IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නිවසට හොරු පනිති

(තුසිත කුමාර ද සිල්වා)
 
අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.
 
නිවසේ නිදන කාමරයේ ජනේලය බිඳ කාමරයට ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවද, එම ජනේලය බිඳීමට රැගෙන විත් තිබූ උල් යකඩ ආයුධයක් තම බාරයට ගත් බවද පොලිසිය කියයි.
 
මෙම   සිදුවීම වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ කිසිවෙකු නොසිට ඇති අතර, මේ පිළිබඳව මන්ත්‍රීවරයා අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.

වෙල්ගම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙන්නේ කළුවාමෝදර ගංගාව සමීපයේ බවත්, ගංගාව සමීපයේ ආරක්ෂක වැටක් හෝ නොමැති බවත්, නිවසට ඇතුළු වූ පුද්ගලයා ගං ඉවුර හරහා පැමිණියේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරන බවත් පර්යේෂණ පවත්වන නිලධාරීහු කියති.

සොරකම් කළ පිරිස නිවසට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයාගේ ජීවිතයට හානියක් කිරීමටද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

සොරකම සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු, අලුත්ගම පොලිසියේ අපරාධ ස්ථාන, ඇඟිලි සලකුණු සහ පොලිස් සුනඛ ඒකකවල නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.



අදහස් (16)

මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නිවසට හොරු පනිති

Raveendra Sunday, 20 October 2019 08:52 AM

අනේ අපොයි.., අහිංසකයා බැංකු ගානේ රස්තියාදු වෙලා හදාගත්ත පැල්කොටේටත් හොරු පැනලානේ මේ අවස්ථාවේම... අනේ අම්මපා මේ හොරුන්ටත් මේ වෙලාවේම මේ දුප්පත් හාදයාගේ අම්බලම හැර වෙන සුවිසල් මන්දිර තිබුණෙම නැද්ද හැබෑට පනින්න..

:       105       407

Amila Sunday, 20 October 2019 09:00 AM

මාධ්‍යවේදීන් සහ මන්ත්‍රීලා මරපු පවුල් පෙරමුණට ඕවා සිම්පල් වැඩ. අනිවාර්යයෙන්ම මරන්න එන්න ඇත්තේ..

:       860       1021

සුදුබංඩා Sunday, 20 October 2019 09:24 AM

මේක වෙල්ගම ඉන්න ගෙදර නෙවේ. නැත්නම් ජනෙල් වලට ග්‍රීල් ගහලා ආරක්ෂාකාරීව හදනවා. වීදුරුව බිදීමත් රගපෑමක් වෙන්න පුලුවන්.

:       319       212

Anura Sunday, 20 October 2019 09:27 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති හොද කෙනෙක්.

:       29       22

අතුල Sunday, 20 October 2019 09:47 AM

ඔච්චර ආරක්ෂාව පිට තිබ්බ මහ බැංකුවත් මහ දවල් කොල්ලකාපු එකේ මේක ගැන මොනවා කතා කරනවද?

:       3       95

Bishan Sunday, 20 October 2019 09:53 AM

සුදු වෑන් එවපු අයට ඕවත් වැඩද?

:       322       549

rama Sunday, 20 October 2019 09:57 AM

මේ සිදුරෙන් හොරෙකුට රිංගන්න බැහැ නේද?

:       2       73

ThusithaSunday, 20 October 2019 11:29 AM

කුරුල්ලෙක්ට වගේ නම් යන්න පුළුවන් නේද?

:       1       24

RaveendraSunday, 20 October 2019 10:46 PM

අයි කලවැද්දන්ට යස අගේට රිංගන පුළුවන්.

:       1       1

Krishan senarath Sunday, 20 October 2019 10:07 AM

මන්ත්‍රීවරුන්ගේ නිවසටත් පොලිස් ආරක්ෂාව තියෙනවා. එහෙමනම් ඔය ගෙදර මන්ත්‍රිවරයා නිතර සිටින නිවස නම් අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරීන් සිටින්න ඕනේ. ඔය ඔහුගේ නිවාසවලින් එකක් වෙන්න ඕනේ. ඔහු ප්‍රධාන වශයෙන් ඉන්නේ මතුගම නම් ඒ නිවසට තමයි ආරක්ෂාව සපයන්නේ පොලිසිය. එසේ නම් ඔහු රැදි නොසිටින ස්ථානයකට සොරෙක් පැමිණිම යම්දුරකට සාධාරණයි. මොකද සාමාන්‍ය මිනිස්සු ගෙවල්වලින් බැහැරව සිටින විටදිද හොරුන් සොරකම් කරනවා. එත් මන්ත්‍රිවරයා නියත වශයෙන් සිටින නිවසටයි ජිවිතයට හානියක් කරන අයකු පැමිණෙන්නේ. පාළු නිවසකට එවැනි දෙයකට එන්නේ නැහැ. ඒ ගැන සෙවිම සාධාරණයි. මේ අවස්ථාවේදි දේශපාලන වාසි ලබාගන්න එතුමාට විරුද්ධ පාර්ශ්වයට එය බැර කිරිමේ අදහසින් ඡන්දය දිනාගැනිමට නොහැකි පක්ෂයක් හෝ පක්ෂ වලින් එතුමාගේ ජිවිතයට හානියක් සිදුකරන්නත් යම් විටෙක අවස්ථාව තිබෙනවා. ඔය ආව කෙනා හෝ කණ්ඩායම හදුනාගෙන ප්‍රශ්න කර සත්‍ය හෙලි කරගැනිම පොලිසියේ වගකිමයි.

:       1       50

Ruhunu Sunday, 20 October 2019 10:37 AM

අරයා ආවද දන්නේ නැහැ... වෙල්ගම සතුටින්ද ඉන්නේ කියලා බලන්න.

:       1       19

Gamarala Sunday, 20 October 2019 11:17 AM

මට පුදුම හිතෙන්නේ මන්ත්‍රී කෙනෙක් වුණාම ගෙදර කවුරුවත් ඉන්නේ නැතිව වහල දාල යනවා කියන එකයි. ඇත්තටම ඔයාගේ මන්ත්‍රීතුමා ස්ථිරවම පදිංචි ගේද? නැත්නම් එතුමා වත්තට ආවහම විවේක ගන්න මඩුවද? මොකද අපි නම් දින කීපයකට බැහැරකට යනවා නම් අහළ පහළ කෙනෙකුටවත් බලාගන්න කියලනේ යන්නේ....

:       1       8

isuru Sunday, 20 October 2019 01:55 PM

පොහොට්ටුවේ වහල්ලු කරපු වැඩක් කියල හිතන්න පුළුවන්

:       30       15

Gamarala Sunday, 20 October 2019 03:02 PM

මුරකාරයෙක් දැම්මා නම් පොහොට්ටු වහල්ලුන්ට ආඩපාලි කියන්න වෙන්නේ නැහැනේ. ඕක ඇතුලේ ගේමක්. ඔයවගේ අයගේ ගෙවල් හැමතැනම තියනවනේ බඩු නැති වුණාට...

:       1       2

වීරවිජෙ Monday, 21 October 2019 07:19 AM

බුදුඅම්මා‍ේ විදුලි මීටරේකුත් තියනවා. තබ්බයි කියලා ඉතිං බිලක් ග‍ෙවයියැ?

:       1       1

beau Monday, 21 October 2019 09:52 AM

ඔය හොර සල්ලි වලින් හදපු රහසිගත ගෙදරක් අාදායම් බදු දෙපාර්තමේන්තුව දන්නේ නැතුව ඇති...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 242 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site