
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අලුතින් වාහන ගෙවන්නේ නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි .
මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී නැතැයිද ඔහු සඳහන් කරයි.
අදාළ අංශ ණයවර ලිපි විවෘත කළේ ගිලන් රථ ඇතුළු අනෙකුත් වාහන ගෙන්වීම සඳහා යැයි කී අලුත්ගමගේ මහතා කැබිනට් අනුමැතියට පැමිණි වහා මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නැවැත්වූ බවද ප්‍රකාශ කරයි.
කොරෝනා පාලනයවූ කාලයේදී මන්ත්‍රීවරුන් දෙසීය විසි පස් දෙනාට වාහන ගෙන්වීමට කටයුතු කරන්නැයි විවිධ පාර්ශවවලින් කතානායකවරයාට ඉල්ලීම් ලැබුණු බවත් ඊට පසු එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් කැබිනට් මණ්ඩලයට පැමිණි අවස්ථාවේදී අප එය නැවැත්වූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ අනාවරණය කළේය.
අලුත්ගමගේ මහතා මෙසේද කීය.
"කවුරුත් මේ වෙලාවේ විසිල් ගහන්න බල්ටි ගහන අවශ්‍ය නැහැ.මම වගකීමෙන් කියනවා.මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්නේ නැහැ. හරියට මෙයාලා අද මේ කතා කරන්නේ හාබර් එකට ජිප් ටික ඇවිල්ල තියෙන ගාණටයි .තව ජීප් ටික ජපානයෙන් දාලත් නැහැ .ජීප් ටික හදලත් නැහැ .ඒ නිසා කලබල වෙන්න එපා ."
COMMENTS
නුඹ බබා නුඹ අපිට කොකා පෙන්නපු
හොරෙක් ඔබ අමතයි!!.
අනේ මෙයාගේ කට... අර 2011 ලෝක කුසලානය වික්කා කිව්වා වගේ තමයි...
සැප වාහන ගෙන්වන එක කල්දාලා මිස අවලංගු කරලා නෑ කියලයි අපට නම් ආරංචි... මේ ගොල්ලන්ට දොස් කියලා වැඩක් නෑ. මේවගේ අය බලයට පත්කරපු අයටයි තලන්න ඕනෑ...
වාහන ගෙන්වන්නේ මොකටද මහත්තයෝ? අර VEGA එකේ සුපිරි කාර් හදන්නේ. ඔවුන්ට දෙන්නකෝ ඕඩර් එක... හැම රජයේ වාහනයක්ම ඔවුන්ගෙන් ගන්නවකෝ. ඉන්දියාව එහෙම කළා. මෙයාලාට තමයි ලංකාවේ ඉන්න ඕනේ.., ජපානේ කාර් පදින්න ඕනේ.... ලංකාවේ ඉන්නයි, හොරා කන්නයි, විකුණන්නයි විතරයි.
මෙයාද මේ වගකීමෙන් කියන්නේ? හොරුනේ මෙහෙම කරන්නේ..! මසකට රුපියල් 1200 පඩියට ජීවිතය පටන් ගත්තේ...
බොරුවෙන් සහ වචනවලින් හැම දෙයක්ම කරන්න පුළුවන් බොහෝම දක්ෂ ඇමති කෙනෙක්... අපි ලිව්වට ඒවා දාන්නේ නැති නිසා එහෙමවත් කියමු....
හැකර කට...!!!
මෙයා ඇත්තමද කියන්නේ..?
එකපාරක් කිව්වා ඉන්දියාව 100% අපේ පැත්තේ කියලා අන්තිමට අපි වෙනුවෙන් ඡන්දෙ දුන්නේ නැහැ. මානව හිමිකම් රැස්වීමේදි. පොහොර තියෙනවලු... නමුත් ගොවියෝ පාරේ...
අනේ මගේ කට, හොර මෝල...
ඔව් ඔයා බබා....!!!
දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවන් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ... දූෂණය, හොරකම, වංචාව, බොරුව, රැවටීම, කපටිකම් හැරුණුවිට මොනවද දන්නේ..?
ඔබතුමාලා නෙමෙයිනේ අනුමැතිය දුන්නේ.., අපිනේ අනුමැතිය දුන්නේ..