිරිපත් කරන්නැයි ආණ්‍ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර මෙම වාර්තාව මැතිසබයට ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුව යැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

මේ අතර මන්ත්‍රීවරයකුගේ කෑම වේලක් සඳහා වැයවන නියම වියදම ගණනය කරන්නැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ආපනශාලා ගිණුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමකට නියෝග කර තිබෙන අතර එම ගණනය කිරීමේ කටයුතු ඊයේ (31) සිට අරඹනු ලැබ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කෑම වේල සම්බන්ධයෙන් පසුගිය දිනවල මැතිසබා රැස්වීම්වලදී ද උණුසුම් කතාබහක් ඇතිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කෑම වේලක් සඳහා වැයවන මුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ගණන් හිලව් ඉදිරිපත් වන හෙයින් ඒ සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යාලේඛන මැතිසබයට වහාම ඉදිරිපත් කරන්නැයි ආණ්‍ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාගෙන් එම රැස්වීම්වලදී ඉල්ලා සිටියහ.

මන්ත්‍රීවරයකුගේ කෑම වේලක් සඳහා රුපියල් තුන්දහසක පමණ මුදලක් වැයවන බවට පාර්ලිමේන්තු නිලධාරියකු පැවැසී යැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ද වාර්තා කර තිබූ අතර එම සමාජ මාධ්‍ය ජාලා වාර්තා නිසා ද මන්ත්‍රී ආහාර වේල සම්බන්ධයෙන් රටේ ලොකු කතාබහක් ඇතිවිය.

පාර්ලිමේන්තුව ලබන 8, 9, 10 හා 11 දිනවල රැස්වීමට නියමිතය.

 



අදහස් (0)

මන්ත්‍රී කෑමවේලේ පැටිකිරිය ලබන සතියේ මැතිසබේට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31377 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13615 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1034 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site